Thursday, September 7, 2017

ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව බව NASA ආයතනය පිළිගනී මෙන්න ලොවම කලැබූ එම හේතුව

- 0 comments
The geoid defines the horizontal - put a ball on this "surface" and it would not roll anywhere even though it appears to have slopes
ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව බව NASA ආයතනය පිළිගනී මෙන්න ලොවම කලැබූ එම හේතුව
Refer :http://news.bbc.co.uk/2/hi/science/nature/8767763.stm
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම  (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. පොලවට කිලෝමීටර 500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.
පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ.
එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ. මෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත.
The geoid defines the horizontal - put a ball on this "surface" and it would not roll anywhere even though it appears to have slopes
මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත.
මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය .
පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ.
ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත.
ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහි ගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත.
ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි .
පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ.
පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය .
විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි.
බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය.
දැන් මා ඔබෙන් පැනයක් අසමි.
පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද?
බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති.
දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද?
ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය.
ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී .
මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය.
එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය.
ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි.
අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.
[Continue reading...]

Monday, January 30, 2017

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා මුල්වරට පෘථිවියේදී නිපදවූ ලෝහමය හයිඩ්‍රජන්

- 0 comments
Indrajith Gamage
Staff Writer
හයිඩ්‍රජන්! ආවර්තිතා වගුවේ මුල්ම මූලද්‍රව්‍යය වන හයිඩ්‍රජන් තමයි මුළු මහත් විශ්වයේම තියෙන සුලභම දේ. මිනිසා ඇතුළුව සියලුම ජීවීන්ගේ ශරීරයේත් වැඩියෙන්ම තියෙන්නේත් හයිඩ්‍රජන්, හැම ජල අංශුවකම හයිඩ්‍රජන් පරමාණු දෙක බැගින් තියෙනවා. අපේ ලෝකයේ සිදු වෙන හැම ක්‍රියාකාරකමකටම වගේ ශක්තිය සපයන අපේ සූර්යයා ඇතුළුව සියලුම තාරකා දීප්තියෙන් බැබලෙන්නේ හයිඩ්‍රජන් පරමාණු අතර සිදු වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නිසා බිහි වන සුවිශාල ශක්ති ප්‍රමාණය නිසයි. කොටින්ම කියනවා නම් රාත්‍රී අහසේ ඇසට පෙනෙන ස්වභාවික වස්තූන් හැම එකකටම එළිය ලැබෙන්නේ හයිඩ්‍රජන් ආශ්‍රිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් විදිහටයි!
ඔබට රෑ අහසේ පෙනෙන ස්වභාවිකව ආලෝකමත් හැම වස්තුවක්ම ඒ සඳහා ශක්තිය ලබාගන්නේ හයිඩ්‍රජන් විලයනය නිසා. මේක ස්‌වයං නිපැයුමක් හෝ පරාවර්තනයක් වෙන්න පුළුවන්. රූපය : auralevis.com
මේ තරම් සුලභ හයිඩ්‍රජන් ගැන අළුතෙන් කතා කරන්න බොහොම වැදගත් අවස්ථාවක් එළඹිලා තියෙනවා. ලෝකයේ මුල්ම වරට ලෝහමය ස්වභාවයකින් හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් සමත් වෙලා. සාමාන්‍යයෙන් තාක්ෂණික ලෝකයේ වැඩි කතා බහකට ලක් නොවෙන අපේ රටටත් මේක බොහොම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්, මොකද මේ සුවිශේෂී අවස්ථාව උදා කර ගන්න පුළුවන් විදිහට පරීක්ෂණය සැලසුම් කෙරුණේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා. ඔහු තමයි ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අධි පීඩිත පදාර්ථ පිළිබඳ විශේෂඥවරයෙකු වන ආචාර්ය රංග ඩයස් මහත්මයා.

හයිඩ්‍රජන් අපිට වැදගත් ඇයි?

සාමාන්‍ය පෙළ රසායන විද්‍යා නිර්දේශය යටතේ වුණත් හයිඩ්‍රජන් ගැන අපි යම් හැදෑරීමක් කරනවා. එක ප්‍රෝටෝනයක් සහ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන හයිඩ්‍රජන් (Hසමස්ථානිකය) තමයි පරමාණුවකට නිර්මාණය වෙන්න පුළුවන් සරලම විදිහ. ඒ නිසාම විශ්වය බිහි වීමේදීත් හයිඩ්‍රජන් තමයි වැඩිපුරම බිහි වුණේ. ඒ වගේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න තියෙන සරලම ක්‍රමයත් හයිඩ්‍රජන් විලයනය කියන දේ. (හයිඩ්‍රජන් විලයනය කියන්නේ හයිඩ්‍රජන් අංශු එකට එකතු වෙලා හීලියම් අංශුවක් නිර්මාණය කරන අතරේ අති විශාල ශක්තියක් පිටකිරීම කියලා සරලව අර්ථ දක්වන්න පුළුවන්.)
සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණු අති විශාල ප්‍රමාණයක් එක තැනකට එකතුවුණොත් ඒවායේ ස්කන්ධය නිසා ඇතිවෙන ගුරුත්වය නිසා එක පොදියකට එකතු වෙනවා. එහෙම වුණාම පීඩනය සහ උෂ්ණත්වය වැඩිවෙලා විලයන ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙනවා. එහිදී ඇතිවන අධික ශක්තිය තමයි තාපය, ආලෝකය සහ වෙනත් විකිරණ විදිහට පිටවෙන්නේ. අපි දැනට හොයාගෙන තියෙන හැම තාරකාවකම ආරම්භය සිදු වුණේ මේ විදිහටයි.
තාරකා විතරක් නෙවෙයි, අපි දකින සියලු ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ ජලය මූලික කරගෙනයි. ජලය බිහි වෙන්නෙත් හයිඩ්‍රජන් වලින්. රූපය : alpha.fdu.edu
නමුත් නිදහස් හයිඩ්‍රජන් පෘථිවිය මතුපිට තියෙන උෂ්ණත්වය සහ පීඩනය යටතේදී වායුවක්. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන හයිඩ්‍රජන් අණු තමයි මේ විදිහට වායුවක් විදිහට පවතින්නේ. නමුත් පීඩනය වැඩි කරලා උෂ්ණත්වය ගොඩාක් අඩු කරාම හයිඩ්‍රජන් ද්‍රවයක් බවට පත්කරන්න හැකියාව තියෙනවා. මේ වැඩේ මුලින්ම කරන්න විද්‍යාඥයන් අතර බොහොම විශාල උනන්දුවක් ඇති වුණා. අවසානයේදී මේ උත්සාහය ජයගත්තේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ඩෙවා(ර්). ඒ 1898 දී. මේ වෙනකොට අභ්‍යාවකාශ ගත කෙරෙන රොකට් වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ ද්‍රවීකරණය කළ හයිඩ්‍රජන් වලින්.

හයිඩ්‍රජන් වල ලෝහමය ගුණ සමහරක් තියෙනවා

හයිඩ්‍රජන් කියන්නේ රසායනික වශයෙන් ගත්තාම ලෝහ වලට තරමක් සමාන මූලද්‍රව්‍යයක්. මොකද ලෝහ වගේම හයිඩ්‍රජන් බොහොම පහසුවෙන් ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ධන ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. මේ නිසාම ආවර්තිතා වගුවේ හයිඩ්‍රජන් කාණ්ඩ කරලා තියෙන්නේ ප්‍රතික්‍රියාශීලී බවෙන් වැඩිම ලෝහ එක්කයි. මේ ලෝහ හැම එකකටම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හයිඩ්‍රජන් වලටත් තියෙනවා.

ලෝහමය හයිඩ්‍රජන් ගැන මූලධර්ම

යම් මූලද්‍රව්‍යයක් ලෝහයක් කියලා පිළිගන්න අවශ්‍ය ප්‍රධානම සාධකයන් දෙකක් වෙන්නේ ඒ තුළින් විදුලියට සහ තාපයට හොඳින් සන්නයනය වෙන්න තියෙන හැකියාව. දිලිසෙන මතුපිටක් තිබීම පිරිසිදු තත්වයේ ලෝහ වල තවත් ප්‍රධාන ලක්ෂණයක්. නමුත් සාමාන්‍ය හයිඩ්‍රජන් වල මේ ගුණාංගය නැහැ. හයිඩ්‍රජන් ද්‍රවීකරණය කළත්, ඝන බවට පත් කළත් මේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්වයේ හයිඩ්‍රජන් ලෝහමය ගුණ දරන්නේ නැහැ කියලයි පිළිගැනෙන්නේ.
කොහොම වුණත් තරමක් සංකීර්ණ භෞතික විද්‍යා ගණනයන් වලින් අධික පීඩනයේ තියෙන හයිඩ්‍රජන් වලට ලෝහමය ගුණ දරන්න හැකියාවක් තියෙන බවට සාක්ෂි ලැබෙනවා. ප්‍රශ්නය කියන්නේ මූලධර්ම වලින් ඔප්පු කරන්න පුළුවන් වුණාට මේක පරීක්ෂණයකින් තහවුරු කරන්න ක්‍රමයක් නොතිබුණු එකයි. මොකද මේ සඳහා අවශ්‍ය පීඩනය ලබා දෙන එක පෘථිවියේදී කරන්න විදිහක් තිබුණේ නැහැ.
සූර්යයාද ඇතුළුව මේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහලෝක හතරම හැදිලා තියෙන්නේ 70%කටත් වඩා හයිඩ්‍රජන් වලින්. මේවා තනිකරම අති විශාල වායු බෝල විතරයි. රූපය : විකිපීඩියා
නමුත් අභ්‍යාවකාශයේ මේ සඳහා අවශ්‍ය පීඩනය තියෙන තැන් ඕනතරම් තියෙනවා. සරලම උදාහරණය තමයි අපි කවුරුත් දන්නා බ්‍රහස්පති ග්‍රහයා. කිලෝමීටර් 140,000කටත් වැඩි විශ්කම්භයක් තියෙන බ්‍රහස්පති මුළුමනින්ම වගේ හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් වලින්. බ්‍රහස්පතිගේ අතිවිශාල ස්කන්ධය නිසා ඇතුළත අති විශාල පීඩනයකුත් තියෙනවා. මේ නිසා බ්‍රහස්පති (සහ අනෙක් වායුමය ග්‍රහලෝක) ඇතුළේ ලෝහමය හයිඩ්‍රජන් හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ බව තහවුරු කරගන්න නාසා ආයතනය “ජූනෝ” අභ්‍යාවකාශ යානය 2011 අවුරුද්දේ පිටත් කර හැරියා.

දියමන්ති වලින් හදන කිණිහිරය

අපි හැමෝම දන්න කිණිහිරය පාවිච්චි කරන්නේ යකඩ තලන්නනේ. නමුත් පරමාණු “තලන්න” පුළුවන් කිණිහිරයකුත් නිර්මාණය කරලා තියෙනවා. මේක අපි දන්නා කිණිහිරයට වඩා නම් ඉතාම පුංචියි. කුඩා දියමන්ති දෙකක් මැද යම් ද්‍රව්‍යයක් තියලා අති විශාල තෙරපීමක් ලබා දෙන්න තමයි මේ “දියමන්ති කිණිහිරය” නැත්නම් Diamond Anvil එක පාවිච්චි කරන්නේ.
මේ රූපයේ තියෙන්නේ ඒ වගේ උපකරණයක්. දෙපැත්තේ තියෙන දියමන්ති විශාල බලයක් යොදලා තෙරපනකොට ඒවායේ තුඩු එකට තෙරපිලා සාම්පලයට අති විශාල පීඩනයක් ලබා දෙනවා. රූපය : harvard.edu
දියමන්ති යොදා ගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දියමන්ති ලෝකයේ ශක්තිමත්ම දේවල් වලින් එකක් වීම. නමුත් ඊටත් වඩා ප්‍රධාන වෙන්නේ මොන තරම් ශක්තිමත් වුණත් දියමන්ති හරහා ආලෝකයට ගමන් කරන්න පුළුවන් එක. මේ ගුණාංගය කෘත්‍රීමව නිර්මාණය කරපු ඊට වඩා ශක්තිමත් බොහෝ දේවල් වල නැහැ. ඉතින් විද්‍යාඥයන්ට පරමාණු “තලන” අතරේ සිදු වෙන දේවල් නිරීක්ෂණය කරන්න හොඳම උපක්‍රමය තමයි දියමන්ති දෙකක් පාවිච්චි කරන එක.
මේ නිසා අධි පීඩන පරීක්ෂණ වැඩි හරියක් කෙරෙන්නේ මේ දියමන්ති කිණිහිර ඇතුළෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංග ඩයස් මහත්මයා තමන්ගේ උපාධියට තෝරාගෙන තියෙන්නෙත් මේ ඇසුරින් කරන පරීක්ෂණ. ඒ නිසාම ඔහුට මේ දියමන්ති කිණිහිරය කියන දේ අපි පාවිච්චි කරන පෑනක් තරමටම පුරුදුයි.

බැරි වැඩේ කරපු හැටි

කොහොම වුණත් දියමන්ති වලට වුණත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ වන තුරු බොහෝ දෙනා උත්සාහ කළත් හයිඩ්‍රජන් ලෝහමය තත්වයට පත් කරන්න අවශ්‍ය පීඩනය ලබා දෙන්න බැරි වුණා. ඒ තරමට තෙරපනකොට දියමන්ති වුණත් කැඩිලා යන එකයි තිබුණු ප්‍රශ්නය. ඉතින් ක්‍රමය දැන ගෙන හිටියත් කරන්න විදිහක් තිබුණු නිසා මේ වෙනකල්ම පරීක්ෂණාත්මකව ලෝහමය හයිඩ්‍රජන් පෘථිවියේදී හදා ගන්න බැරි වුණා.
නමුත් රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා කියන ඔහුගේ සගයා එකතු වෙලා මේ සඳහා පාවිච්චි කරන දියමන්ති දෙකට අමතර ශක්තියක් ලබා දෙන ක්‍රමයක් හොයා ගෙන තියෙනවා. ඔවුන් මේ දියමන්ති වල හැඩය සහ මතුපිට ස්වභාවය වෙනස් කරමින් කරපු පරීක්ෂණ නිසා වඩාත් වැඩි පීඩනයක් ලබා දෙන්න හොඳම දියමන්ති කට්ටලයක් නිර්මාණය කරන්න සමත් වෙලා. ඉතා විශාල පීඩනයකට ඔරොත්තු දෙන්න නම් දියමන්ති වල හැඩය ඉතාම සුක්ෂමව සකස් කරගන්න එක වගේම මතුපිට නිවැරදිව ඔප දමා ගන්න එකත් (පොලිෂ් කර ගන්න එක) අනිවාර්යයයි.
මේ සඳහා දියමන්ති නිර්මාණය කරන එක බොහොම සුක්ෂම වැඩක්. නිවැරදි හැඩය සහ මතුපිට ස්වභාවය සකස් කර ගත්තේ නැතිනම් පීඩනය අවශ්‍ය මට්ටමට එන්න කලින් දියමන්ති කුඩු වෙලා යනවා. රූපය : technodiamant.com
ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා. හයිඩ්‍රජන් ලෝහමය තත්වයට ගේන්න තරම් පීඩනයක් යටතේ වුණත් ඔවුන් සකස් කරපු දියමන්ති කුඩු වෙලා ගියේ නැහැ. ඉතින් අන්තිමේදී ලෝහමය හයිඩ්‍රජන් නිපදවා ගත් බවට ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ පීඩනයක් ලබා දෙන්න ක්‍රමයක් ඔවුන් හොයා ගත්තා. 
ඊට කාලයකට කලින් කරලා තිබුණු ගණනයන් වලට අනුව ලෝහමය හයිඩ්‍රජන් නිපදවෙන්න අවශ්‍ය උෂ්ණත්වය (කෙල්වින් 5.5), පීඩනය (ගිගා පැස්කල් 495ක්) සහ ඝනත්වය (ඝන සෙන්ටිමීටර් එකක පරමාණු 6.7×1023 ක්) තමන්ගේ දියමන්ති දෙක මැද තියෙන හයිඩ්‍රජන් සාම්පලයට ලබා දෙන්න පුළුවන් වුණු නිසා මූලධර්ම වලට අනුව ඔවුන් ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ බව පිළිගන්න පුළුවන්.

පොඩි සැකයක්

කොහොම නමුත් සමහර විද්‍යාඥයන් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කරපු පර්යේෂණාත්මක සාක්ෂිය ගැන නම් සැක පළ කරලා තියෙන බවත් කියන්න ඕන. රංග මහතා දක්වපු ප්‍රධානම තර්කය තමයි තමන්ගේ පරීක්ෂණයේ ස්කෑන් ඡායාරූප. පීඩනය වැඩි කරගෙන යද්දී සාමාන්‍ය පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) හයිඩ්‍රජන් සාම්පලය මූලධර්ම වලින් ඔප්පු කරලා තියෙන ආලෝකය උරා ගන්න කළු පාට හයිඩ්‍රජන් බවට හැරිලා. ඊළඟට දිලිසෙන හයිඩ්‍රජන් දකින්න ලැබිලා තියෙනවා. දිලිසෙන මතුපිටක් තියෙන එක ලෝහමය ලක්ෂණයක් බව අපි කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේ දිලිසෙන්නේ හයිඩ්‍රජන් නම් බොහොම පැහැදිළිව ඒ ලෝහමය හයිඩ්‍රජන් බව තහවුරු වෙනවා.
පීඩනය වැඩි වීමත් සමග ලෝහමය හයිඩ්‍රජන් ඇති වෙන ආකාරය ඔවුන්ගේ විද්‍යාත්මක ලිපියේ මේ විදිහට දැක්වුණා. තුන් වැනි රූපයේ මෙය දිලිසෙන හැටි බලන්න! රූපය : harvardmagazine.com
නමුත් ඇත්තටම ඔවුන් මේ කියපු පීඩනය, උෂ්ණත්වය, ඝණත්වය ලබා දුන්නාද, දිලිසුණේ හයිඩ්‍රජන්මද කියන එක ගැන සමහරු සැක පළ කරලා තියෙනවා. ඔවුන් ලබාගත් පීඩනය ඇතුළු මිණුම් ප්‍රමාණය පිළිගන්න ප්‍රමාණවත් මදි කියලා සමහරු කියනවා. ඒ වගේම සමහරවිට දියමන්ති ඔපදමන්න පාවිච්චි කරන ඇලුමිනියම් අඩංගු සංඝටක අධි පීඩනයේදී දිලිසෙන්න පුළුවන් නිසා දිලිසුණේ හයිඩ්‍රජන්ද කියන එකත් පොඩි ප්‍රශ්නයක්.
කොහොම නමුත් මේ දේ නම් පැහැදිලිවම කියන්න ඕනේ. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන මිණුම් නිවැරදි නම් අනිවාර්යයෙන්ම ලෝහමය හයිඩ්‍රජන් බිහි වෙලා තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ පරීක්ෂණය හරියට සිදු වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් විතරයි. මේ පරීක්ෂණය තවත් විද්‍යාඥයන් කළාම හරියටම මේ ගැන තහවුරු කරන්න පුළුවන් වේවි.
රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා මහතා මේ ගැන පළ කරපු විද්‍යාත්මක ලිපිය “Science” කියන විද්‍යාත්මක ජර්නලයේ පවා පළ කෙරුණා. ඔවුන්ගේ පරීක්ෂණය තහවුරු වුණොත් බොහෝ විට මේ අවුරුද්දේ නොබෙල් සම්මානයකුත් ඔවුන් දෙදෙනාට හිමි වේවි.

ලෝහමය හයිඩ්‍රජන් වල වැදගත්කම

ඉතින් මොකක්ද මේ ලෝහමය හයිඩ්‍රජන් වල මේතරම් තියෙන වැදගත්කම? සරලම දේ තමයි ඒකෙ තියෙන ශක්ති ධාරිතාව. ලෝහමය හයිඩ්‍රජන් හදන්න අති විශාල ශක්තියක් ලබා දුන්නත් එය නිර්මාණය වෙනවාත් එක්කම පීඩනය ඉවත් වුණත් බොහොම ස්ථායීව තියෙන්න හැකියාවක් තියෙනවා. මේක සරලව කිව්වොත් හරියට කාබන් කුට්ටියක් අධි පීඩනයකට ලක් කළාම දියමන්තියක් වෙන එකට සමානයි. 
පීඩනය ඉවත් කළත් දියමන්තිය ස්ථායීව පවතිනවා. ලෝහමය හයිඩ්‍රජන් වුණත් ඒ වගේ. හදන්න කොච්චර අමාරු වුණත් හැදුවාට පස්සේ කාමර උෂ්ණත්වයේ වුණත් තියාගන්න පුළුවන්.
මේක බොහොම වැදගත් ගුණාංගයක්. ප්‍රධානම දේ තමයි කලිනුත් කිව්වා වගේ ශක්ති ධාරිතාව, නැතිනම් ග්‍රෑම් එකක තියෙන ශක්තිය. වෙන කිසිම රසානික ද්‍රව්‍යයක ග්‍රෑම් එකක් ප්‍රතික්‍රියා කරවීමෙන් මේ තරම් ශක්තියක් ලබා ගන්න බැහැ. ඉතින් රොකට් ඇතුළු ශක්ති ධාරිතාව වැදගත් වෙන හැම දේකටම ලෝහමය හයිඩ්‍රජන් ඉතාම සුදුසුයි. දැනට පාවිච්චි වෙන රොකට් වලට අවශ්‍ය හයිඩ්‍රජන් ද්‍රව තත්වයේ තියා ගන්න නම් සෙල්සියස් අංශක සෘණ 250˚ටත් (-250˚C) වඩා සිසිල් කරලා තියා ගන්න ඕනේ. නමුත් ලෝහමය හයිඩ්‍රජන් කාමර උෂ්ණත්වයේ වුණත් තියා ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ 4 ගුණයක විතර ශක්තියක් ලබා දෙන්න සමත්!
ලෝහමය හයිඩ්‍රජන් නිසා අපිට වෙනත් ග්‍රහලෝක වලට කෙටි කාලයකින් යන එන එක ඉතා පහසු දෙයක් වේවි. රූපය : spaceflightnow.com
අනිත් දේ තමයි ඕනෑම ලෝහයකට පොදු විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව වැඩිම පදාර්ථ වලට කියන්නේ සුපිරි සන්නායක නැතිනම් super conductors කියලයි. මේවායේ ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රතිරෝධය ශුන්‍ය වෙන එක. ඒ නිසා මොන තරම් විශාල ධාරාවක් ගෙන ගියත් තාප හානියක් වෙන්නේ නැහැ. ඉතින් සුපිරි සන්නායක අනාගත ලෝකයට අත්‍යාවශ්‍යම දෙයක් බවට පත්වෙලා ඉවරයි.
නමුත් මේ වෙන තුරු සුපිරි සන්නායක නිර්මාණය කරන්න නම් ඉතාම පහළ උෂ්ණත්වයකට සීතල කරන්න අවශ්‍ය වුණා. දැනට සුපිරි සන්නායක මට්ටමේ තියෙන ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 70˚ (-70˚C) ක් වගේ විතරයි. (මේ උෂ්ණත්වය පෘථිවියේ ස්වභාවිකව කිසිම තැනක නැති උෂ්ණත්වයක්) ඉතින් ඒවායේ ප්‍රයෝජනය බොහොම සීමිතවයි තියෙන්නේ. CAT, MRT ස්කෑන් යන්ත්‍ර සහ අති ප්‍රබල විද්‍යුත් චුම්භක වල වගේ බොහොම සීමිත දේවල් කිහිපයකට විතරයි සුපිරි සන්නායක පාවිච්චි කරන එක වාසිදායක වෙන්නේ.
නමුත් ලෝහමය හයිඩ්‍රජන් කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරි සන්නායකයක් වෙන්න විශාල ඉඩක් තියෙනවා. ඒ වගේ ලෝහයකින් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් නැහැ. දැනට තියෙන ප්‍රබල පරිගණක වලට තියෙන ලොකුම හිසරදය සිසිල් කරන එකනේ. දැන් ගෙදර පරිගණක වල පවා ප්‍රොසෙසරය සහ ග්‍රැෆික් කාඩ් එක සිසිල් කරන්න ද්‍රව පාවිච්චි කරනවා. (liquid cooling) මීට වඩා ප්‍රබල චිප් හදන්න බැරි වෙන්න තාපය පාලනය කරන්න බැරි එක ලොකුම අභියෝගයක්. හැදුවාට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙනකොට උණු වෙලා යනවා.
නමුත් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වලින් කවදාවත් රත් වෙන්නේ නැති අධිවේගී පරිගණක චිප් හදන්න පුළුවන්. තාපය පිට නොවෙන නිසා දැන් තියෙනවා වගේ සිය දාස් වාරයක් ප්‍රබල චිප් හදන්න පුළුවන් කූලින් ෆෑන් නැතිවම. අනික් දේ තමයි විදුලි රැහැන් ඇතුළු විදුලිය ගෙනියන හැම වැඩක්ම මීට වඩා ඉතා අඩු නාස්තියකින් කරන්න පුළුවන් වෙන එක. සුපිරි සන්නායක වලින් පුළුවන් කිසිම ශක්තියක් වැය නොකර අහසේ පා වෙන සර්ෆ්බෝඩ් සහ යානා නිර්මාණය කරන්නත්.
ලෝකයේ වැඩිම ආදායමක් උපයපු Avatar චිත්‍රපටියේදී පෘථිවි වාසීන් පැන්ඩෝරාවට යන්න එකම හේතුව එහි තියෙන මේ කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකය. රූපය : naukas.com
සුප්‍රසිද්ධ Avatar චිත්‍රපටිය බලලා තියෙනවා නම් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වල වැදගත් කම තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන පැන්ඩෝරා වල ඉඳලා පෘථිවියට ගෙන එන්න තරම් “අන්ඔබ්ටේනියම් (ගන්න බැරි මූලද්‍රව්‍යය) – Unobtanium” කියලා හඳුන්වන සුපිරි සන්නායකය වටිනවා. ඔවුන් එච්චර අපහසුවෙන් ගිහින් ඒවා අරගෙන එන්න ක්‍රමයක් හදාගෙන තියෙන්නේ ඒ නිසාමයි. ඉතින් ඒක පෘථිවියේදීම හදා ගන්න පුළුවන් වුණොත් මොන තරම් දෙයක්ද?
සුපිරි සන්නායකයක කාමර උෂ්ණත්වයේ තියා ගන්න පුළුවන් වීම කියන්නේ මිනිසා මුල් වරට ගින්දර සොයා ගැනීම තරමටම සුවිශේෂී අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක අතිශයෝක්තියක් නෙවෙයි!

මේ හැම දෙයක්ම තහවුරු වුණොත් අපේ රටට ලොකු ගෞරවයක්

ආචාර්ය රංග ඩයස් මහතා කියන්නේ පිටරටකින් ඇවිත් අපේ රටේ පදිංචි වුණු ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. එතුමා 2006 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc උපාධියක් ගත්තු නියම ශ්‍රී ලාංකිකයෙක්. වොෂින්ටන් ජාතික විශ්ව විද්‍යාලයෙන් තමයි ඔහු ආචාර්ය උපාධිය ලබා ගෙන තියෙන්නේ. මේ අති විශිෂ්ට පරීක්ෂණයේ සම කොටස් කරුවෙක් වන එතුමා ලෝහමය හයිඩ්‍රජන් සොයා ගත්තු බව තහවුරු වුණොත් අපේ රටට ඒක මොන තරම් කීර්තියක්ද?
ඊටත් වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මේකෙන් අපි කාටත් ගන්න තියෙන පාඩම. ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට දියුණු රටවල් වල තියෙන පහසුකම් නැති වුණත් අපේ සමහරුන්ට ලෝකයේ ඉහළම බුද්ධිමතුන්ටත් වඩා ඥානයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ හැකියාවන් අවතක්සේරු කරගන්නේ නැතිව, තමන්ට අවස්ථාව නැහැ කියලා හිතන්නේ නැතිව ඉදිරියටම යන්න මේක හොඳ පිටුවහලක් කර ගන්න. 
මේ ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඔබ ලබා ගත් දැනුම අනෙක් අයත් එක්කත් බෙදා හදා ගන්න.
මූලාශ්‍ර : forbes, scholar.harvard.edu/dias, විකිපීඩියා, nature සඟරාව, independent.co.uk

[Continue reading...]

Friday, December 5, 2014

- 0 comments
ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.
වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.
ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.
නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිsළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.
ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.
තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.
භික්‌ෂුව – මහා අධිරාජය ෘ මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් – එසේය. නිදිමත ඇති වේ.
භික්‌ෂුව – එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?
ඇලෙක්‌සැන්ඩර් – නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.
භික්‌ෂුව – මහා අධිරාජය ෘ ඔබට බඩගිනි ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් – එසේය. බඩගිනි ඇති වේ.
භික්‌ෂුව – එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?
ඇලෙක්‌සැන්ඩර් – නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.
භික්‌ෂුව – මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?
ඇලෙක්‌සැන්ඩර් – එසේය. පිපාසය ඇති වේ.
භික්‌ෂුව – එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?
ඇලෙක්‌සැන්ඩර් – නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.
භික්‌ෂුව – එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?
මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.
එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.
යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.
මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.
(ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් 2003 නවම් මස බෞද්ධාලෝකය සඟරාවට සපයන ලද ලිපියක්‌ ඇසුරිණි)
– සනත් ලියනගේ/දිවයින
[Continue reading...]

Tuesday, April 30, 2013

සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories)

- 1 comments
සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories) වත්මන් කාලය වන විට ‍ලෝක ප‍්‍රකට ආගමික නිර්මාණාංගයකි.චීන සහ
ජපන් බසින් කියැවී පසුව ලියැවී තිබෙන ඒ කතා පුද්ගලයන් ගණනාවක් විසින් ඉංග්‍රීසි බසට පෙරලා තිබීම අ‍‍පේ භාග්‍යයක්.සෙන් කතන්දර කියවන කලඑක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන්ට අනුව එහි අර්ථය,අගය,දැනීම වෙනස් වේ.යමෙකුට සෙන් කතන්දරයක් කියවූ විට හුදු කතා රසයක් හෝ ජීවන අත්දැකීමක් පමණක් දැනෙනු ඇත.තවත් කෙනෙකුට ඒ ඉම ඉක්මවු අධ්‍යාත්මික හරයක් ලැබෙනු ඇත.වි‍ටෙක අතිශය සියුම් ලෙස මනැස ක්‍රියාත්මක කරවන හෝ පුබුදු කරවන තේමාවක් හමුවෙනු ඇති.හිටි ගමන් එසේ සිදුවීම 'ක්ෂණික අවබෝධය' යන අර්ථය දෙන 'ස‍තෝරි'(satori)යැයි ජපන් බසින් හදුන්වයි.ඉංග්‍රීසි බසින් එය අර්ථවත් වන්නේ 'sudden Awaking' යනුවෙනි.

සෙන් අරුත :- "සෙන් "යන්නෙහි ආදි අරුත ලෙස සලකනුයේ 'ධ්‍යාන'හෙවත් දැහැන යන්නයි.එය චීන බසින් ලියැවී ඇත්තේ චාන් (chan)යනුවෙනි.සංස්කෘතීකබසින් 'ධ්‍යාන'(dyana)වී ඇති බවත් පසුව කටට හුරුවන අයුරින් සෙන් (zen)වී ඇති බවත් ‍පෙනේ.මෙසේ බලන කල සෙන් යන්නෙහි 'ප්‍රබුද්ධත්වය','ආත්මාවබෝධය','හදුනා ගැනීම','දැහැන',යන සකල විධ අරුත් ගබඩා වී ඇති බව හැඟේ.
Zen mong1.jpg

සෙන් නියමුවා:- 'සෙන්'පිළිබඳ ලියැවී තිබෙන පොත පත අනුව ප්‍රථම සෙන් නියමුවා ලෙස පිළිගනු ලබන්නේ හයවන සියවසේදී ඉන්දියාවේ සිට චීනයට පැමිණියායැයි,සැලකෙන ‍බෝධිධර්මතුමාය,(Bodhidharma).චීන ගුරුතුමෙකු වන ඩොගෙන්(Dogen)විසින් 1043දී ලියන ලදැයී කියන චරිතාපදානයට අනුව ‍බෝධිධර්මතුමා චිනයේ නව අවුරුද්දක් පමණ වූ කාලයක් ගත කර ඇති බව පෙනේ.තවත් සමහරුන්ගේ මතය වන්නේ සෙන් යනු බුද්ධ කාලය වන ක්‍රි.පු 500ටත් ඉහත පටන්ම පැව‍තෙන ඉගැන්වීමක් බවයි.සෙන් ඉගැන්වීමේදී ප්‍රධාන සෙන් කතන්දර වන්නේ මනැසයි.
සෙන් කතාවකදී හැම විටකම පාහේ අපට සංවාදාත්මක සිද්ධියක් හෝ අනපේක්ෂිත සිද්ධියක් හමුවෙනවා ඇති.බොහෝ අවස්ථාවලදී එම අවස්ථාව වටහා ගත යුත්තේ සෙන් ගුරුතුමෙකුගේ හෙවත් සෙන්ආචාර්යවරයෙකුගේ අත්දැකීමක් වශයෙනි.සෙන් කථා වලදී අපට විටෙක මුණ ගැසෙන්නේ පූජකවරයෙකි.තවත් විටෙක සමාන්‍ය මිනිසෙක් .තවත් විටෙක ‍‍‍‍බේබද්දෙක් හෝ සෙබළෙක් ,සොරදෙටුවෙක් හෝ රජතුමෙකු ව්ව්ධාකාර චරිත ද මුණ ගැසේ.සමහරු සෙන් ගුරුවරුන් හමුවට එන්නේ ඔවුන්ට සරදම් කොට යන්නටය.එහෙත් ඔවුන් පෙරලා යන්නේකිසියම් ජිවිතාවබෝධයක් ලැබගෙනයි. සෙන් කියවා නිහඬ බව විඳගත් කෙනෙකුට පෙරලා තවත් අයටද කියා දිය හැකියි.ඒ අතින් බලන කල සෙන් කතා සදාතනිත 'බණ කතා'විශේෂයක්වශයෙන්ද සලකන්නට පුළුවන්.සෙන් කතන්දර දෙකක් පහත දක්වා ඇති අතර ඉන් සෙන් කථාවල සුවි‍ශේෂී බව අපට වටහා ගත හැකියි.

තේ කෝප්පය:-

මෙයි ජි සමයේදී (1868-1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන්(Nan in)හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා.එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනී‍‍මේ අරමුණ ඇතිවයි.නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා.එතුමා තේ පිළියෙල කර ‍තේ වත්කර ගෙන ගියා.තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තව දුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ?
"තේ කෝප්පය තේ වලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?"
ඊට පිළිතුරු වශයෙන් සෙන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ?
"මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්‍,ඔබතුමාගේ යම් යම් මත වලින් අදහස් වලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ.දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට."

හඳ හොරා ගත නොහැකියි:-

සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා.එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා.ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා.රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.
"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා

"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ.මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".
තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා.හොරාට මහ පුදුමයි.හොරා ඇඳුම් අරන් පැන දිව්වා.රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා."දුප්පතා" ඔහු කල්පනා කළා.
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".

බුදුන් සිර අඩස්සියේ


වෙළෙන්දෙක් රෙදි කච්චි පනහක් රැගෙන වෙළඳාම සඳහා පිටත් වූයේය.

අතරමගදී ඔහුට තද නිදිමතක් දැනුණේය. විසල් හිටි ගල් පිළිම වහන්සේ නමක් අසල හේ නින්දට වැටුණේය. නිදි සුව විඳ අවදිව බැලූ විට රෙදි තොගය අතුරුදන් වී තිබිණි. හේ වහාම පොලිසීයට පැමිණිලි කළේය. දිගින් දිගටම පරීක්ෂණ පැවැත්විණි. පොලීසිය විසින් පැමිණිල්ල උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. උගත් විනිසුරු තුමා,

''එකත් එකටම ඔය රෙදි හොරකම් කරන්න ඇත්තෙ බුදු පිළිම වහන්සේම වෙන්න ඕනෑ. උන් වහන්සේට වටිනවා මගීන්ගේ දේපොළ ආරක්ෂා කරල දෙන්න. නමුත් ඒ වැඩේ කරල නැහැ. ඒ නිසා ගල් බුදුපිළිම වහන්සේ හිර අඩස්සියට ගන්න මම නියෝග කරනවා'' යැයි කීය.

වියත් විනිසුරුතුමානන්ගේ නියෝගය පරිදි පොලිස් නිලධාරීහු යුක්තිය පසිඳලනු වස් ගල් බුදුරුව අත් අඩංගුවට ගෙන උසාවිය වෙත ගෙන ආහ. ඒ පසුපස බුදුරුවට දෙන දඬුවම දැනගනු රිසියෙන් මහා සේනාවක් කෑ ගසමින් සිනාසෙමින් උසාවියට පැමිණියහ. සෙනග දුටු උගත් විනිසුරුතුමාණෝ,

''මේ සෙනගට උසාවියට ඇවිත් මේ විදියට හිනාවෙන්න කෑගහන්න වටිනවද? අයිතියක් තිබෙනවද? මාගේ අණසක පිරි මේ අති පාරිශුද්ධ යුක්තියෙහි ක්ෂේම භූමියට අපහාස කිරීමේ වරදට ඔබලා හැම දෙනාම හිර ගෙට නියම කරනවා'' යයි ප්‍රකාශ කළේය. 

රැස්ව හුන් සියළු දෙනා බිම වැඳ වැතිර හිඳ සමාව අයැද සිටියහ.

''මම යුක්තියේත් සාධාරණත්වයේත් සංකේතයයි. මං ඔබලාට අනුකම්පා කොට දඩයක් නියම කරනවා. මේ සියළු දෙනාම රෙදි කච්චිය බැගින් උසාවියට ගේන්න ඕනැ. දින තුනක් ඇතුළත එසේ නොකළහොත් හිරගෙට යවනවා'' යි විනිසුරුතුමා අණ කළේය. 

මිනිසුන් රැගෙන ආ රෙදි කච්චි අතුරින් එකක් තමාගෙ බව වෙළෙන්දා හැඳින ගත් නිසා හොරා කවරකු දැයි පහසුවෙන් අල්ලාගන්නා ලදී. අනිත් මිනිසුන්ගේ රෙදි කච්චි ආපසු දෙනු ලැබිණ.

අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු


නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය.

''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද''

හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය. 

''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.

''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්‍රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.''

මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන් එළියට ඇදගත්තේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.

''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල කපන්න තරම් මුවාත් නැතුව ඇති''

නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,

''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර'' යි හයිකුන් පැවසීය.

මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට,

''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර'' යි හයිකුන්ගේ මුවින් නිකුත් විය.

චීන කවියක් ලියන හැටි


ජපානයේ සුප්‍රසිද්ධ කවියකුගෙන් චීන කවියක් ලියන ආකරය ගැන අසනු ලැබීය.

''චීන කවියක පද හතරක් තියෙනවා'' ඔහු විස්තර පටන් ගත්තේය.

''පළමු වැනි පදයේ ආරම්භක අදහස දක්වනවා. දෙවැන්න එහිම කොටසක්. තුන්වැනි පදය අලුත්ම අදහසක් පටන් ගන්නවා. හතරවැන්නෙන් මේ අදහස් සේරම එකට ඈඳෙනවා. මෙය පැහැදිලි කරන ජපන් ගීතයක් මෙන්න:

ක්යෝතෝවේ සේද වෙළෙඳුට - දුලා දෙන්නෙක් ඉන්නවා
වැඩිමලා විසි හැවිරිදියි - බාලයා අටළොස් වියේ
මිනීමරන්නේ සොල්දාදුවන් - කඩු පහර දීලයි
මේ කෙල්ලෝ නම් එය කරන්නෙ- නෙත් පහර දීලයි”

ජෝසුගේ ZEN (Joshu's Zen)

ජෝසු දිගු කාලයක් ZEN ඉගැන්වූ ගුරුවරයෙක්. වරක් ශිෂ්යයෙක් පැමිණ ඔහුගෙන් මෙසේ විමසුවා.

"මනසේ කිසිවක් නැතිනම් මම මොකක්ද කරන්න ඕනෙ?"

ජෝසු: එලියට ඇදල දාන්න

ශිෂ්යයා: ඒ වුනාට එලියට ඇදල දාන්න මොකුත් නෑනෙ?

ජෝසු: එහෙනම් තියාගන්න

ඉරණම (Destiny)

වරක් ජපන් ජනරාල් වරයකුට සටනකට යෑමට සිදුවුනා. නමුත් ඔහුට සිටියේ ඉතා කුඩා සේනාවක්. මේ නිසා සටන ජයගන්නට හැකි වේ යැයි සේනාව විස්වාස කලේ නැහැ.

ඔහු සේනාව කැදවුවා. කාසියක් ගෙන
"හිස වැටුනොත් අපි සටන දිනනවා, නැත්න්ම් පරදිනවා. අපේ ඉරණම කාසියෙන් කියාවි" මෙසේ පවසා ඔහු කාසිය උඩ දැමුවා.
කාසියේ හිස පැත්ත වැටුනා. සේනාව උද්දාමයට පත් උනා. සටනට හොදින් මුහුන දී සතුරන් පරාජය කොට ජය ගත්තා.

ස්ටන ජය ගෙන එන අතර ලුතිනන් මෙසේ ඇසුවා
"ඉරණම කාටවත් වෙනස් කරන්න බැහැ නේද?"
"ඔබ හරි" යැයි පවසා ජනරාල්වරයා ලුතිනන්වරයාට කාසිය පෙන්නුවා.
කාසියේ දෙපැත්තේම තිබුනේ හිසයි.

බෙල් ගුරැතුමා (Bell Teacher)

නවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා.

"මං බෙල් එකක් යැයි සිතන්න"
"සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා"
"හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"
යැයි ගුරුතුමා පැවසුවා.


මොකුගෙන්ගේ සිනාසීම (A Smile in His Lifetime)

මොකුගෙන් කිසිමදවසක සිනාසුන කෙනෙක් නොව්. ඔහු සිනසුනේ මරනයට පත්වුන දවසේ විතරයි. ඔහු මරනයට ආසන්න අවස්තාවේ ඔහුගේ හොදම ගෝලයන්ට කතා කරා.

"ZEN නිවරදිව අර්ථ කථනය කරන කෙනාට මාගේ චීවරය සහ පාත්තරය හිමිවනවා" යැයි පැවසුවා.

හැමෝම මොකුගෙන්ගේ මුහුන දෙස වික්ෂිප්තව බලා සිටියා. කවුරැවත් පිලිතුරැ දුන්නේ නෑ.

මොකුගෙන්ට එන්චෝ නැමැති ගෝලයෙක් සිටියා. ඔහු ඉදිරියට පැමින බෙහෙත් භාජනය අගලක් පමන එහාට කරා. මෙය ඔහුගේ පිලිතුර උනා.

මොකුගෙන්ගේ මුහුන දැඩි වුනා. "එචිචරද තේරුනේ?" යැයි විමසුවා.

එන්චෝ නැවත පැමින බෙහෙත් භාජනය පෙර තිබූ තැනින් තැබුවා.

ලස්සන හිනාවක් මොකුගෙන්ගේ මුහුනින් නැගුනා.
"මගඩියා. මගෙත් එක්ක අවුරැදු දහයක් වැඩ කරලත් මගේ සම්පුර්න ධර්මය දැකල නෑ. මේ චීවරය සහ පාත්තරය ගන්න. එය අයිති ඔබටයි" යැයි පැවසුවා.

-හෙලවෙන්නේ කුමක්ද?-


සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ.
"ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය.
"නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය.
එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
"දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."


-ශුන්‍යතව හා කෝප්පය-


තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය. 
තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
"අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..."
දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය.
යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය.
"කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය.

-හෙට දවස-


ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත. 
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.

ඒකත් එහෙමද ?


හකුයින් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ඔහුගේ බ්‍රහ්මචාරී ජීවිතය නිසාම ඔහු අතිශයින් ජනාදරයට පත්වී සිටියා ඔහු වාසය කල ආරාමය පිහිටා තිබුනේ ගැමි නිවසකට යාබදවයි එම නිවසේ ලස්සන ජපන් තරුණියක් තම දෙමව්පියන් සමගින් වාසය කලා

ටික කලක් ගතවෙත්ම තරුණිය හදිසියේම ගැබ්ගෙන ඇතිබව දෙමව්පියන් දැනගත්තා ඔවුන් දැඩිසේ කෝප උනා එහෙත් තරුණිය දරුවාගේ පියා කවුද යන්න හෙලි කලේ නැහැ, අවසානයේ ඇය නූපන් දරුවාගේ පියා හකුයින් බව ප්‍රකාශකලා

දෙමව්පියන්ට අදහා ගැනීමට නොහැකි උනා ගමේ ගරු බුහුමානයට පත්වූ හකුයින් මෙයට වගකිවයුතු බව හෙලිවූවිට ඔවුන් කේන්තියෙන් හකුයින් හමුවීමට දිවගොස් බැණ වදින්නට උනා සියල්ල සාවදානව අසාසිටි හකුයින් අවසානයේ

"ඒකත් එහෙමද" යනුවෙන් අසා සිටියා

කුඩා දරුවා ඉපදීමෙන් පසු හකුයින්ගේ භාරයට පත්කරනු ලැබුවා ඒ වනවිට හකුයින් සතුවූ කීර්තිය නැතිවී තිබුනා එහෙත් හකුයින් අසල් වැසියන්ගෙන් ඉල්ලා ගනිමින් කුඩා දරුවාට අවශය සියලුම දේ ලබා දී දරුවා පෝශණය කලා

අවුරුද්දක් ගතවීමෙන් පසු තරුණියට තවදුරටත් සත්ය සගවා ඉන්න බැරි උනා ඇය තම දෙමව්පියන්ට තම දරුවාගේ නියම පියා මාළු වෙළද සැලේ තරුණ සේවකයෙකු බව ප්‍රකාශකලා දෙමව්පියන් තමන් කල වැරැද්ද ගැන බොහෝ පසුතැවිලි උනා ඔවුන් වහාම හකුයින් හමුවීමට දිවගියා

හකුයින් හමුවී තමන්ට සමාව දෙන ලෙසත් දරුවා නැවත භාර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කලා හකුයින්


"ඒකත් එහෙමද"  කියමින් දරුවා නැවත භාර දුන්නා.


[Continue reading...]

Sunday, April 28, 2013

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!

- 0 comments
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.
[Continue reading...]

ජීවිතයේ යථාර්ථය කියා දුන් පැරණි ගැමි නිවස

- 0 comments
නිවසක්‌ යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්‌ෂා වීම සදහා මිනිසා විසින් නිමැවූ රක්‌ෂිත ස්‌ථානයක්‌ පමණක්‌ නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක්‌ ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක්‌ සේම නිශ්චිත සංස්‌කෘතියක හා එම සංස්‌කෘතියෙන් පෝෂණය වන ජන සමූහයක විඤ්ඤාණය ප්‍රකට කරවනා දර්ශකයක්‌ වූයේය. අප විසින් අපේ ගැමි නිවස පිළිබද මේ සංවාදය උපදවන්නේ ශිෂ්ටාචාරයේ පැනෙනා ඒ ගැඹුරු අරුත් යම් පමණකට ස්‌පර්ශ කරමිනි.

ලංකාවේ විවිධ යුගයන්ට අයත් ශිෂ්ටාචාර පැවති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. බටදොඔලෙන, බෙලිලෙන ආදී ස්‌ථානයන්හි සිදුකර ඇති පර්යේෂණ මගින් ප්‍රාග් ඓතිහාසික මානවයා එම ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බව තහවුරු කොට තිබේ. නමුත් විශේෂත්වය වන්නේ ඉන් ඔබ්බට මෑත කාලය වනතුරු, එනම් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ රටේ මිනිසුන් ජීවත් වූ බවට සැක කරන නිවසක තොරතුරු සොයා ගැනීමට විද්‍යාර්ථයින්ට අපහසු වී තිබීමය. අනුරාධපුර යුගයේ සිට රාජමාලිගා හා අනෙකුත් ආගමික ගොඩනැඟිලිවල අවශේෂයන් සොයා ගෙන ඇතත්, සාමාන්‍ය ජනතාව විසූ නිවසක්‌ හෝ භික්‌ෂූන් වහන්සේ වැඩසිටි ආරාමයක්‌ පිළිබඳ තොරතුරු වාර්තා නොවේ. අපට හමුවන්නේ මෙයින් වසර 400 කින් මෙපිට නිවාස පිළිබඳ සාධක පමණක්‌ වීම වැදගත් වේ.

අපට හමුවන පැරණි නිවාස

ප්‍රධාන වශයෙන්ම රජ මාලිගා සහ බෞද්ධ වෙහෙර විහාර ස්‌ථිර ද්‍රව්‍යයන්ගෙන් කල් පවතින ලෙස හා ශක්‌තිමත්ව ඉදිකළද බවත් සාමාන්‍ය ජනතාවගේ නිවාස හා භික්‌ෂුන්ගේ ආරාම එලෙස ශක්‌තිමත්ව ඉදිකර නොතිබූ හෙයින් ඒවායේ සාධක හමු නොවන බවත් සිතිය හැක. ඒවා පරිසරයෙන් ලබා ගත් මූලික ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත ඒවා වූ අතර, කිසිදු පරිසර හානියකින් තොරව පොළවටම පස්‌වී ගිය නිසා ද්‍රව්‍යමය සාධක හමු නොවන බව පෙනේ.

සැබවින්ම අද අපට දක්‌නට ලැබෙන සීමිත සාධක හා පැරණි නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයේදී මේර් පිළිබඳ බොහෝ කරුණු උගත හැකිය. වර්තමානයේදි අපට හමුවන්නේ ගම්පොළ යුගයට හෝ ඉන් පසුකාලීනව ඉදිකළා යෑයි සිතෙන නිවාස හෝ එම යුගයන්ට අයත් ක්‍රමවේද හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඉදිකර ඇති නිවාස සහ ඒවායේ අවශේෂයන්ය.
මෙම නිවාස ද ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදිය හැකි බව පෙනේ. එනම් වඩාත් කල් පවතින ද්‍රව්‍ය වලින් නිර්මිත ප්‍රභූන්ගේ හා ප්‍රධානීන්ගේ වලව් සම්ප්‍රදායට අයත් නිවාස හා සාමාන්‍ය ගැමි නිවාස ලෙසය. වලව් සම්ප්‍රදායේ පැරණි නිවාස ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිර පවතී. මධ්‍යම, බටහිර, සබරගමුව, වයඔ, ඌව, දකුණ මෙන්ම රජරට මෙම වලව් සම්ප්‍රදායට අයත් නිවාස දක්‌නට ඇති අතර, ඒවා ඉදිකළ ප්‍රදේශය වෙනස්‌ වුව ද ඒවායේ සමාන ලක්‌ෂණ දක්‌නට ඇත.

එහෙයින් ඉදිකරන ලද ප්‍රදේශය, දේශගුණය, පරිසරය, සංස්‌කෘතිය හා සමාජ තත්ත්වය අනුව වෙනස්‌ නිර්මාණ හමුවන ගැමි නිවාස පිළිබඳව කථිකාව වැදගත් යෑයි පෙනේ.

ගැමි නිවසක වග

ගැමි නිවාස ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන්ම පළමු වැදගත් සාධකය ලෙස සලකනුයේ නිවස ඉදිකිරීම සඳහා තෝරාගත් ස්‌ථානයයි. එනම් වඩාත් සුව පහසු එමෙන්ම ආරක්‌ෂිත ස්‌ථානයක්‌ මේ සඳහා තෝරා ගන්නා ලදී. දෙවනුව මේ ස්‌ථානය තම අනෙකුත් දෛනික කටයුතු වලට පහසුව ගෙන දෙන ස්‌ථානයක්‌ වීමය. එනම් පහසුවෙන් ජලය ලබා ගත හැකි ජල මූලාශ්‍ර ආසන්නයේ පැවතීමත්, තම වගා බිම්වලට පහසුවෙන් ළඟා විය හැකි වීමත් වැදගත් කොට සලකන ලදී.

එමෙන්ම වන සතුන්ගේ උවදුරු වලින් තොර වූ ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වීම වැදගත් විය. අද අපට මුහුණ දීමට සිදුවන අලි මිනිස්‌ ගැටුම් ආදිය සිදුවීමට ඉඩකඩ ඇති අලිමංකඩයන්හි නිවස ඉදිනොකරන්නට ගැමියෝ වග බලා ගත්හ. ඔවුන් ඒ පිළිබඳ හසල දැනුමකින් යුක්‌ත වූ අතර, වන සතුන්ද තම ස්‌වාභාවික පරිසරයේ කොටසක්‌ ලෙස සලකා ඔවුනට අවශ්‍ය ඉඩකඩ වෙන්කර දීමට ඔවුහු කටයුතු කළහ.

නිවස ඉදිකරන්නට සුදුසු ස්‌ථානය තෝරා ගත් ගැමියා තම පවුල් හෝ ගමේ පිරිස එක්‌ කර ගෙන තම නිවස ඉදිකර ගත්තේ කුලී ගෙවීමෙන් නොවේ. සම්පූර්ණයෙන්ම අත්කම් ක්‍රමය මගින් ඔහු තම අවට පරිසරයෙන් සොයා ගත් මැටි, පස්‌, ගල්, දැව දඬු, පිදුරු ඉලුක්‌මනා සහ වැල් ආදිය උපයෝගි කර ගෙන තම නිවස ඉදිකරගත්තේය. එක්‌ එක්‌ කාර්යයන් සඳහා දක්‌ෂ තම ඥාතීන් හා මිතුරෝ ඒ ඒ කාර්යයන් සඳහා උදව් කළහ. ගැමියා ද ඔවුනට සහාය වූ අතර, වැඩ කරන අතරතුර ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමත්, ඔවුන්ගේ මෙවැනි කාර්යයන් සඳහා අත්කම් ක්‍රමයට සහභාගි වීමෙනුත් ඔහු තම යුතුකම ඉටු කළේය. සමහර විටෙක යම් හේතුවක්‌ මත යමෙකුගේ කාර්යයකට සහභාගි වීමට ඔහුට නොහැකි වුවද ඒවා උපේක්‌ෂාවෙන් යුතුව ඉවසීමට අන්‍යයෝ පුරුදුව සිටියහ. මෙසේ අවට පරිසරයෙන් උකහා ගත් අමු දුව්‍ය උපයෝගි කරගෙන තම නිවස ඉදිකළ ද පරිසරය හා තම සමාජයීය තත්ත්වය අනුව ඒවායේ කැපී පෙනෙන සුළු වෙනස්‌කම් දක්‌නට ඇත.
රජරට නුවර කලාවිය ප්‍රදේශයේ ඉදිකළ උස්‌ පිල සහිත නිවාස තම පවුලේ සාමාජික පවුල් වර්ධනය වන විට දීර්ඝ වීමෙන් සෑදුනි. සමාන නිවාස ක්‍රමයක්‌ වූ කුරුණෑගල ප්‍රදේශයේ නිවාසයන්හි ඉදිරියට නෙරා ආ බරාදයක්‌ දක්‌නට ලැබිණි. වයඹ පළාතේ පිටිසරට වන්නට ඉදිවූ නිවාස ගම්මැද්දක්‌ වටා ඉදි විය. නිකවැරටිය, මහ කිරින්ද හා මහගිරිල්ල ගම්මානවල මෙවැනි ගම්මැද්ද මෑතක්‌ වනතුරු පැවතුණි.

උඩරට පළාත්වල විශේෂයෙන්ම මහනුවර, දෙනුවර මාතලේ, හගුරන්කෙත හා කොත්මලේ ප්‍රදේශවල පැවතියේ හතර ඈඳපු ගෙවල්ය. හතර ඈඳපු ගෙයක්‌ යනු මැද මිදුලක්‌ වටා ගෙවල් හතරක්‌ ලෙස වහල හතරක්‌, කාණු පිළිවලින් සම්බන්ධ කර ඉදිකරන ලද නිවසයි. මෙහි බොහෝවිට ජනේල නොවූ අතර එක්‌ දොරක්‌ පමණක්‌ විය. ආලෝකය හා වාතාශ්‍රය ලබා ගත්තේ මැද මිදුලෙනි. මෙයින් නිවස තුළ උණුසුම ආරක්‌ෂා විය.

ගැමි නිවසක්‌ ඉදිකිරීමේ ප්‍රධානම සාධකයක්‌ වූයේ තම ජීවන ක්‍රමය බවත්, පාරිසරික සාධක අනුව එය සැලසුම් කරවා ගත් බව මෙයින් පෙනීයයි. වැදගත්ම ලක්‌ෂණය වූයේ කිසිදු නිවසක්‌ අනෙක්‌ නිවාස අභිබවා යන ලෙස ඉදිකරන්නට කටයුතු නොකිරීමයි. එක ප්‍රදේශයක පිහිටි නිවාස එකම ආකාරයක ඒවා වුවද අද මෙන් එක්‌ එක්‌ නිවැසියන් අතර තම නිවාසයේ හැඩය හා ප්‍රමාණය පිළිබද තරගයක්‌ නොවීම වැදගත් කරුණකි.
එක ගමක වාසය කළ සියලුම ගැමියන් එකම ජිවන වෘත්තියක යෙදුනු අතර, ඔවුන්ගේ වත්පොහොසත්කම සමාන මටටමක විය. එලෙසම සෑම අයෙකුගේම අවශ්‍යතාවන් එක හා සමාන වීය. එමෙන්ම එම අවශ්‍යතාවන් සියල්ල ඉතා සරල. ප්‍රාථමික ඒවා විය. එය ඔහුගේ නිවසින් විදහා දැක්‌වීම නිසා මෙවැනි සරල නිවසක්‌ ඉදිකිරීමට ඔහු පෙළඔනේය.

ගැමියා බොහෝ දුර දිග සිතා බලන්නෙකු වුවද නිවසක්‌ ඉදිකිරීමේදී පරම්පරා ගණනාවක්‌ කල්පැවතිය යුතු යෑයි හෝ තම දුදරුවන් හා ඔවුන්ගේ දරුවන්ට ද වාසය කළ හැකි මට්‌ටමට ශක්‌තිමත්ව තිබිය යුතු යෑයි කල්පනා නොකළේය. සියල්ලටම සරිලන ලෙස එක්‌ අයෙකුට එක්‌ කාමරයක්‌ බැගින් තිබිය යුතු යෑයිද සිතුවේ නැත. බොහෝ දරුවන් සිටියද ඔවුහු සමගිව එකට වාසය කළහ. විවාහ වී වෙන්වූ දරුවෝද ඒ ආසන්නයේම නිවසක්‌ ඉදිකර ගත්හ. දරුවන්ගේ දරුවන්ට වැඩිහිටියන්ගේ ආරක්‌ෂාව ලැබුණු හෙයින් අද මෙන් ගෘහ සේවිකාවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන අවශ්‍ය නොවීය. සෑම ගැටලුවක්‌ම ඉතා සරලව විසැඳි ජීවිතය මෘදු ලෙස ගලා ගිය ආකාරය කදිමය.

බාහිරින් පැමිණෙන උපද්‍රව සඳහාද එක්‌ව මුහුණ දීමට ශක්‌තියක්‌ද මේ එක්‌ව වාසය කිරීමෙන් ලැබිණි. ගමේ පිරිමින් හේනට කුඹුරට ගිය විට නිවෙස්‌වල සිටින කාන්තාවන් හා දරුවන් මෙලෙස එක්‌ව වාසය නිසා නිරන්තරව ආරක්‌ෂා විය. ගම්මැද්ද සහිත නිවාස ක්‍රමයේදී හා හතර ඈඳපු ගෙවල්වල මේ ලක්‌ෂණය කදිමට දක්‌නට ලැබිණි.

බොහෝ නිවෙස්‌වල ගෘහ භාණ්‌ඩ ලෙස තිබී ඇත්තේ ඉතාමත් සරල භාණ්‌ඩ කීපයක්‌ පමණි. අමුත්තෙක්‌ පැමිණි විට උස්‌ පිලට පැදුරක්‌ දමා වාඩි වීමට දීම මගින් ගෘහභාණ්‌ඩ අවශ්‍යතාව සපිරුණි. ඒ හැර ඇඳක්‌, බංකුවක්‌ වැනි දෙයක්‌ මිසක වෙන යම් ගෘහ භාණ්‌ඩයක්‌ තිබූ බවක්‌ දැනගන්නට නැත. එහෙත් ගැමියා සහ ගැමිලිය තම කෘෂි උපකරණ සහ මුලුතැන්ගෙයි උපකරණ විශේෂිත ලෙස ගබඩා කර පහසුවෙන් ළඟා විය හැකි අයුරින් ගබඩා කර තිබිණි. එමෙන්ම නිරන්තරව තම නිවසද, නිවස අවටද පිරිසිදුව තබා ගත් ගැමිලිය පොළව නිතර ගොම මැටි ගා නඩත්තු කළාය. එහෙයින් අද සිමෙන්ති බදාමයෙන් ඉදිකළ නිවෙස්‌වල ද වේ හා කෘමි උවදුරු තිබුණද පැරණි ගැමි නිවස දැව දඬු, මැටි හා පිදුරු උපයෝගි කරගෙන ඉදිකළද එවැනි ගැටලුවක්‌ ඇති නොවීය.

ගොවිතැන් කර අස්‌වැන්න ගෙට ගත් පසු කමතේ ඉතිරිවන පිදුරු අසල්වාසීන්ගේ උදව්වෙන් වහලයට සෙවිලිකර ගැනීමෙන් මේ නිවස බොහෝ විට පරම්පරා කීපයක්‌ පවතින ලෙස නඩත්තු කර ගැනීමට ගැමියාට හැකිවිය.

මෙම නිවස පෙනුමෙන් ප්‍රමාණයෙන් ප්‍රසන්න බවක්‌ ගෙන දුන්නාක්‌ මෙන්ම සුවදායී බවින්ද ඉහළවිය. මැට්‌ටෙන් ඉදිකළද පිහිටි පොළවට වඩා අඩි දෙක තුනක්‌ ඉහළින් නිවසේ පොලව සකස්‌ කර ගත් හෙයින් වැසි හා ශීත කාලයට උණුසුම් බවද උෂ්ණ කාලයට සිසිල් බවද ලැබිණි. මෙහි බිම පැදුරක්‌ එලා නිදා ගැනීම ඉතා සුවදායක වූයේ එබැවිනි. දිවා කාලය තුළ වෙහෙස මහන්සි වී කුඹුරේ හේනේ වැඩ කළ ගැමියාට, ගැමිලියට සැබවින්ම සුන්දර සුවදායි විවේකයක්‌ මෙවැනි නිවසකින් ලැබිණි. ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන ලද නවීන නිවසක නැති සුවයක්‌, පරිසරයෙන් උකහා ගත් ද්‍රව්‍යයන් උපයෝගි කරගෙන ඉදිකළ මෙවැනි නිවසකින් ලැබිණි.
සරල ගැමි දිවි පෙවෙතේ කැඩපත බදු මේ ගැමි නිවාස අද ජීවත් වන අපට ආදර්ශයක්‌ සපයයි. අද බොහෝ අය නවීන සැලසුම් අනුව ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන නිවසක නැති සුන්දරත්වයක්‌, සුවපහසුවක්‌ මේ නිවසින් ලැබිණි. එමෙන්ම දහසකුත් අවශ්‍යතාවන් මුදුන්පත්කර ගැනීම සඳහා නිවස ඉදිකරන්නට අද අප පෙළඹී ඇති හෙයින් සහ තම ආදායමට නොගැළපෙන කාර්යයකට අතගැසීම නිසා අප බොහෝ දෙනා අද ජීවත් වන්නේ අඩ වශයෙන් නිමකළ නිවාසවලය.

එහෙයින් තමන්ට ගැළපෙන තම ආදායමට සරිලන තමන්ට පහසුවෙන් නඩත්තු කර ගැනීමට හැකි සුවදායි පරිසරයක්‌ හා මානසික සතුටක්‌ ලබා දෙන නිවසක්‌ ඉදිකර ගන්නට නම් අපේ පැරණි සිංහලයා තම නිවස ඉදිකර ගත් ආකාරය ගැන සිතා බැලිය යුතු කාලය එලඹ ඇත.

ප්‍රසන්න බී. රත්නායක වරලත් වාස්‌තු විද්‍යාඥ
- අධ්‍යක්‌ෂ වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

- Divaina
[Continue reading...]
 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger