Saturday, January 28, 2012

පෙනෙන නාගයෝ සහ නො පෙනෙන නාගයෝ

- 1 comments

පෙනෙන නාගයෝ සහ නො පෙනෙන නාගයෝරටේ තුනෙන් එකක පමණ භූමි භාගයක පැතිර යමින්, දහස්‌ සංඛ්‍යාත ජීවිත බිලිගත් නො දන්නා හේතුවකින් හටගන්නා වකුගඩු රෝගයක හේතුව සොයා ගැනීම සඳහා දෙස්‌ විදෙස්‌ පර්යේෂකයන් විවිධ පර්යේෂණ කළ ද ඒ සඳහා නිසි පිළිතුරක්‌ ලබා දීමට ඔවුහු අපොහොසත් වූ හ. එවන් තත්ත්වයක්‌ තුළ දේශීය පර්යේෂණ කණ්‌ඩායමක්‌ රෝගයට හේතුව පළිබෝධනාශක සහ රසායනික පොහොර ඔස්‌සේ පැමිණෙන ආසනික්‌ නම් විෂ ද්‍රව්‍යය කිවුල් ජලය ඔස්‌සේ ශරීරගත වීම බව පෙන්වා දුන්නේ ය. කිවුල් ජලයේ ආසනික්‌ සැඟව ඇති බවත්, සාමාන්‍ය රසායනික විශ්ලේෂණ ක්‍රමවේදවලින් ඔබ්බට ගොස්‌ කිවුල රසායනිකව බිඳ දැමූ පසු පමණන් එසේ සැඟව ඇති ආසනික්‌ නිර්ණය වන බවත් එහි දී පැහැදිලි කෙරිණි.
පසුගිය වසරේ රටේ වඩාත් ම කතා බහට ලක්‌ වූ මාතෘකාවක්‌ වූයේ “ආසනික්‌” ය. දැන් වසරකට පසු, වකුගඩු රෝගයට හේතුව කිවුලේ සැඟව ඇති ආසනික්‌ බවට බටහිර විද්‍යාත්මක ලෝකයට පිළිගැනීමට සිදු වන තත්වයකට පත් ව ඇත. මේ පිළිබඳව පර්යේෂණ කළ කණ්‌ඩායමට රෝග නිධානය පිළිබඳ හෝඩුවාව ලැබුණේ බෞද්ධ භාවනා ක්‍රම ඔස්‌සේ සිත දියුණු කළ අයකු ගෙන් ය යන තොරතුර ද ආසනික්‌ තරම් ම කතා බහට ලක්‌ වූවකි. ඒ පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ අදහස්‌වලින් පුවත්පත් පිටු පිරී ගියේ ය.

ආසනික්‌ හෙළිදරව්ව කළ පර්යේෂණ කණ්‌ඩායමට එතැනින් නො නැවතින. ඔවුහු රෝගයට හේතු වන ආසනික්‌ රට තුළට ගෙන එන පළිබෝධනාශක සහ රසායනික පොහොර භාවිත නො කරන ගොවිතැනක්‌ පිළිබඳව ද පර්යේෂණ කළ හ. බටහිර වෛද්‍ය විද්‍යාවට කිසිදු ලෙසක සුවපත් කළ නොහැකි මේ වකුගඩු රෝගය සුවපත් කළ හැකි බව පෙන්වා දෙමින් මූලික පර්යේෂණය සිදු කළ හ. ඒ දැනුම ද මේ පර්යේෂණ කණ්‌ඩායමට ලැබුණේ පෙර කී ආකාරයෙන් ය.

මේ වසර මෙසේ ලබාගත් ගොවිතැනේ සහ වෙදකමේ දැනුම ප්‍රායෝගිකව රටට ම ලබා දෙන එම දැනුම සමාජගත කරන වසර ලෙස සැලකීමට පර්යේෂණ කණ්‌ඩායම තීරණය කර ඇත. කෝටි 6කට ආසන්න ජනගහණයකට ආහාර සපයා විදෙස්‌ රටවලට ද සැපයීමට තරම් මහා පරාක්‍රමබාහු රජු දවස මෙරට සශ්‍රීකවත් විය. එකල සිදු කර ඇති නිර්මාණ දෙස බැලීමෙන් නිරෝගී ශක්‌ති සම්පන්න ජන කොටසක්‌ විසූ බව සිතා ගැනීම අපහසු නැත. එදවස ගොවිතැන ද වෙදකම ද වාරි කර්මාන්තයේ සහ ඉදිකිරීමේ කලාවේ දැනුම ද ලැබී ඇත්තේ බෞද්ධ භාවනා ක්‍රම ඔස්‌සේ සිත දියුණු කළ අය ඔස්‌සේ ය. බටහිර දැනුමට, විද්‍යාවට, තාක්‍ෂණයට ගෝචර නො වන අපේ දැනුමේ රහස එයයි.

අද නැවතත් එවන් දැනුමක්‌ ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ හෙළිපෙහෙළි වෙමින් ඇත. ආසනික්‌ ඔස්‌සේ අරඹුණු මේ විප්ලවය ගොවිතැනට සහ වෙදකමට ද පැතිර යමින් පවතින බව ඇසීම පමණක්‌ ම දේශප්‍රේමියකු ගේ සිතට සහනයක්‌ ගෙන දෙනු ඇත. එසේ වුව එය විදේශප්‍රේමීන් ගේ ඇස්‌වලට කටු අනින, කන් අඩි පුපුරුවන සිද්ධියක්‌ බව නොඅනුමාන ය. ඉදිරි කාල සීමාවේ දී මේ අයුරින් සාමාන්‍ය නො වන ක්‍රමවේදයක්‌ ඔස්‌සේ ලැබුණු දැනුම පිළිබඳව විදුසර ඔස්‌සේ කරුණු හෙළි කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය වන මූලික හැඳින්වීම මේ ලිපියත් සමග ඇරඹේ.

සාමාන්‍ය තත්ත්ව යටතේ මිනිසකුට නො පෙනෙන එහෙත් සම්මුති ලෙස පැවැත්මක්‌ ඇතැයි සැලකෙන ජීව කොට්‌ඨාශ බොහොමයක්‌ ගැන පෙර අපර-දෙදිග දර්ශන, ආගම්, ජනශ්‍රැතිවල සඳහන් වේ. මනුෂ්‍යයන් හැරුණු විට අමනුෂ්‍යයන්, තිරිසනුන්, දෙවියන්, බඹුන් ආදී තවත් ජීව කොට්‌ඨාශ ගණනාවක්‌ ගැන බුදු දහමේ සඳහන් ය. මේ අතුරින් තිරිසනුන් අපේ දෑසට දැකගත හැකි ය. එහෙත් අමනුෂ්‍යයන්, දෙවියන් හෝ බඹුන් සාමාන්‍යයෙන් දැකගත නොහැකි ය. එසේ වූ පමණින් අමනුෂ්‍යයන් දෙවියන් හෝ බඹුන් යනුවෙන් ජීව කොට්‌ඨාශ නැතැයි අපට පැවසිය නොහැකි ය. මනුෂ්‍යයන් හෝ තිරිසන් නො වන ජීව කොට්‌ඨාශ විශ්වය තුළ සැරිසරන බවට සාධක බොහෝ ඇත.
මෙහි දී අවධානයට යොමු වන්නේ අමනුෂ්‍ය, දිව්‍ය හෝ බඹ ගණයට එක්‌වර ම ඇතුළත් නො කෙරෙන තවත් ජීව කොට්‌ඨාශයක්‌ ගැනයි. ඒ නාගයන් ය. නාගයන් කියූ පමණින් අපේ සිතට එන්නේ නාග නමින් හඳුන්වන සර්පයන් ය. එහෙත් මෙහි දී නාගයන් ලෙස හඳුන්වන්නේ සර්ප විශේෂය නො ව “නාග” නමින් හඳුන්වන වෙනත් ජීව විශේෂයක්‌ ය. බෞද්ධයෝ පුණ්‍යානුමෝදනාවේ දී “ආකාසට්‌ඨාච භුම්මට්‌ඨා- දේවානාගා මහිද්ධිකා” යනුවෙන් පවසති. තව ද මහාසමය සූත්‍රයේ දී මෙසේ පැවසෙයි. තව ද ආකාශස්‌ථ නාගයෝ ද, විශාලා නාගපුර වැසි නාගයෝ ද, තක්‍ෂක නම් නාගයන් කැටුව ආ හ. කම්බල, අස්‌සතර යන කුල දෙකේ නාගයෝ ද ප්‍රයංගවාසී නාගයෝ ද නෑයන් කැටුව ආ හ. යසස්‌ ඇති යමුනා නාගයෝ ද, ධ්‍රැතරාෂ්ඨ කුලයට අයත් නාගයෝ ද ඓරාවන ඒ මහා නාගයා ද, භික්‌ෂූන් ගේ සමාගමය දක්‌නට පැමිණිය හ. ආටානාටිය සූත්‍රයේ දී නාගයන් ගැන සඳහන් වන්නේ “නාගෝ වා නාගීනී වා, නාගපෝතකෝ වා, නාගපෝතිකාවා, නාගමහමත්තෝ වා, නාග පාරිසඡ්ජෝවා නාගපචාරෝ වා” යනුවෙනි.

මේ ආකාරයට සූත්‍ර, අභිධර්ම, විනය පිටකත්‍රය තුළ බොහෝ තැන්වල නාගයන් ගැන සඳහන් වේ. ඒ හැරුණු විට මහාභාරතයේ දී ද තවත් භාරතීය ග්‍රන්ථ ගණනාවක ද නාගයන් ගැන විස්‌තර කෙරේ.
මේ ස්‌ථානවල නාග ලෙස හඳුන්වන්නේ කවුරුන් ගැන ද? දේව කොට්‌ඨාශයක්‌ ද, නො එසේනම් හුදු මනඃකල්පිත යොදා ගැනීමක්‌ ද? නාගයන් ගැන ඉතා අපූරු සහ සංගත දැනුමක්‌ සිංහල සමාජය සතු වූ බවට සාධක ඇත ද, අද අප සතු ව එවන් දැනුමක්‌ නැත. පසුගිය වසරක පමණ කාලය තුළ ලැබූ අත්දැකීම් එකතු කර ගත් තොරතුරු මත නාගයන් ගැන යම් අකාරයක පැහැදිලි කිරීමක්‌ සිදු කිරීමට දැන් අපට හැකියාව ලැබී ඇත.
පෙරදිග දර්ශන, ආගම්, ජනශ්‍රැති තුළ නාගයන් ලෙස හඳුන්වා ඇත්තේ සාමාන්‍ය තත්ත්ව යටතේ මසැසට නො පෙනන ජීව කොට්‌ඨාශයක්‌ ය. නාග නම් සර්ප විශේෂය නාගයන් ලෙස හැඳින්වුව ද නාග නමින් උසස්‌ ජීව කොට්‌ඨාශයක්‌ ද විශ්වය තුළ සැරිසරයි. නාගයන් ගේ තේජෝ ධාතුව දෙවියන් ගේ තේජෝ ධාතුවට වඩා වැඩි ලෙස සැලකේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි නම් ගුණාංග විවිධ අනුපාතයන්ට එක්‌ වීමෙන් අමනුෂ්‍ය, මනුෂ්‍ය, තිරිසන්, දේව, නාග, බ්‍රහ්ම ජීව කොට්‌ඨාශ නිර්මිත වී ඇති බව බුදු දහමේ සඳහන් ය.
නාගයන්ට නාග නම ලැබීමට ඔවුන් ගේ රූප කායේ ස්‌වභාවය හේතු වී ඇතැයි සැලකිය හැකි ය. නාග ලෝකයේ දී ඔවුන් ගේ රූපය දිව්‍ය රූපයක්‌ ලෙස පවතින අතර වෙනත් ස්‌ථානයකට පැමිණෙන සංක්‍රාන්ති කාල සීමාවේ දී ඔවුන් ගේ රූපයේ හිසෙන් පහළ කොටස සර්පයකු ගේ රූපයට සමාන ස්‌වභාවයක්‌ ගන්නා බව කියෑවේ. මහා නාගිනිය නාග ලෝකයට අධිපතිනිය ලෙස සැලකෙන අතර මහානාග දිව්‍ය පුත්‍රයන් දෙදෙනා පාලනයේ දී ඇයට සහාය වන බවත් පැවසේ. තිරිසන් ලොව සිටින සර්පයන් සමග ද නාග ලෝක වාසීන්ට පණිවිඩ හුවමාරු කර ගත හැකි බවත් මේ දෙකොටසේ තේජෝ ධාතු ස්‌වභාවයේ යම් සමානකම් ඇති බවත් පිළිගැනීමක්‌ ඇත.
නාග ලෝකයේ ද ශක්‌ති තල අනුව නාග, සුපර්ණක නමින් දෙකොටසකි. දෙවියන්ට ද වඩා ඉහළ රූප සොභාවක්‌ නාගයන්ට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි දී විස්‌තර කෙරෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් කෙනකු ගේ එකඟතාවයක්‌ නො තිබිය හැකි වුව ද මේ බොහෝ දෑ අප දැනගත්තේ ප්‍රත්‍යක්‍ෂ ලෙස ඒ ගැන අවබෝධයක්‌ ලැබූවන් ගෙන් බව පැවසිය යුතු ය. ඔවුන්ට අනුව නාගයෝ යනු සම්‍යක්‌ දෘෂ්ටිකයෝ ය. බෝසතාණන් වහන්සේ නමක්‌ සසර සැරිසරමින් පාරමී පුරන කාල සීමාවේ දී නාගයෝ ඒ සඳහා බොහෝ උදව් උපකාර කරති. එපමණක්‌ නො ව මනු ලොව තුළ සම්‍යක්‌දෘෂ්ධිය මත පදනම් ව යම් කාර්යයක්‌ සිදු කෙරේ නම් ඒ උදෙසා අනුග්‍රහය දැක්‌වීමට ද නාගයෝ නොපසුබට වෙති. ගෞතම බෝධිසත්වයන් වහන්සේ පාරමි පුරන කාලයේ නාගයන් සමග විශේෂ සබඳතාවක්‌ තිබූ බව ජාතක පොතෙන් සොයා ගැනීමට අපහසු නැත. බුද්ධත්වයට පත් වූ පසු ද මුචලින්ද නා රජු ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේට රැකවරණය සැපයූ බව සඳහන් වේ. මහා වංශයට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ ලංකාවට වැඩම කර ඇති අතර ඒ තෙවර ම නාගයන්ට හෝ නාග ගෝත්‍රිකයන්ට ඇති සබඳතාවක්‌ ගැන විස්‌තර කෙරේ.

නාගයන් යනු තවත් එක්‌  තලයකට අයත් ජීවීන් කොටසක්‌ නම් නාග ගෝත්‍රිකයන් යනු කවුරුන් ද? ඔවුන්ට නාග ජීවීන් සමග සබඳකමක්‌ තිබේ ද? විවිධ ආගම්වල මෙන්ම ජනශ්‍රැතිවල ද සඳහන් වන පරිදි කලින් කලට දෙවිවරු මෙන්ම නාගයෝ ද ඒ ලෝකවලින් චුත ව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. මේ අයුරින් නාග ලොව සිට මනු ලොවට යමකු පැමිණි විට ඔහු ගේ නාම රූප ස්‌වභාවයන් තුළ පෙර පැවැති තේජෝ ධාතුවේ ස්‌වාභාවයන් ඉතිරි ව තිබේ. මේ නිසා ඔවුහු මනුෂ්‍ය ලොව තුළ යම් යම් නායකත්ව ලක්‍ෂණ පෙන්වති. එසේ නාග ලොවෙන් චුත ව මනුෂ්‍ය ලෝකයට පැමිණි කෙනකු යම් ජන කොටසකට නායකත්වය දුන් පසු ඔවුහු  නාග ගෝත්‍රිකයන් ලෙස හඳුන්වති. සිංහල ජාතිය ගොඩනැඟීමට ද නාග ගෝත්‍රිකයන් දායක වූ බව පැවසේ.

නාග නම සඳහන් වන සිංහල රජවරුන් ගණනාවක්‌ පිළිබඳ වංසකතාවලින් හෙළි වේ. දුටුගැමුණු මහ රජතුමන්, දෙව් ලොව සිට සිළුමිණි මහා සෑය අසල දී අධිෂ්ඨාන ගෙන ඉන් චුත ව නාග ලොවට පැමිණ පසුව විහාරමහා දේවිය ගේ කුස තුළ පිළිසිඳගත් බව සැලකේ. ඛල්ලටනාග, චෝරනාග, මහාදාඨික මහානාග, ඉළනාග, සිරිනාග, අභයනාග සිංහල සිහසුනට පත් වූ නාග නම සඳහන් රජවරුන් ය. ඊට අමතරව සේන නම සඳහන් රජවරුන් ද නාග ගෝත්‍රිකයන් ලෙස සැලකේ.

භාරතයේ ද බලය හෙබැවූ රාජ වංශ බොහොමයක්‌ නාග පෙළපත් බව ඉතිහාස ගවේෂකයෝ පවසති. මගධයේ බලය ලබාගත් සිසුනාග හා නාගදර්ශක පෙළපත් දෙකත්, ඩෙකෑනය පාලනය කළ සාතවාහන පාලකයනුත්, ගුප්ත වංශිකයනුත් නාග ගෝත්‍රිකයන් බව සඳහන් ය. අදටත් ඉන්දියාවේ ප්‍රදේශ නාම රැසක්‌ නාග නම සම`ග බැඳී ඇත. නාග ගෝත්‍රිකයෝ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්‌ නාගලන්ත, මණිපූර්, ඇසෑම්, අරුණාචල සහ ඒ ආසන්න මියෑන්මාරයේ ජීවත් වෙති. නාග්පූර්, නාගර්කෝට්‌, නාගර්ජුනකොණ්‌ඩ සහ නාගපට්‌ටනම් නාග නම යෙදෙන ඉන්දියාවේ ස්‌ථාන කිහිපයකි.

අද යාපනය ලෙස හඳුන්වන මුළු ප්‍රදේශය ම අතීතයේ හඳුන්වා ඇත්තේ නාගදීපය යනුවෙනි. ටොලමි ගේ සිතියමේ රටේ උතුරු ප්‍රදේශය ම හඳුන්වා ඇත්තේ නගදිබි  ලෙස ය. වල්ලිපුරම් රන් සන්නසේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නකදිව ලෙසයි. නාඋල, නාවිමන, නාවින්න, නාපාදෙණිය, නාකුළුගමුව, නාඔටුන්න, නාදුගල, නාකන්ද නාග නම යෙදෙන ලංකාවේ ප්‍රදේශ කිහිපයකි.

අප දැනගත් තොරතුරු අනුව නාගයන්ට සුවිශේෂි වූ දැනුමක්‌ ඇත. විශේෂයෙන් තරංගමය ස්‌වභාවය සහ බැඳෙන දේ සම්බන්ධයෙන් නාගයන්ට විශේෂ හැකියාවක්‌ ඇත. එම දැනුම නාගයන් තමන් සමග සබඳකම් පවත්වන මනුෂ්‍යයන්ට විවිධ ආකාරයෙන් ලබා දී ඇත. එහෙත් ඒ අකාරයට දැනුම ලබා දී ඇත්තේ සම්‍යක්‌දෘෂ්ටිය මූලික කරගෙන ඇරඹි ව්‍යාපෘති සඳහා පමණි. පැරැණි සිංහලයන් සතු වූ වෙදකම සහ වාරිකර්මාන්තයේ දැනුම මූලික වශයෙන් ම ලැබී ඇත්තේ නාග ලෝකයෙන් ය. නාග ලොවින් චුත ව මනු ලොවට පැමිණි අය හරහා මෙන්ම සමථ, විදර්ශනා භාවනා ඔස්‌සේ මනස දියුණු කරගත් අය ඔස්‌සේ ද මේ දැනුම නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට ලබා දී ඇත. කෙසේ වෙතත් මේ අවස්‌ථාව උදා වී ඇත්තේ ථෙරවාදී බුදු දහම ප්‍රචලිත වූ ප්‍රදේශවල ජීවත් වූ ජන කොටස්‌වලට පමණි. ඉන්දියාවේ වත්මන් ආන්ද්‍ර ප්‍රදේශය, මියෑන්මාරය, කාම්බෝජය ආදී ප්‍රදේශවල ද නාගයන් ගෙන් ලැබුණු දැනුමේ කොටස්‌ අවශේෂ ව ඇත. සම්‍යක්‌ දෘෂ්ටික ගමන් මාර්ගයේ ගමන් කරන්නවුන් නැති වීම, භාවනාව මඟින් සිත දියුණු කරගන්නා පිරිස්‌ හීන විම සහ විදේශ ආක්‍රමණ නිසා නාග ලෝකය සමග පැවතුණු සබඳකම බිඳී ගිය අතර ඒ සමග වෙදකමේ සහ වාරිකර්මාන්තයේ දියුණුව ද ඇණහිටිණ. එපමණක්‌ නො ව ක්‍රමයෙන් එම දැනුම පිරිහී යන්නට විය.

වැව යනු සිංහල ශිෂ්ටාචාරයේ අද්විතීය නිර්මාණයකි. වැවක්‌ වසර සිය දහස්‌ ගණනක්‌ මනුෂ්‍ය වර්ගයා ගේ පැවැත්මට, යහජීවනයට නිහඬ මෙහෙවරක්‌ සිදු කරයි. වැව් නිර්මාණයට දිව්‍ය-නාග කොට්‌ඨාශවල ද සහයෝගය ලැබුණු ලෙස සැලකේ. සාමාන්‍ය මිනිස්‌ බුද්ධියට ගෝචර නො වන නිර්ණය කිරීම් බොහොමයක්‌ වැව් නිර්මාණයට දායක වී ඇති බව පෙනී යයි. වසර දහස්‌ ගණනකට පසු ද වැව් නිර්මාණය කළ ස්‌ථානයේ වැරැද්දක්‌ ගැන අපි අසා නැත්තෙමු. එහෙත් නූතන වාරි ඉදිකිරීම් කළ ස්‌ථාන ඒ සඳහා සුදුසු ම ස්‌ථාන නො වන බවට වසර විස්‌සක්‌ තිහක්‌ යැමට පෙර ම අදහස්‌ මතු වේ. වැවක්‌ හෝ වෙනත් වාරි කර්මාන්තයක්‌ පොළොවේ පිහිටුවිය යුත්තේ නිශ්චිත ව ම කුමන ස්‌ථානයක ද යන වග තීරණය කළ මොහොතේ සිට එය මනා ප්‍රමිතියෙන් නිර්මාණය කර ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා මොහොත දක්‌වාත්, ඉන් පසු එහි ආරක්‌ෂාවටත් නාගයන් උපකාර කළ බව සැලකේ. මේ උපකාරය සිහිපත් කරනු පිණිසත්, අඛණ්‌ඩව නාග ලෝක වාසීන් ගේ ආශිර්වාදය වාරි කර්මාන්තයේ ආරක්‌ෂාව පිණිස ලබාගනු පිණිසත් නාග රූපයක්‌ සුදුසු ස්‌ථානයක පිහිටුවා ඊට පුද සත්කාර කිරීම සිංහලයෝ පුරුද්දක්‌ කර ගත් හ. සිංහල වාරි කර්මාන්තය සහ නාග රූප අතර ඇති නො බිඳෙන නෑකමෙන් අර්ථවත් කෙරෙන්නේ මනුෂ්‍ය-නාග සබඳතාවයි. ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ සංකේතය ලෙස අදටත් යොදා ඇත්තේ නාග රූපයකි.

වාරිකර්මාන්තයට පමණක්‌ නො ව දැහැමි කෘෂිකර්මාන්තයට නාගලෝකවාසීන් උදව් උපකාර කර ඇත. ඵලදාව වැඩි කර ගැනීමට, පළිබෝධ උවදුරුවලින් බේරීමට නාග ලෝක ශක්‌තිය උපකාර වන බව අදහන ගැමියෝ අදටත් සිටිති. මියෑන්මාරය, කාම්බෝජය වැනි රටවල ඇතැම් ප්‍රදේශවල නාග රූප සශ්‍රීකත්වයේ සංකේතයක්‌ ලෙස යොදා ගනී.

සිංහල වාරි කර්මාන්තයේ මහා නිර්මාණ යම් යම් වෙනස්‌කම්වලට බඳුන් ව හෝ අදටත් අපට දැකගත හැකි ය. එහෙත් සිංහල වෙදකම යනුවෙන් ඉතිරි ව ඇත්තේ රටේ ස්‌ථාන කිහිපයක පාරම්පරික වෙදුන් ලෙස වෙදකම් කරන කිහිප දෙනකු පමණ ය. ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ සිංහල වෙදකම නො වේ. ආයුර්වේදයේ දැනුම මූලික ලෙස ම ලැබී ඇත්තේ බ්‍රහ්ම ලෝකවලිනි. සෘෂිවරුන් හරහා එම දැනුම මනුෂ්‍ය ලෝකයට ලැබුණා යෑයි සැලකේ. එහෙත් සිංහල වෙදකමේ දැනුම සම්බන්ධ වන්නේ සම්‍යක්‌ දෘෂ්ටික දේව ලෝකවලට හා නාග ලෝකයට ය. මේ දැනුමටත් සිදු ව ඇත්තේ වාරි කර්මාන්තයේ දැනුමට සිදු වූ දෙය ම ය. කුසල් ඇති මිනිසුන් හීන විම, සම්මා මඟෙහි ගමන් කරන අය අඩු වීම, සිත දියුණු කරගෙන දේව නාග ලෝක සමග ගනුදෙනු කරන අය අඩු වීම වැනි කරුණු සමග සිංහල වෙදකම ද අභාවයට ගොස්‌ ඇත.

සිංහල වෙදකම නාඩි සහ නිල සමග බැඳුණු වෙදකමකි. මිනිස්‌ සිරුරේ යම් ස්‌ථානයක රෝගී තත්ත්වයක්‌ හටගත් පසු ඒ හේතුවෙන් රුධිරයේ සංඝටකවල යම් වෙනස්‌කම් මෙන්ම රුධිර සංසරණයේ දී හටගන්නා තරංගවල ද යම් වෙනසක්‌ සිදු වේ. නාඩි පරික්‍ෂාවේ නිපුණයකුට නොඑසේ නම් භාවනා ක්‍රම මඟින් සිතේ සංවේදීතාව වැඩි කරගත් අයකුට මේ වෙනස නිර්ණය කර ගත හැකි ය. ඒ ඔස්‌සේ සෛලීය මට්‌ටම දක්‌වා ව්‍යාධිය පිළිබඳ විස්‌තරයක්‌ ලබාගැනීමේ හැකියාව ඇත. සරලව පවසන්නේ නම් අතේ නාඩි පරීක්‍ෂාව මඟින් සිරුරේ ඇති ඕනෑ ම රෝගී තත්වයක්‌ පිළිබඳව ගැඹුරු විග්‍රහයක්‌ ලබා දීමට නාඩි ශාස්‌ත්‍රයට හැකි ය.

මෙසේ රෝග විනිශ්චය සිදු කිරීමෙන් පසු නිල වෙදකම සිදු කරයි. එහි දී සිදු වන්නේ රෝගියා අනුවත්, රෝගය අනුවත් නිර්ණය වන වට්‌ටෝරුවකට අදාළ අවට පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි ශාක වර්ග 20-30ක විවිධ කොටස්‌ විවිධ අනුපාතයෙන් මිශ්‍ර කර ඒවා කොටා සකසා ගන්නා බෙහෙත් රෝගියා ගේ සිරුර මතුපිට නිල ස්‌ථාවලට තැබීමයි. නිල ස්‌ථාන යනු රුධිර සංසරණය නිසාත්, ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසාත් හටගන්නා විද්යුත් ක්‌ෂේත්‍රයක ශක්‌ති මංසන්ධි ලෙස හැඳින්විය හැකි ය. මේ නිල ස්‌ථානවලට බෙහෙත් තැබීමෙන් දෙයාකාරයක ක්‍රියාකාරීත්වයක්‌ සිදු වේ. නිලස්‌ථානවල සිදු වන විද්යුත් ක්‌ෂේත්‍ර වෙනස නිසා ස්‌නායු පද්ධතියේ සියුම් ක්‍රියාකාරීත්ව වෙනස්‌කම් ඇති වන අතර අවසානයේ හෝමෝන ශ්‍රාවයේ සිදු වන වෙනස්‌කම් තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵලය ළඟා කර ගනී. ඒ හැරුණු විට නිලස්‌ථානවලින් ශාක කොටස්‌වල ඇති ඖෂධීය ගුණය පහසුවෙන් සිරුරට අවශෝෂණය කර ගන්නා අතර එමඟින් උප සෛලීය, සෛලීය සහ පටක මට්‌ටමින් ව්‍යාධිජනක තත්ත්වයේ වෙනසක්‌ සිදු කරයි.

රෝගය අනුවත් රෝගියා අනුවත් නිලස්‌ථානවල වෙනස්‌කම් ඇති විය හැකි අතර එය හඳුනා ගැනීම නිල වෙදකමේ යෙදෙන වෛද්‍යරයා ගේ දක්‍ෂතාව මත සිදු වන්නකි. බෙහෙත් කොටා නිලස්‌ථානවලට තැබීමට අපහසු විටක නිලස්‌ථාන විවිධ ක්‍රම මඟින් උත්තේජනය කර ප්‍රතිකාර කිරීම සිදු කරයි. විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම සහ ඇස්‌ වෙදකම ද සිංහල වෙදකමේ කොටස්‌ ය. සිරුරේ ඇති වන ව්‍යාධි සඳහා ආහාරපාන සමග සිරුරට ඇතළු වන විෂ ද්‍රව්‍ය දිගුකාලීන ලෙස අභ්‍යන්තර අවයවවල තැන්පත් වීම ප්‍රධාන හේතුවක්‌ ලෙස සිංහල වෙදකමේ දී හඳුනා ගැනේ. විශේෂයෙන් නූතන ජීවන රටාව සමග මිනිසා නිපදවූ කාබනික අකාබනික විෂ සංයෝග, බැර ලෝහ ආදිය පහසුවෙන් සිරුරට ඇතුළු වේ. පිළිකා රෝග, ස්‌නායු පද්ධතියේ රෝග, වකුගඩු රෝග සඳහා ප්‍රධානතම හේතු සාධකය මේ විෂ සංයෝග බව හඳුනාගෙන ඇත. මෙසේ සිරුරට ඇතුළු ව අභ්‍යන්තර අවයවවල තැන්පත් ව ඇති විෂ සිරුරෙන් ඉවත් කිරීමට ක්‍රමවේද සිංහල වෙදකම සතු ය. විෂ ගල් යනු ඒ සඳහා යොදාගන්නා එක්‌ උපක්‍රමයකි. එහි දී ඖෂධ ගුණය කැවූ ගලක ආධාරයෙන් සිරුරේ තැන්පත් ව ඇති විෂ සංයෝගවල ශක්‌ති වෙනසක්‌ සිදු කර විෂේ ස්‌වභාවය වෙනස්‌ කිරීම සිදු කරයි. මේ සඳහා යොදාගන්නා බොහෝ ශාක සඳහා නාග ලෝකයෙන් ශක්‌තිය ලැබී ඇතැයි විශ්වාස කෙරේ. නාගවල්ලි, නාභිරිත්ත, නාගපිල, නා දලු, නාගදරණ වැනි ශාකවල විවිධ කොටස්‌ මේ විෂ හරණ කටයුතු සඳහා යොදා ගැනේ.

නාඩි හා නිල සමග බැඳුණු සිංහල වෙදකම වෙන ම කතා කළ යුතු මාකෘතාවක්‌ වුව ද මෙහි දී සඳහන් කළ යුතු වැදගත් ම දෙයක්‌ වනුයේ එය හුදු රූපකායට කරන වෙදකමක්‌ පමණක්‌ නො වන බවයි. මේ වෙදකමේ දී බුදු දහමේ සඳහන්වන නාම රූප විග්‍රහයට සුවිශේෂ ස්‌ථානයක්‌ ලැබේ. ඒ අනුව ව්‍යාධියක්‌ විස්‌තර කෙරෙනුයේ නාම කායේ ඉස්‌මතු වන අකුසල ශක්‌තියක්‌ රූප කාය සමග සම්බන්ධ වීමක්‌ ලෙසයි. මේ නිසා ඖෂධ, විෂ ගල්, සහ වෙනත් උපක්‍රම යොදාගෙන රූප කායට ප්‍රතිකාර කරන අතර නාම කායේ ඉස්‌මතු ව ඇති අකුසල ශක්‌තිය යටපත් කිරීමට සහ කුසල ශක්‌තිය ඉස්‌මතු කරගැනීමට උපක්‍රම යෙදීම ද අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන් සුව කළ නොහැකි යෑයි සම්මත දරුණු ලෙඩ රෝග සුවපත් කර ගැනීමට නාමරූප දෙකායට ම ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු ම ය. එහි දී නාම කාය සුවපත් කිරීමට “භාවනාව” ප්‍රධාන කොට ම යොදා ගැනේ.

මනුෂ්‍ය ශිෂ්ටාචාරයක දිගු කල් පැවැත්ම සඳහා උපකාරී වන ප්‍රධාන දැනුම් කොටස්‌ දෙක කෘෂි-වාරි කර්මාන්තයේ දැනුම සහ වෙදකමේ දැනුමයි. ලොව අනභිභවනීය ශිෂ්ටාචාරයක්‌ බුදු දහම මත පදනම් ව ගොඩනැඟීමට සිංහලයන්ට හැකි වූයේ කෘෂිකර්මයේ සහ වෙදකමේ සුපිරිසිදු දැනුමක්‌ ඔවන් සතු වූ හෙයිනි. අපට පමණක්‌ නො ව වත්මන් ඉන්දියාවට අයත් ප්‍රදේශවල මෙන්ම අග්නිදිග ආසියාතික කලාපයේ ද බුදු දහම මත පදනම් ව ගොඩනැඟුණු සංස්‌කෘති, ශිෂ්ටාචාරවලටද එවන් දැනුමක්‌ තිබෙන්නට ඇත. මේ දැනුම ලබා ගැනීමට මෙන්ම එය ප්‍රායෝගිකව ක්‍රියායෙහි යෙදවීමට ද මනුෂ්‍ය නො වන වෙනත් සම්‍යක්‌දෘෂ්ටික ජීව කොට්‌ඨාශවල සහාය අපට ලැබී ඇත. අද එවැන්නක්‌ පිළිගැනීමට තබා කතා කිරීමට වත් බොහෝ දෙනා මැළි වන්නේ බටහිර දැනුමෙන් ඔළුව ඔද්දල් වී ඇති හෙයිනි. කෙසේ වෙතත් බටහිර දැනුම ලෙස ප්‍රකාශයට පත් වූ දැනුම බටහිර විද්‍යාඥයන් අතට ලැබීමට මනුෂ්‍යයන් නො වන ජීවී කොටස්‌වල සහයෝගය ද  ලැබුණු බව පෙන්වීමට බොහෝ සාධක ඇත.
සිංහල ශිෂ්ටාචාරය මනුෂ්‍ය-දේව-නාග තුන් කොට්‌ඨාශයේ දායකත්වයෙන් ගොඩනැඟුණු සම්‍යක්‌ දෘෂ්ටික ශිෂ්ටාචාරයකි. දේව-නාග කොටස්‌ නො සලකා හැර එහි පුනර්ජීවනයක්‌ ඇති කිරීම උගහට ය. විශේෂයෙන් නාගයන් ගැන දැනුමක්‌ හෝ අද සමාජය සතු වන්නේ නම් ඒ බොහෝ අල්ප වශයෙනි. මෙහි දී උත්සාහ ගැනුණේ “නාගයන්” ගැන යම් ආකාරයක හෝ දැනුමක්‌ සමාජගත කිරීමට ය.

වෛද්‍ය චන්න සුදත් ජයසුමන
[Continue reading...]

Wednesday, January 18, 2012

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු 2

- 0 comments

"ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු" බ්ලොග් පිටුව කියවපු කෙනෙකුට එම කරුණු තහවුරැකර ගන්න්ට History Channel එකෙ ගිය මේ වීඩියෝ එක වැදගත් වෙවි.
[Continue reading...]

ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries

- 6 comments


1.      පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් දඩයම් නිම්නයේ පිහිටි ජාතික වනෝද්‍යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී  ඕස්ට්‍රේලියාවට ගියා කියලද ?

----------------------------------------------------------------------------------

2.      ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන් නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේ ඔළුව ලොකු මිනිස්සුන්ගේ හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ සෙන්ටිමීටර  3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර  2600 ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර  1450 ක් විතරයි. මේ අලි ඔළු මිනිස්සුන්ගේ නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?

----------------------------------------------------------------------------------
3.      මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන් බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ. බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...


Aircraft of mount Albàn

----------------------------------------------------------------------------------
4.      මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්‍රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු 1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත් කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics) අනුරූප ලෙස විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන් දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!

----------------------------------------------------------------------------------

5.      මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත් කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී.  මෙතන පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව ගොඩබිම විතරයි. බලන්න මෙතනින් ගිහින් වර්තමාන ඇන්ටාර්ක්ටිකාව පේන්නේ කොහොමද කියලා. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ 1968 වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා. මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ‍ ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?

----------------------------------------------------------------------------------
6.      ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ. ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ.  මේ ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්... කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්‍රේරා විසින් මේ ගල් කැට දහස් ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!

 ----------------------------------------------------------------------------------

7.      අරුම පුදුම දඟර...!!! මේවා දැක්කම එච්චර වෙනසක් නෑ නේද ? එත් විශ්වාස කරන්න මේවා ස්ථිර වශයෙන්ම අවුරුදු 20000 කට  වඩා පරණයි. ඒ වගේම විද්වත් මතයට අනුව සමහර විට ‍අවුරුදු ලක්ෂ 3 කට වඩා පැරණි වෙන්නත් පුළුවන්. කාල නිර්නය කිරීමේ අපහසුව තමයි මේ අවිනිශ්චිතතාවයට හේතුව. රුසියාවට අයත් යූරල් කඳු වැටියේ නැගෙනහිර අන්තයෙන් ගලා බසින කුඩා ගංගාවක් වන Narada  ගංඟාවෙන් තමයි මේ අසාමාන්‍ය සර්පිලාකාර වස්තුන් හම්බවෙලා තියෙන්නේ. මේවායේ ලොකුම වස්තුව සෙන්ටිමීටර 3 ක් (3 cm) වන අතර කුඩාම වස්තුන් ගේ ප්‍රමාණය මිලිමීටර් 0.003 ක්...! ලොකු ඒවා තඹවලින් තමයි හැදිලා තියෙන්නේ. ගොඩක්ම කුඩා ඒවා ටංස්ටන් හා මොලිබ්ඩිනම් වැනි දුර්ලභ ලෝහ වලින් හැදිලා තියෙන්නේ. මේ කුඩා වස්තූන්ගෙන් බොහෝ ඒවා අන්වීක්ෂීය වස්තූන්. ඒත්... ඇහැට පේන්නැති තරම් පුංචි වුනත් මේ හැම සර්පිලාකාර වස්තුවකම ඇති සර්පිල වල මිනුම් ස්වර්ණ අනුපාතිකයට (Golden Mean ratioසමාන ‍වන ලෙසින් නිමවා තියෙනවා...

----------------------------------------------------------------------------------
8.      මේ ප්ලියෝසීන යුගයේ ජීවත් වුනු Toxodon කියන සතාගේ කලවා ඇටයක්... ඊතලයකින් ලකුණු කරලා තියෙන්නේ හෙල්ලකින් හෝ ඊතලයකින් හෝ අස්ථිය පසා කරගෙන ගිය සලකුණක්. (මට නම් ඕක පේන්නෙම mini-USB පෝර්ට් එකක් වගේ...:P)  ඉතින් මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය ? මේ අස්ථිය ප්ලියෝසීන යුගයට අයත් එකක්ලු...!!! ඒ කාලේ දුණු, ඊතල, හෙල්ල හදන්න මිනිස්සු තියා වානරයන් වත් ඇතිවෙලා නෑ නොවැ...!!!
----------------------------------------------------------------------------------

9.      මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේ Wyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන, බොහෝ සේ රැළි වැ‍ටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස යන්තන් අඟල් 14 යි ලු...! ඒ ව‍ෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම් 350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල් තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වෙන  ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!

----------------------------------------------------------------------------------
10.  දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක් දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද ? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ... :P)




----------------------------------------------------------------------------------
11.  පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ. 

----------------------------------------------------------------------------------

12.  අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා. මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක් නිරූපණය වෙනවා.



 ----------------------------------------------------------------------------------

13.  ප්‍රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන විධික්‍රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්‍රාග් ‍‍ඓතිහාසික කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!



----------------------------------------------------------------------------------
     අප්පේ... ඉවර නෑ... තවත් තියෙනවා. ඔක්කොම හරි දාන්න තිබ්බා... මට මේ ටිකේ කොටන්න වෙලාව මදි... අනික තවත් මේ වගේ ටිකක් තියෙනවා දාන්න. පින්තූර වැඩි වෙලා පිටුවම අල වෙයි. ඒක නිසා සමාවෙලා තව කොටසකට අවසර...!!! ගොඩක් දෙනෙක් එක එක ජාතියේ ඒවා අහලා / කියලා තිබුණා. හිමින් සැරේ කමෙන්ට් දාන්නම්කෝ. සමාවෙන්න... මාසේ අන්තිම නිසා වැඩ වැඩියි... මහන්සි වැඩියි... මේ වගේ බර වැඩකට කාලේ හදාගන්න ටිකක් අමාරුයි... ‍‍ඒ වුනත් ඉතින් මේ වගේ පෝස්ට් එකක් ඉවර කලාම දැනෙන සතුට, කමෙන්ට් එක එක එද්දී, හිට්ස් වැඩිවෙද්දී තව තවත් වැඩිවෙනවා. ඒක තමයි අපි වගේ බ්ලොග්කරුවන්ට තියෙන සතුට. ඉතින් ඒ සතුට විඳගන්න උදව් වෙච්ච ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාරියක්ම ගොඩාරියක් ස්තුතියි...! ඔයාලා ආසාවෙන් කියනව නිසා තමයි මොන අමාරුව තිබ්බත් පෝස්ට් එකක් හදලා දාන්නේ. ඉතින් එහෙනම්... යන්න අවසර... ආයෙත් එන්නේ ලොකු වෙනසකුත් එක්ක... එකතුවෙලා ඉන්නකෝ... අපි ගියා එහෙනම්...!


-----------------------------------------




1.      මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මුල් චිත්‍රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක් නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්. ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්‍රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශක‍යන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...!



  -----------------------------------------------------------------------


2.      මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය. සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම් පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්‍ත්‍රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා තියෙනවා...!


 -----------------------------------------------------------------------


3.      ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ? ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක් කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක් හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්‍රමාණය - අඩි හයහමාරයි (1.97 m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m),   බර ටොන් දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි.  ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ. අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!!

gigante fossilizzato di Antrimfossilized giant of County Antrim

 -----------------------------------------------------------------------


4.      ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන් හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...! ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000  6000  කටත් වඩා පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි කරන්නැති...)

 -----------------------------------------------------------------------


5.      කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන් මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් !

 -----------------------------------------------------------------------


6.      ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝ‍ක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින් බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක් වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා...

-----------------------------------------------------------------------


7.      අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක් සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ 1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි ‍සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව. 1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන් ප්‍රකාශ කර සිටී...

-----------------------------------------------------------------------


8.      පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන් ඉඳලා තියෙනවා...

 -----------------------------------------------------------------------


9.      ඩයිනෝසරයින් ලෝකයෙන් තුරන් වෙලා ගියත් නොයෙකුත් ආකාරයෙන් අදටත් එක් එක් තැන් වල ඩයිනෝසරයන්ගේ රුව දක්නට ලැබෙනවා. ඔයාලටත් ඩයිනෝසර්ලා ගැන පොඩි අවබෝධයක් තියේ නම් T-රෙක්ස්, ස්ටෙගසොර් ආදී ඩයිනෝ විශේෂ ගැන මතක ඇති... වර්තමාන සමාජය ඩයිනෝසරයන් ගැන දැනගත්තේ ෆොසිල සාක්ෂි මගින්... ඒ සඳහා නූතන විද්‍යාවත් බොහෝ දුරට ඉවහල් වුනා. ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වී යෑමට හේතු පව‍ා අනුමාන වශයෙන් සොයා ගන්නට අපට හැකිවුනා. අද කාලයේ ඩයිනෝසරයන් ගැන හැමදෙනෙක්ම දන්නා කාරණයක් වුනත් මිට අවුරුදු 1000 ක‍ට ඉහතදී ඩයිනෝසරයන් ගැන දැනගෙන ඉන්න පූළුවන් ද ? පහත රූපයේ දැක්වෙන්නේ ස්ටෙගසෝරයෙකුගේ කැටයමක්. කාම්බෝජයේ ඇන්කූර් හි විහාරයක ඇති කැටයමක් තමයි‍ මේ. මේක ක්‍රි.ව. 1186 දී කරවූවත් බව සඳහන්. එහෙම නම් ඒ කාලෙත් ඩයිනෝලා ගැන දැනගෙන ඉඳලා තියෙන්න ඕනේ...












-----------------------------------------------------------------------


10.  එහෙනම්... අවසාන වශයෙන් දෙන්න යන්නේ හොඳම... රසවත්ම... ලස්සනම අභිරහසක්...! පිරමීඩ හා පිටසක්වලයින් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක හැමෝම පිළිගන්න පොදු මතයක්. මේ ඒක සනාථ කෙරෙන තවත් සාක්ෂියක්. මේක දීලා ගිහින් තියෙන්නෙත් ඒලියන්ලා මයි. වම් පැත්තේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මහා පිරමීඩයේ ඇතුළුවීමේ දොරටුව උඩ කොටා ඇති හඳුනා නොගත් සංකේතාක්ෂර හතරක්. මේවා ග්‍රීක හෝඩියට තරමක සමානකමක් දක්වනවා. ඒවගේම දකුණුපස රූපයෙන් පෙනෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් හි සිදුවූ කුප්‍රකට පිටසක්වල යානා අනතුරේ සුන්බුන් අතරින් එකක ඡායාරූපයක්. එහි දැක්වෙන අමුතු රූපාක්ෂරයන් පිරමීඩයේ තිබූ රූපාක්ෂරවලට බොහෝ සමානයි නේද ? ඒකෙන් අපි තේරුම් ගන්න ඕනෙ පිරමීඩ හදන්න ඒලියන්ලා සහභාගි වුනු බවද ? නැත්නම් රොස්වෙල් වලට ඇත්තටම පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනා කියන එකද... ?





---------------------------------------



1.                  ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්... මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ‍ඊජිප්තුවේ Dendera වල හාතර් දෙවොලේ. මේ රූප වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක විදුලි බුබුලක් වැනි ව්‍යුහයක් බවයි පැවසෙන්නේ. මේ බල්බ දඟර ගැසුනු වයරයකින් ජෙනරේටරයක් වැනි ව්‍යුහයකට සම්බන්ධ වෙනවා. ඔය බල්බ් එක මැද්දේ සර්පයෙක් වගේ තියෙන්නේ සූත්‍රිකාව නොහොත් ෆිලමන්ට් එක (filament). ක‍්‍රිස්තු පූර්ව ගණන් වල විදුලි බල්බ වගේ තාක්ෂණයක් ගැන ඊජිප්තු වැසියන් දැන සිටියාද යන එක තමයි මෙතන තියෙන අභිරහස...!

 ---------------------------------------------------------------------------------

2.                  ඉහත කී ඊජිප්තු රූපයට පොඩ්ඩක් එහායින් තමා මේ වස්තු හතර පෙන්නලා තියෙන්නේ. මේ වස්තුන් හතරම පෙරදී මෙන්ම දඟර ගැසුනු වයරයක් වැනි සම්බන්ධකයකින් තවත් එක් ‍පොදු වස්තුවක‍ට සම්බන්ධ වෙනවා. මේ පොදු වස්තුවේ ව්‍යුහය බැටරියකට හෝ එවන් විදුලි සැපයුමකට සමාන බව තමයි පැවසෙන්නේ. ඔය පහතින් තියෙන රූපෙන් පේන්නේ අර වස්තු දෙකක් මැද තිබෙන ගෝලාකාර ව්‍යුහයයි. මෙමගින් යම් ආකාරයක විද්‍යුත් විසර්ජනයක්, නැත්නම් පුලිඟුවක් වැනි යමක් නිරූපණය කෙරෙනවා. මේක මොකක්ද කියන එක තාමත් හොයාගෙන නෑ.

---------------------------------------------------------------------------------  
 
3.                  මේ තවත් ඊජිප්තු පිරමීඩ අභිරහසක්. ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔය පීරමීඩ වල තියෙන රහස් උමං ගැන / රහස් කාමර / රහස් දොරටු ගැන කථා... මේ රූපයේ දැක්වෙන්නේ ඒ වගේ අභිරහස් දොරටුවක්. පුදුමේ කියන්නේ තඹ අත් අල්ලු (handles) දෙකකුත් මේ දොරට දාලා තිබුණත් මේක ඇරෙන්නේ තවත් බිත්තියකටමයි...! Rudolf Gantenbrink ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මගින් මේ දොරටුව සොයා ගනු ලැබුවේ UPUAUT 2 නම් රො‍බෝ පාලක උපකරණයක් මගින් ලබාගත් ඡායාරූපයකින්. Cheops නම් පිරමීඩයේ රැජිණගේ කුටියෙන් දකුණු දෙසට වැටුණු විවරය කෙලවර වසා ගෙන සිටින මේ දොරටුව මෑතකදී විවෘත කරනු ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වුනේ පෞරාණික වස්තු සමූහයක් දකින්න වුවත් එතනින් එහා තිබුනේ හිස් බිත්තියක්...! සමහරු නම් කියන්නේ ඒ බිත්තිය, එහා පැත්තේ තියෙන වෙනත් දොරක පිටුපස ප‍ැත්ත කියලා. මේ වගේම දොරටුවක් රැජිණගේ කුටියෙන් උතුරු දෙසට යන විවරය කෙලවරත් තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නේ හංගන්න දෙයක් නැත්නම් මේවා මොකට මෙච්චර හංගලා හැදුවද කියන එක තමයි...!
---------------------------------------------------------------------------------  

4.                  මේ රූපයෙන් පේන්නේ පැරණි මිටියක නටබුන්. ඩේවිඩ් බෲස්ටර් කියන භෞතික විද්‍යාඥයෙක් විසින් 1844 දී මේක හොයාගෙන තියෙන්නේ වැලිගල් කුට්ටියක් අස්සේ තිබිලා. බ්‍රිතාන්‍ය භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය A.W. මෙඩ් විසින් මේ වැලිගල් කුට්ටියේ කාල නිර්ණය කරන්නට යෙදුනා. දන්නවද කොච්චර පරණද කියලා... අවුරුදු මිලියන 360 ත් 460 ත් අතර ගාණක් මේ මිටිය පරණයි ලු ! ඒ කාලේ කවුද දන්නෑ මේක පාවිච්චි කලේ...!!! 




 ---------------------------------------------------------------------------------  

5.                  මේක දැක්ක ගමන් මොකක්ද ඔළුවට එන්නේ. මිනිස් මූණක් කැටයම් කරපු සිප්පි කටුවක්... 1881 දී මේක හොයාගත්ත භූ විද්‍යාඥ H. ස්ටෝප්ස් ට අනුව නම් මේක තිබිලා තියෙන්නේ එංගලන්තයේ රතු ගල් පරයක. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි, මේ සිප්පි කටුව ප්ලියෝසීන යුගයට අයත් එකක් බව තහවුරු වීමයි. තේරුණේ නෑ නේද... මේක අවුරුදු මිලියන දෙකකට වඩා පරණයිලු...!
---------------------------------------------------------------------------------  

6.                  ආදී කාලීන ලෙදර් බෝලයක් වගේ නේද පේන්නේ. මේ බෝල ලෙදර් බෝල නොවුනත් ලෝක ප්‍රසිද්ධ ඒවා. මේ ලෝහ ගෝල සොයාගෙන තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Klerksdorp නම් ප්‍රදේශයෙන්. ඔය රූ‍ප සටහනේ තියෙන ගෝලයේ වටේට ඇලි තුනක් කොටලා තියෙන්නේ. ඔය වගේ බෝලත් එක්ක තවත් බෝල ගොඩාක් හම්බවෙලා තියෙනවා ආදී කේම්බ්‍රීය යුගයේ - ඒ කියන්නේ අවුරුදු බිලියන 28 ක් පරණ ඛණිජ නිධියක තිබිලා. මේ සමහර ගෝල වලට අඟල් කාලක් විතර ඝණකම තියෙන තුනී ක‍බොල්ලක් වගේ පිට කට්ටක් තිබිලත් තියෙනවා. ඒත් ඒක යකඩ වලින් සූරන්න බැරි තරමටම දැඩියි. ඔය කට්ට කැඩුනම ඇතුලේ තිබිලා තියෙන්නේ අමුතු ජාතියේ ස්පොන්ජි ව‍ෙග් ද්‍රව්‍යයක්. මේ අමුතු ද්‍රව්‍යය වාතයට නිරාවරණය වුනාම දූවිලි වගේ කෑලිවලට කැඩිලා විසිරිලා යනවා. Klerksdorp කෞතුකාගාරයේ භාරකරු හා පරිපාලක වන Roelf Marx පවසන්නේ ඔහු ප්‍රදර්ශණය පිණිස තබා ඇති ගෝලයට තමා විසින්ම භ්‍රමණය වීමට මෙන්ම පිටතින් එන සෙලවීමකදී එක තැනකම නොසෙල්වී සිටිය හැකි බවයි...! මේ බෝල මොනවාද ? මෙතරම් ඈත අතීතයේදී මෙවැනි ජ්‍යාමිතික නිවරද්‍යතාවයකින් මේවා සෑදුවේ කවුද ? කුමක් සඳහාද යන්න අඥාතයි. මේවා තැනී ඇත්තේ ආගන්තුක ද්‍රව්‍යයකින් බවයි විශේෂඥ මතය වන්නේ.


---------------------------------------------------------------------------------  

7.                  මේකත් ටිකක් ප්‍රසිද්ධ දෙයක්. මේ වස්තුව හඳුන්වන්නේ කෝසෝ මෙවලම (COSO artifact) යන නමින්. මේ පැරණි ස්ඵටිකමය පාෂාණ කුට්ටිය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ Olancha ප්‍රදේශයෙන්. මෙහි අන්තර්ගත වෙන්නේ ලෝහ හා පිඟන් මැටි (පෝසිලේන්). රූපයෙන් පෙන්වන්නේ මේ පාෂාණය කොටස් දෙකකට වෙන් කර ඇති ආකාරය. රූපයෙන් පේන්නේ ඒ කොටස් දෙකේ ඇතුළු පැත්ත.  එතකොට C හා රූප තමයි වැදගත්. මේවායින් පෙන්වන්නේ මේ පාෂාණයේ කිරණ ඡායාරූපයන්. මේ රූප වලින් පේන්නේ කුප්පියක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙන යකඩ දණ්ඩක්. මේක පුදුම සහගත වෙන්නේ මේ පාෂාණ කුට්ටිය අවුරුදු ලක්ෂ පහක් පැරණි වීමයි. ගොඩක් දෙනෙක් මත පළ කරන්නේ මේක පුළිඟු පේනුවක් - ස්පාර්ක් ප්ලග් එකක් කියලයි. අවුරුදු ලක්ෂ පහකට එහා වාහන තියා මනුෂ්‍යයා වත් ලෝකෙට පහළවෙලා හිටියේ නැති එකේ, ඒ කාලේ මොන ස්පාර්ක් ප්ලග් ද ? පුදුමයි නේ...!!!
www.eprf.tzo.com/html/spark_plug.html 
www.eskimo.com/~pierres/coso/cosopreview.html


---------------------------------------------------------------------------------    

8.                  ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු 8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද / නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...!
http://www.eagle-net.org/phikent/japan/japan.html


 ---------------------------------------------------------------------------------    

9.                  මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ?  මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...! ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් ‍‍‍මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් !




 ---------------------------------------------------------------------------------     

10.              දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්. මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?

---------------------------------------------------------------------------------     

11.              ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් ‍දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්. හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?


---------------------------------------------------------------------------------     

12.              මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness” කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා. ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර 30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි. 


---------------------------------------------------------------------------------     
13.              මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.


Article By : 
Chathuranga Perera
[Continue reading...]
 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger