Sunday, August 12, 2012

One of the most courageous inspirational athlete - R Karunanda 1964 olympics

- 0 comments
ටෝකියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාoගණය මීටර් 10000 ඉසව්වට සියල්ල සූදානම්ය...
සoඥාවකින් අනතුරුව තරගය ආරම්භ විය.තරගකරුවෝ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙති.කරුණානන්දගෙන් මිදුන සෙස්සෝ මීටර් 200කටත් වඩා ඉදිරියෙන් දිව යද්දී කරුණානන්ද පිටුපසිනි.පලමු වට දහය පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණ.20 වන වටය අරඹන විට කරුණානන්ද අන්තිමයාය.ඇමරිකානු ක්‍රීඩකයා ජයග්‍රාහී මාවතකය..
                     තරගය අවසන් වටය ඇරඹන විට කරුණානන්ද වට හතරකින් හෙවත් මීටර 1600කින් පසුපසින් හැල්මේ ධාවනයේ යෙදී සිටි අතර සෙස්සෝ මේ වන විට අතරින් පතර තරගයෙන් ඉවත් වෙමින් සිටියහ.ඉතාමත් තියුනු තරගයෙන් පසු ඇමරිකාවේ විලියම් රන්පදක්කම් දිනා ගන්නා ලදී...
                 තරගය හමාර විය.කරුණානන්දට තවත් වට 4ක් ඉතිරිව තිබේ..තරග සවිධායකයෝ ඊලග තරගයට සූදානම් වීමට මග බලා හිදිති.ආර්.කේ කරුණානන්ද ඉතිහාසගත වන්නෙ ඉතුරු වට 4නි.පලමු මීටර් 400 හෙවත් පලමු වටය ආරම්භ කරන විට 60,000ක් පමන වූ නරඹන්නෝ සමච්චලයට මෙන් උසුලු විසුලු කරමින් සිනාසෙන්නට විය..
          කරුණානන්දට වගක් නැත..........

කරුණානන්ද සිය දෙවන වටය අරඹන විට හඩ කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය....කරුණනන්ද සිය තෙවන කඩයිම ආරම්භ කලේය..ඒ තරගයේ 24 වන වටයයි..හූ හඩ නැගුනු අතරින් පතරම සිහින් අත්පොලොසන් නාදයක් ගුවන පුරා ප්‍රතිරාව දෙන්නට විය..කරුණානන්ද සිය විජයග්‍රාහී මීටර 400 ආරම්භ කලේය....මුලු ක්‍රීඩාන්ගනයම එකම හඩකින් නාද ගිගුම් දුන්නේය....
           කමෝන් සිලෝන්...........
       කමෝන් සිලෝන්...........
 හැට දහසක් පමන වූ නරඹන්නන් එකම හඩින් මුලු ක්‍රීඩානoගනයම ගිගුම් දෙද්දී කරුණානන්ද අවසන් මීටර 400 කගවේනෙකුට නොදෙවනි වේගයකින් අවසන් කලේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස නම්බු නාම ලබමිනි..............
Those who unwittingly inhabit others' versions of their realities might find Karunananda in a different way, I realized. If they scanned world cinema, the greatest or the most entertaining flicks, they might come across Ron Ichikawa's 'Tokyo Olympiad' (Tokyo Orimpikku). They would no doubt be amazed to learn that a man who came last in the 10,000m race was also featured among the winners, including the incredible Ethiopian, Abebe Bikila who was the first Black African to win an Olympic gold medal and the first to win the marathon twice in a row. Karunananda didn't compete in the marathon. He was placed 47th out of 52 in the 5000m race and started the 10,000 with a bad cold and a considerably weakened body. This was in 1964, when athletes didn't chicken out if they were less than 100 percent fit, a time when athletes were not pampered with sponsorships, employment, vehicles, houses and other gifts.

Karunananda competed because he wanted his little daughter to be happy that he competed, from start to finish. He came last. He could have stopped at any point, it would not have changed anything. He didn't. He was with the leaders when Billy Mills of the USA breasted the tape. That's because he had been lapped four times by that time. When he continued, it surprised the spectators. When he came around they jeered. When he came around a second time, there was silence. And then there was cheering. Wild applause. He finished the race to a standing ovation that exceeded the salutation that the spectators gave Mills. Mills is reported to have said that the gold should have gone to Karunananda. Days after the race he still received gifts from sympathetic Japanese. One housewife wrote, 'I saw you on TV, running all alone and I could not keep back my tears'. The Japanese remember. His story is related to schoolchildren to teach the virtue of determination and the triumph of the human spirit.

Karu was offered a job in Japan. A few days before he was to leave Sri Lanka, he died. Some say he died in an accident. Some say he was murdered. Some say he just disappeared. Years later a Japanese television crew arrived in Sri Lanka to do a documentary on this incredible man. No one knew him. They had been taken to the then 'Marathon Karu' by mistake and he had helped the Japanese find the man's family. Karu's wife had lost her mind when her husband 'died'. The family was literally on the street until a kind relative had offered to take care of the children.
[Continue reading...]

Sunday, July 1, 2012

හෙලයන්ගේ ගුවන් යානා නොහොත් විමාන

- 1 comments

“ 1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි  මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.”   (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“




ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.


මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.


මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා


සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.


උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/10/9.html




[Continue reading...]

ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක

- 0 comments

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.


මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර  නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.


ජලිත අමරසිංහ
ශ්‍රී රාවණ උරුමය.
(2009/07/01 – දිවයින)

[Continue reading...]

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර

- 0 comments
යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.


යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.

යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
[Continue reading...]

Sunday, April 22, 2012

පිහිටුම් අවස්ථා

- 0 comments

අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල ඇත යන්න තේරුම් ගැන සිංහල බෞද්ධයනට එතරම් අපහසු කරුණක් විය නො හැකි ය. චුල්ලඵන්ථක රහතන් වහන්සේගේ කතාව අසා ඇති සිංහල බෞද්ධයෝ උන්වහන්සේ එක්විට පන්සියයක් රූප මවාගෙන සිටි බව දනිති. ඇතැම් ඕල්කට් බෞද්ධයන් බටහිර දැනුමේ ව්‍යාජ හේතුවාදය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වී ඒ කතාව විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යාය ප්‍රායෝගිකව දන්නා සිංහල බෞද්ධයනට එය තේරුම් ගැනීම කිසිසේත් ම ගැටළුවක් නො වේ.

පසුගිය දිනෙක කැනඩාවේ වාසය කරන එක්තරා ඕල්කට් බෞද්යෙකු කියා සිටියේ සිංහලයන්ගේ දෙවි කෙනකුට එක්විට සිටිය හැක්කේ එක්තැනක පමණක් බවත් ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ නම් එක්විට සෑම තැනක ම සිටින බවත් එබැවින් අංශුවක් එක්විට කිහිප තැනක සිටින්නේ ය යන්න ක්‍රිස්තියානි සංකල්පයක් මිස සිංහල බෞද්ධ සංකල්පයක් නොවන බවත් ය. ඔහු විිද්‍යොදය විශ්වවිද්‍යාලයේ උගත්තකු වුවත් ඒ විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බටහිර විද්‍යාව මිස සිංහල සංස්කෘතිය ඉගෙනගත් බවක් නො පෙනෙයි. එය ඉතා කණගාටුදායක තත්වයකි.

1959 දී විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබුයේ ම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආභාසය ලැබූ උපාධිධාරීන් බිහිකිරීමට ය. එහෙත් අවාසනාවකට ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන් ලෙස එකල පත්වීම් ලැබුයේ බොහෝ විට පේරාදෙණියේ හෝ කොළඹ හෝ එකල පිළිවෙළින් මහාචාර්ය පදවියකට හෝ කථිකාචාර්ය පදවියකට හෝ පත්වීමක් ලැබීමට නොහැකි වූවන් ය. ඔවුන් ඒ විශ්වවිද්‍යාල ගොඩ නැගුයේ කොළඹ හා පේරාදෙණිය මත පදනම් වෙමින් මිස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව නො වේ.

එය එක්තරා ආකාරයකින් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමට සමාන්තර ක්‍රියාවලියක් විය. කන්නන්ගර මහතා පළමු මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමෙි දී තෝරාගත් විදුහල්පතිවරුන් පනස්දෙනකු අමතා කියා ඇත්තේ තමන් ඉගෙනගත් විද්‍යාලවලට සමානවන විද්‍යාල ඇතිකරන ලෙස ය. මේ විදුහල්පතිවරුන් ප්‍රභූ විද්‍යාලවල ඉගෙනගත් පුද්ගලයන් බැවින් ඔවුන් මධ්‍යම මහා විද්‍යාල ගොඩනගා ඇත්තේ ද ඒ ප්‍රභූ විද්‍යාලවල ආකෘතිය අනුගමනය කරමිනි. අපේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ දෙවැනි අවස්ථාව ද එසේ මගහැරී ගියේ ය. පළමු අවස්ථාව උදාවූයේ බෞද්ධ පාසල් ඇතිකිරීමට යෝජනා වූ විට ය.

කෙසේ වෙතත් අද වන විට කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බටහිර විශ්වවිද්‍යාලවල තුන්වැනි පංතියේ අනුකාරක ආයතන බවට පත් වී ඇත. එය වෙනස් කිරීමට උත්සාහ ගැනීම පවා ඉතා අසීරු කාර්යයක් වන බව අත්දැකීමෙන් දනිමි. එබැවින් කලින් සඳහන් කළ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දෙවියන් ගැන එසේ සඳහන් කිරීම පුදුමයක් නො වේ. වඩා පින් සහිත දෙවියන්ට එක්විට අවස්ථා කිහිපයක පැවතිය හැකි බව මේ බුද්ධිවාදීන්, හේතුවාදීන් (rationalists) ලෙස තමන් හඳුන්වාගන්නෝ නො දනිති. එපමණක් නොව බුද්ධිවාදියා හෝ හේතුවාදියා හෝ යන්නෙන් කුමක් අදහස් වන්නේ දැයි ඔවුන්ගෙන් විමසුවොත් එයට ද නිසි පිළිතුරක් දීමට ඔවුහු අපොහොසත් වෙති. බටහිර දර්ශනයේ බුද්ධිවාදය (rationalism) යන්න අර්ථදැක්වෙන්නේ අනුභූතිවාදයට (empiricism) විරුද්ධව ය. එහෙත් මෙරට ඊනියා බුද්ධිවාදීන් මේ දර්ශන දෙකෙහි ම සංකලනයක් අනුභූතිවාදයට වඩාත් බරව අනුගමනය කරන බව පෙනී යයි.

ආධ්‍යාත්මික ශක්තිය වැඩිවත් ම අවස්ථා කිහිපයක ම පෙනී සිටීමේ හැකියාව ශරීර සහිත සත්වයන්ට අත්වන බව කිව හැකි ය. රහතන් වහන්සේගේ සෘද්ධි ශක්තිය වැඩිවත් ම එසේ අවස්ථා රාශියක පෙනී සිටීමේ හැකියාව වර්ධනය වන බව පෙනී යයි. බුදුන් වහන්සේ ද මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මය දෙසීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී මිනිස් ලොවට වැඩම කිරීමේ දී දෙව්ලොව තමන්වහන්සේ ධර්ම දේශනාව නොකඩවා කරගෙන යන අයුරින් තවත් අවස්ථාවක පිහිටුවා එසේ මිනිස් ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

මේ අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව සෑම තැනම ඇත්තේ යැයි කියන දෙවියන් වහන්සේ කෙනකුගේ පැවැත්ම සමග සන්සන්දනය කළ නො හැකි ය. දෙවියන් වහන්සේට එක් තැනක පමණක් කිසි විටෙක පැවතිය නො හැකි ය. දෙවියන් වහන්සේ සෑම විට ම සෑම තැන ම ඇත. ඉන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සෑම විටම අපායේ ද සිටින්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් අවශ්‍ය පරිදි අවස්ථා කිහිපයක පෙනී සිටීම හා සෑම විට ම සෑම තැනක ම පෙනී සිටීම යනු එකම සංකල්පයක් යැයි කිවහැක්කේ ඊනියා බුද්ධිවාදීන්ට ය.

අවකාශයේ අවස්ථා කිහිපයක පෙනී සිටීම තේරුම් ගැනීමට සිංහල බෞද්ධයනට අපහසුවක් ඇතිවන්නට හේතුවක් නැත. එහෙත් ඉහත සඳහන් විස්තරය කියවන පඬියකු ක්වොන්ටම් අංශුවක් රහතන් වහන්සේ නමක සමග සන්සන්දනය කර තම පඬි බව විදහා දැක්වීමට අවස්ථාව කරගනු ඇත. පඬියා බක පණ්ඩිතයකු නම් ඇතැම් විට ඉතා නිර්දය ලෙස ක්වොන්ටම් අංශුවේ ආධ්‍යාත්මික ශක්තිය ඉතා වැඩි ද කියාත් ප්‍රශ්න කරනු ඇත. එසේත් නැත්නම් ක්වොන්ටම් අංශුව රහත් වී ඇත් ද කියා ප්‍රශ්න කරනු ඇත. අප කියා සිටින්නේ ක්වොන්ටම් අංශුවකට එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමට හැකි බව ය. එහෙත් නිව්ටෝනීය අංශුවකට හෝ වස්තුවකට හෝ එසේ පැවතීමේ හැකියාවක් නැත. නිව්ටෝනීය අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට එක්තැනක පමණක් පවතියි. රහතන් වහන්සේගේ ශරීරය වෙනත් සත්වයකුගේ ශරීරය මෙන් ම නිව්ටෝනීය වස්තුවක් වෙයි. එහෙත් උන්වහන්සේට ඒ නිව්ටෝනීය ශරීරයත් සමග එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව ඇත. ක්වොන්ටම් අංශු කිහිපයක් එකතු වී නිව්ටෝනීය අංශුවක් බවට පත් වූ විගස එයට එකවිට කිහිප තැනක පෙනී සිටීමේ හැකියාව නැති වී යයි.

අපි දැන් ක්වොන්ටම් අංශුවක් විවිධ කාලවල පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය සාකච්ඡා කරමු. ක්වොන්ටම් අංශුවට එක්විට විවිධ කාලවල පැවතිය හැකි ද යන්න ම ඇරිස්ටෝටලීය න්‍යාය අනුව පරස්පර විරෝධී ප්‍රශ්නයකි. එක්විට යනු කාලය සම්බන්ධයෙන් ගත්කල යම්කිසි සමුද්දේශ රාමුවක නිශ්චිත අගයකි. එසේ කාලය නිශ්චිත අගයක් ගන්නා විට විවිධ කාලවල පැවතීම යනු කාලය ගන්නා වෙනත් අගයන්හි ද අංශුව පැවතීමකි. එවිට කාලයට නිශ්චිත අගයක් ඇති අතර වෙනත් අගයන් ද ඇත. එහෙත් චතුස්කෝටිකයෙහි එය ගැටළුවක් නො වේ. අංශුව එක් තැනක පිහිටීම මෙන් ම වෙනත් තැනක ද පිහිටීම චතුස්කෝටික න්‍යායෙහි ප්‍රශ්නයක් නොවන්නා සේ ම අංශුව කාලයෙහි එක් අගයක දී මෙන් ම වෙනත් අගයන්හි දී ද පැවතීම ගැටළුවක් නො වේ. එහෙත් මේ ප්‍රශ්නය එතැනින් කෙළවර වන්නේ ද නැත.

අපට මෙහි දී තවත් ප්‍රශ්න ඇසිය හැකි ය. ක්වොන්ටම් අංශුවකට නිශ්චිත පිහිටුමක් තිබෙන අවස්ථාවක දී එයට කාලය සම්බන්ධයෙන් විවිධ අගය ගත හැකි ද? එසේත් නැතහොත් ක්වොන්ටම් අංශුවට කාලය සම්බන්ධයෙන් එක් අගයක් ඇති විට, එනම් එක්විට, අංශුවට පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා තිබිය හැකි ද? එසේත් නැත්නම් අංශුව විවිධ කාලවල පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගන්නේ ද? මෙවැනි ප්‍රශ්න බටහිර භෞතික විද්‍යාඥයන් අසා ඇති බවක් මම නො දනිමි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර අපට කාලය සම්බන්ධයෙන් වඩා මූලික ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා කාලය හා අවකාශය එකම මට්ටමක ලා සැලකී ය. එහෙත් සිිංහල බෞද්ධයන් කාලය හා අවකාශය යන සංකල්ප නිර්මාණය කරගන්නේ එකම මට්ටමක පිහිටා නො වේ. අවකාශය යන්න වඩාත් සරල සංකල්පය වෙයි. ඒ සම්බන්ධයෙන් බටහිර ලෝකයට දළ වශයෙන් ගත්කල සංකල්ප දෙකක් වෙයි. එකක් නිව්ටෝනීය සංකල්පය ලෙස හැඳින්විය හැකි ය. නිව්ටෝනීය සංකල්පයෙහි අංශු වස්තු විකිරණ ආදිය නැතත් පවතින අවකාශයක් වෙයි. අංශු වස්තු විකිරණ ආදිය පවතින්නේ මේ අවකාශයෙහි ය. අංශු ආදිය නැති අවකාශය ඇතැම් විට නිරපේක්‍ෂ අවකාශය නමින් ද හැඳින්වෙයි. නිව්ටෝනීය දැනුමට අනුව මේ අවකාශය ද වාස්තවික ව පවතියි. ඒ දැනුමෙහි ද්‍රව්‍ය පවතින්නාක් සේ ම අවකාශය ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතියි. එබැවින් අවකාශයට ද ද්‍රව්‍යවාදී පැවැත්මක් වෙයි.

බටහිර ලෝකයෙහි අවකාශය පිලිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කර ගෙන ඇත. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු ද්‍රව්‍ය විකිරණ ආදිය හේතුකොට ගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොරව අයින්ස්ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක් නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස් අනුව අවකාශ - කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින් වස්තුවකින් විකිරණයෙන් තොරව අවකාශය නොපවතියි. ඒ අතර ම කිවයුත්තේ අවකාශයක් නොමැතිව අංශුවක් ද නොපවතින බව ය. අංශුවක් නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ –- කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුවහොත් අවකාශ –- කාලය ද වෙනස් වෙයි.

එපමණක් නො වේ. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අංශුවක් හෝ වස්තුවක් හෝ චලනය වීමේ දී ද අවකාශ –- කාලය වෙනස් වෙයි. මෙය නිව්ටෝනීය අවකාශය සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු හා වස්තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස් නොකරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්ටයිනීය අවකාශයෙහි අංශු හා වස්තු චලනය වනවා පමණක් නො වේ. අංශු හා වස්තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ - කාලය) වෙනස් වෙයි.

අයින්ස්ටයිනීය සංකල්ප යොදා ගැනීමේ දී අවකාශය යන්න තනිව යොදා නො ගැනෙයි. ඒ අවකාශ - කාලය යනුවෙන් කාලයත් සමග යොදා ගැනෙයි. එසේ වුවත් අයින්ස්ටයිනීය සංකල්පවල ද අවකාශයට ඇත්තේ නිව්ටෝනීය අවකාශයේ දී මෙන් ම ද්‍රව්‍යමය පැවැත්මකි. එක්කෝ අවකාශය අංශුවක් හෝ වස්තුවක් හෝ වටා පවතින්නක් ලෙස ගත හැකි ය. නැතහොත් අවකාශය අංශු දෙකක් හෝ වස්තු දෙකක් අතර පවතියි. එසේත් නොමැති නම් විකිරණයක් හේතුවෙන් අවකාශය පවතියි. නැතහොත් විකිරණයක් හා වස්තුවක් අතර හෝ විකිරණ දෙකක් අතර හෝ අවකාශයක් පවතියි. මෙහි දී පැවතීම යන්න යොදා ගැනෙන්නේ බටහිර අර්ථයකිනි. එනම් අවකාශයට ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වුව පැවැත්මක් ඇත. සාපේක්‍ෂ වුවත් නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක් අංශුවක් පමණක් තිබුණ ද ඒ අංශුවට සාපේක්‍ෂව අවකාශයක් පවතියි. එය බටහිරයන්ට යථාර්ථයක්, වාස්තවිකත්වයක් හා අවශ්‍ය නම් පරමාර්ථයක් ලෙස පවතියි.

සාපේක්‍ෂතාවක් ගැන කතා කළ ද මෙහි පැවැත්ම සම්බන්ධයෙන් ඇත්තේ නිරපේක්‍ෂතාවකි. අංශුවක් වස්තුවක් විකිරණයක් ඇත්නම් අවකාශයක් (අවකාශ - කාලයක්) වෙයි. එහෙත් සිංහල බෞද්ධයනට මේ පැවැත්ම සම්මුති පැවැත්මක් වෙයි. එය හුදෙක් තවත් සංකල්පයක් පමණකි. සංකල්පයක් ලෙස ගත්කල එය ශූන්‍ය වෙයි. සංකල්පය හා ඉන් කියැවෙන්න නිරීක්‍ෂකයාගේ නිර්මාණයකි. එය විඤ්ඤාණයේ මායාවක් පමණකි.

by Prof. Nalin De Silva
[Continue reading...]

තරංගවාදය කඩා වැටෙයි

- 0 comments

අපට මේසය හෝ පුටුව හෝ පෙනෙන්නේ යම් තැනක ය. එහෙත් අප කිහිප වතාවක් ම කියා ඇති පරිදි අපට මේසයක් හෝ පුටුවක් හෝ දක්නට නො ලැබෙයි. අපට වර්ණ හා හැඩ පෙනුන ද මේස හෝ පුටු හෝ නො පෙනෙයි. එහෙත් අපි අනුමානයෙන් මේස හා පුටු ඇතැයි සිතමු. මේස හා පුටු පෙනෙන්නේ යැයි සිතමු. එපමණක් නො වේ. පුටුවක් හෝ මේසයක් හෝ ඇත්තේ අවකාශයෙහි එක් තැනක පමණක් යැයි අපි කියමු. එනම් මේසයක් හෝ පුටුවක් හෝ ඇත්තේ අවකාශයෙහි එක් තැනක පමණක් යැයි අපි අනුමාන කරමු. අප එකම ආකාරයේ පුටු තැන් දෙකක පිහිටි බව දුටුවහොත් ඒ පුටු දෙකක් මිස එක පුටුවක් යැයි මොහොතකටවත් නො සිතමු. එහෙත් ඒ එකම පුටුවක් විය නො හැකි ද?

යම්කිසි වස්තුවක් හා අප (නිරීක්‍ෂකයා) අතර කාචයක් තිබී ඒ වස්තුවෙහි ප්‍රතිබිම්බ දෙකක් අපට දිස්වන්නේ නම් හා වස්තුව හා අප අතර කාචයක් ඇති බව අප නොදන්නේ නම් අප එවිට අනුමාන කරන්නේ, සිතන්නේ කුමක් ද? කිසිම සැකයකින් තොරව වස්තු දෙකක් ඇතැයි අපි කියමු. එහෙත් ඒ වස්තු ඇතැයි අප සිතන තැන්වලට ගියහොත් ඒ එක් තැනක දී වුව ද අපට වස්තුවක් ස්පර්ශ කිරීමට හෝ දැක ගැනීමට හෝ නොහැකි වනු ඇත. එහෙත් ඒ තැන්වලට යෑමට නොහැකි නම් අප සිතන්නේ වස්තු දෙකක් ඇති බව ය.

ඈත විශ්වයේ මන්දාකිණි හා වෙනත් එවැනි විශාල ස්කන්ධ සහිත වස්තු එලෙස කාච ලෙස හැසිරෙයි. එවැනි කාචවලට විශ්වවේදයෙහි ගුරුත්වජ කාච (gravitational lenses) යැයි කියනු ලැබේ. සූර්යයා ද ඈත පිහිටි තාරකා සම්බන්ධයෙන් ගත් කල ගුරුත්වජ කාචයක් ලෙස ක්‍රියා කරයි. එසේ සිදුවන්නේ අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව එවැනි විශාල ස්කන්ධ සහිත වස්තු අසලින් ගමන් කරන ආලෝකය නැමෙන බැවිනි. ආලෝකය එසේ නැමීම හේතුවෙන් ස්කන්ධය විශාල වස්තුව කාචයක් මෙන් ක්‍රියා කරයි. කාචයකින් කෙරෙන්නේ ද ආලෝකය නැමීමකි. විශාල ස්කන්ධය ඇති වස්තුවෙන් යම් ප්‍රභවයකින් (තාරකාවක්, මන්දාකිණියක්, මන්දාකිණියක න්‍යාෂ්ටියක් හෝ ආලෝකය නිකුත් කරන වෙනත් වස්තුවක් හෝ විය හැකි ය) ලැබෙන ආලෝකය නැමීම නිසා එම ප්‍රභවයෙහි ප්‍රතිබිම්බ දෙකක්, තුනක් ආදී වශයෙන් නිර්මාණය විය හැකි යැයි ද ඒ නිරීක්‍ෂණය කළ හැකි යැයි ද කියැවෙයි. ප්‍රතිබිම්බ සංඛ්‍යාව විවිධ හේතු මත රඳා පවතින බව ද සඳහන් වෙයි.

අපට ඇතැම් අවස්ථාවල අවකාශයෙහි පෙනෙන්නේ යැයි කියන්නේ ප්‍රතිබිම්බ මිස මුල් ප්‍රභවය නො වේ. අද එවැනි ප්‍රතිබිම්බ රාශියක් විශ්වවේදීන් විසින් හඳූනාගනු ලැබ ඇත. එහෙත් හඳුනාගනු නොලැබූ ප්‍රතිබිම්බ කෙතෙක් වේ ද? අප ඒ ප්‍රතිබිම්බ බව නොදන්නේ නම් අප සිතන්නේ ඒ මුල් ප්‍රභව කියා ය. අද අපට අහසෙහි පෙනෙන තාරකා මන්දාකිණි කොපමණ සංඛ්‍යාවක් ප්‍රතිබිම්බ වේ ද? ඒ පිළිබඳ ව නිවැරදි ව ප්‍රකාශයක් කළ හැක්කේ කා හට ද? එබැවින් එකම ප්‍රභවය අපි අහසෙහි තැන් කිහිපයක දී දකින්නෙමු ද? එහෙත් අපි ඒ ප්‍රතිබිම්බ බව නොදැන මුල් වස්තු ලෙස සලකන්නෙමු ද?

මා මෙහි දී උත්සාහ ගන්නේ වත්මන් ප්‍රවාදවලට හා අර්ථකථනවලට අනුව එකම වස්තුව අහසෙහි කිහිප තැනක දී නිරීක්‍ෂණය කළ හැකි බව පෙන්වීමට ය. එහි දී යමකු කියනු ඇත්තේ අප එසේ නිරීක්‍ෂණය කිරීම හා එකම වස්තුව කිහිප තැනක පිහිටීම යනු එකක් නොව දෙකක් බව ය. එහෙත් එය එතරම් ම සරල නො වේ. බොහෝ දෙනා අසා තිබෙන, එහෙත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් විද්වතාට අනුව කිසිවකුට නොතේරෙන (එහෙත් ලංකාවෙන් කැනඩාවට ගොස් පාසල් ගුරුවරයකු ලෙස සේවය කරන බෝධි ධනපාල නම් මහතකුට හා ඒ මහතා කැනඩාවේ ඇසුරු කරන මහාචාර්යවරු පිරිසකට නම් ඒ තේරෙන බව ඒ මහතාගේ ප්‍රකාශවලින් පෙනී යයි.) ද්විත්ව සිදුරු පරීක්‍ෂණය මේ පැවැත්ම හා සම්බන්ධ වෙයි.

ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි දී නිරෝධන රටා (interference patterns) දක්නට ලැබෙයි. බොහෝ බටහිර භෞතික විද්‍යාඥයන් සිතන්නේ එසේ වීමට හේතුව ආලෝකය තරංග මෙන් හැසිරෙන නිසා බව ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ එකල ශිෂ්‍යයකු වූ සූරාජ් චන්දන මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වූයේ ආලෝකය එසේ තරංග මෙන් නො හැසිරෙන බව ය. එමෙන් ම කොළඹ විශ්වවිද්‍යාලයේ දී ගාමිණී පියදාස මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් ද ඒ නිගමනයට එළඹීමට හැකි වෙයි. මේ පර්යේෂණවල ප්‍රතිඵල මෙරට ඊනියා විද්වත් සඟරාවල පළ වී ඇත. අප විසින් කාලයක් තිස්සේ දරණ ලද මතයක් ඔස්සේ අපට ඒ පරීක්‍ෂණවල ප්‍රතිඵල විග්‍රහ කළ හැකි ය. අප සිතා සිටි පරිදි එක් ෆෝටෝනයක් වුව ද සිදුරු දෙක තුළින් ම ගමන්කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු කිහිපයකට ඉහත සිදු කෙරුණු පරීක්‍ෂණවලින් පැහැදිලි විය.

අපේ විවරණයට අනුව ෆෝටෝනයකට හෝ වෙනත් ක්වොන්ටම් අංශුවකට හෝ එක්විට කිහිප තැනක පැවතිය හැකි ය. එහෙත් අපට ඒ දර්ශනය නො වේ. එනම් එක්විට කිහිප තැනක ඇති අංශුවක් අපේ පංචේන්ද්‍රියවලට ගෝචර නො වේ. අප යම්
කිසි ආකාරයකින් අංශුවේ එක් අවස්ථාවක් දුුටුවහොත්, එනම් එක් අවස්ථාවක් ඉන්ද්‍රිය ගෝචර වුවහොත්, එවිට අනෙක් අවස්ථා සියල්ල නැති වී යයි. එසේ අංශුවක් එක්විට කිහිප තැනක පවතින බව අපට එක්විට දැකගත නොහැකි වුවත් අපට ඒ දැනගත හැකිවා පමණක් නොව අංශුවෙහි යම් අවස්ථාවක් හෝ අවස්ථා අපට යම් යම් වෙනස් කිරීම්වලට ද භාජනය කිරීමට ද හැකි වෙයි. බෙරිලියම් පරමාණුවකට එලෙස අවස්ථා ඇති බව කලකට පෙර මොන්රෝ නම් බටහිර විද්‍යාඥයකු විසින් කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වෙයි.

කලකට පෙර අභාවප්‍රාප්ත ඉතාමත් විශිෂ්ට ගණයේ බටහිර භෞතික විද්‍යාඥයකු වූ ජෝන් වීලර් විද්වතා කාච හා දර්පන පද්ධතියක් යොදා ගනිමින් ද්විත්ව සිදුරු පරීක්‍ෂණයට තුල්‍ය පරික්‍ෂණයක් යොජනා කළේ ය. ඔහුගේ මුලික ප්‍රයත්නය වූයේ තම පද්ධතිය යොදාගෙන ෆෝටෝනයක් අවස්ථා දෙකක පිහිටීමට සැලැස්වීම ය. ඉන්පසු පද්ධතිය ඔස්සේ ඒ අවස්ථා ගමන් කරවා ඉන්පසු අවස්ථා ද වෙනස්කම්වලට ලක්කරමින්, එහෙත් නිරීක්‍ෂණය නොකරමින්, පසුව අවස්ථාවලට එක්වීමට සැලැස්විමෙන් නිරෝධන රටා නිරීක්‍ෂණය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අවස්ථා පිළිබඳ අදහස වීලර් විද්වතාගේ අදහසක් නොව අපේ විවරණය අනුව කෙරෙන්නක් බව මෙහි දී සඳහන් කළ යුතු ය. අප කියා සිටින්නේ යම්කිසි නිශ්චිත ශක්තියක් හා ගම්‍යතාවක් සහිත ව ප්‍රභවයකින් පිට කෙරෙන ෆෝටෝනයක් පිහිටුම සම්බන්ධයෙන් ගත්කල අවස්ථා රාශියක ම ඇති බව ය. මෙය ක්වොන්ටම් භෞතිකයෙහි අනිශ්චයතා මූලධර්මය සමග බැඳී ඇත. ෆෝටෝනයක පිහිටුම නිරීක්‍ෂණය කිරීමේ දී ඒ අවස්ථා කඩා වැටී එක් අවස්ථාවක් පමණක් බවට පත්වෙයි. ප්‍රභවයකින් නිකුත් කෙරෙන ෆෝටෝනයක් හමුවට කාචයක් ගෙන ආවිට ඒ ඒ අවස්ථාවට සාපේක්‍ෂව කාචයේ පිහිටීම අනුව විවිධ පෙත්වල යන්නා ලෙස අපට ගත හැකි ය. කාචය පසුකර යම් දුරක් යෑමෙන් පසු අප ඒ ෆෝටෝන නිරීක්‍ෂණය කළහොත් අවස්ථා දෙකක් එකම අවස්ථාවකට පත්වෙයි. අපට කාචයක ක්‍රියාකාරීත්වය එලෙස විස්තර කළ හැකි ය.

ජෝන් වීලර් විද්වතා තම අදහස ගුරුත්වජ කාචවලට ද විස්තීරණය කළේ ය. අපගේ විවරණය අනුව එහි දී මුල් ප්‍රභවයෙන් නිකුත් කෙරෙන ෆෝටෝනයක් අවස්ථා කිහිපයක පිහිටා ඒ අවස්ථා ගුරුත්වජ කාචය හේතුවෙන් විවිධ පෙත් ඔස්සේ ගමන් කර අවසානයේ දී කලා වෙනසක් (phase difference) සමග එකතුවීමෙන් නිරෝධන රටා ඇති කළ හැකි ය. එහෙත් මේ පරීක්‍ෂණය කිසිවකු විසින්වත් කරන ලද බවක් මම නො දනිමි. එය කිරීමට පහසු පරීක්‍ෂණයක් නො වේ. එමෙන් ම ගුරුත්වජ කාච පිළිබඳව ද ගැටළු ඇත.

මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ෆෝටෝන ඇතුළු ක්වොන්ටම් අංශුවල විවිධ පිහිටීම් ගැන කතාකිරීමේ දී අප සලකන්නේ අංශුවක විවිධ අවස්ථා ගැන බව ය. අංශුවක් එකම අවස්ථාවෙහි දී පිහිටීම් දෙකක ඇතැයි අප කියන්නේ අංශුවේ ප්‍රභින්න අවස්ථා දෙකක් පිහිටීම් දෙකක ඇති විට ය. අංශුව එසේ අවස්ථා දෙකක පිහිටීම අංශුවේ පිහිටීම් දෙකක් ලෙස අපි සලකමු. අපි ද්විත්ව සිදුරු ඔස්සේ යන ෆෝටෝනයක් සලකමු. ෆෝටෝනය සිදුරු දෙක තුලින් ම යයි. එහෙත් එයින් කියැවෙන්නේ ෆෝටෝනය කොටස් දෙකකට කැඩෙන බව නො වේ.

ෆෝටෝනයේ ශක්තිය hv යැයි සිතමු. ෆෝටෝනය අවස්ථා දෙකක, එනම් මෙහි දී අනිශ්චයතා මූලධර්මය අනුව පිහිටුම් දෙකක ඇතැයි කීමෙන් ඒ එක් එක් අවස්ථාවට hv2 ශක්තියක් ඇතැයි නො කියැවෙයි. කිනම් අවස්ථාවක පිහිටියත් එහි ශක්තිය මුළු ශක්තිය වෙයි. අනිශ්චයතා මූලධර්මය අනුව ෆෝටෝනයේ ගම්‍යතාව හා ඒ සමහ ශක්තිය දත්විට එහි පිහිටුම හා කාලය මැනගත නො හැකි ය. ෆෝටෝනය කොටස් දෙකකට කැඩී නැත. එහෙත් එය පිහිටුම් දෙකක පවතියි. ඒ එක් එක් පිහිටුමට වෙන ම ශක්ති හෝ ගම්‍යතා හෝ නැත. එසේ වුවත් ඒ පිහිටුම් අතර කලා වෙනසක් තිබිය හැකි ය. නිරෝධන රටා ඇතිවන්නේ මේ කලා වෙනස හේතුකොට ගෙන ය.

මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප ෆෝටෝනයේ ශක්තිය ලිවීමේ දී hν යන්න භාවිතා කිරීමෙන් තරංගවාදය යොදා නොගන්නා බව ය. ν යනු තරංගයක සංඛ්‍යාතිය නොවේදැයි කිසිවකුට ඈසිය හැකි ය. එය තරංගයක සංඛ්‍යාතිය ලෙස ගැනීමට අප පුරුදු වී ඇත්තේ ආලෝකයේ තරංගවාදය ඔස්සේ ය. අයින්ස්ටයින් විද්වතා ප්‍රකාශවිද්‍යුත් ආචරණය (photoelectric effect) හඳුන්වා දුන් අවස්ථාවෙහි ප්ලෑන්ක් විද්වතා අනුගමනය කරමින් ආලෝකය පැකට් හෙවත් පොදි වශයෙන් ගමන්කරන බව ප්‍රකාශ කර එවැනි පොදියකට ෆෝටෝනය නම ලබාදීමට කටයුතු කළේ ය. එලෙස ෆෝටෝනයක ශක්තිය hν වශයෙන් ලිවීමට බලපෑවේ එවකටත් පිළිගැණුනු තරංගවාදය බව පැහැදිලි ය. යම් හෙයකින් එකල තරංගවාදයක් නොතිබිණි නම් ν යන්නට කිනම් අර්ථයක් ලැබෙන්නට තිබිණි දැයි අද අපට නිශ්චිත ව කිව හැකි නො වේ.

අද අප ν යනු ඊනියා තරංගයක සංඛ්‍යාතිය ලෙස සැලකිය යුතු නො වේ. අංශුවේ ශක්තිය E නම් ν=Eh යන තේරුම අපට ලබාදිය හැකි ය. එනම් ν යනු ෆෝටෝනයේ ශක්තිය ප්ලෑන්ක් නියතයෙන් බෙදු විට ලැබෙන්න යන්න ය. මෙය අද අපට දිය හැකි එක් අර්ථකථනයක් පමණකි. කිසිවකු එය එතරම් සුදුසු අර්ථකථනයක් නොවේ යැයි කියනු ඇත. එහෙත් එය එතරම් බැරෑරුම් විරුද්ධතාවක් නො වේ. තවත් අර්ථකථන තිබිය හැකි ය.

දැන් ප්‍රශ්නය වනුයේ මේ සියල්ල ඊනියා බාහිර ලෝකයක් ද යන්න ය. සාමාන්‍ය කාච යොදාගත්ත ද ගුරුත්වාකර්ෂණ කාච යොදා ගත්ත ද වෙනත් උපකරණ යොදා ගත්ත ද මේ සියල්ල, එනම් ප්‍රවාද හා අර්ථකථන ඇතිව මේ සියල්ල, හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍ය්ක්‍ෂ පමණක් නො වේ. එහි දී මනසෙන් කෙරෙන අනුමාන බොහෝමයක් වෙයි. සියළු ප්‍රවාද, අර්ථකථන මනසේ අනුමාන වෙයි. එපමණට ඒ සියල්ල අභ්‍යන්තර සංස්කරණ හේතුවෙන් ඇතිවන දෑ පමණ ය.

by Prof. Nalin De Silva
[Continue reading...]

Saturday, April 21, 2012

මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන)

- 0 comments

විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි ඒ මිනිස්සුන්ගේ ළමයින්ට හරි ඔය කියන “විශ්වසාධාරණ” හෝ ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක් ගැන අදහසක් තිබිලා නෑ. ඒකෙන් කියන්නේ මේ රටවල විද්‍යාවන් නොතිබුණ බව නොවෙයි. ඒ කියන්නේ ඔවුන්ට එවැනි ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක අවශ්‍යතාවයක් නොතිබීමයි. සාර්වත්‍ර එකම විද්‍යාවක අවශ්‍යතාවය දැනෙන්නේ විශ්වය මවා පාලනය කරන එකමවූ දෙවිකෙනෙකු මත පදනම් වූ චින්තනයක් දරන පිරිසකට පමණයි. ඒ මතම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍ය සැකසෙන්නේ. යළි යළිත් කියන්නේ නම්, “මුළු විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවක්” බවම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය.

අනික විද්‍යාව කියන්නේ ‘ඔය කියන මතුපිටින් දකින තාක්ෂණික මෙවලම් ‘ නොවෙයි. ඒ කියන්නේ අභ්‍යවකාශ යානා, ගුවන් යානා, මොටර් රථ, පරිගණක, දුරකථන ආදී තාක්ෂණික භාවිත නොවෙයි. තාක්ෂණය විද්‍යාව මත පදනම් වෙන බව ඇත්ත. නමුත් විද්‍යාව කියන්නේ යම් යම් සිද්ධාන්ත, සංකල්ප, ප්‍රවාද හැකි පමණ සංගතව සකස්කළ නිර්මාණ රාශියක්. ඒවගේම ඒ ඒ රටවල මිනිසුන්ගේ විවිධ චින්තන මත විවිධ විද්‍යාවන් නිර්මාණය වෙනවා. බටහිර විද්‍යාව පදනම්වන්නේ යුදෙව්-ග්‍රීක-ක්‍රිස්තියානි චින්තනය මත, එම චින්තනයේ ලක්ෂණ එම විද්‍යාවේ ගාමකබලය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවය පිණිස ලෝකයේ පණ ඇති-නැති සියලුම දේ මවා ඇතැයි යන්න මුල්වූ බටහිර චින්තන්ය තුළ නිර්මාණය වෙන විද්‍යාත්මක සංකල්ප හා එහි භාවිතය සැමවිටම සැකසෙන්නේ පරිසරය විනාශකරමින් සිදුකරන පාරිසරික, සමාජීය හා සංස්කෘතික ආක්‍රමනයන්ටයි. නමුත් අනිත්‍ය-දුක්ඛ-අනාත්මය මුල්වූ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ විද්‍යාව හා භාවිතය පාරිසරික, සමාජීය සහජීවනය අගයකළ දෙයක් බවයි පැහැදිලි වන්නේ. අපේ වැව-දාගැබ කියන්නේ ඔය කතාව තමයි. වාපී තාක්ෂණය හා ඊටමුල් වූ විද්‍යාව සකල පරිසර පද්ධතියේම සහජීවනය පතා කළ නිර්මාණ. ඒවාගේම අපේ දාගැබ් හා විහාරාරාම ගොඩනැගිලි ආදිය සකස්වුණේ “වෙනස්වීම් වළින් වෙනස්වෙලා” ස්ථායී වීමේ ප්‍රවාද භාවිත කරමින්.

a2=b2+c2 පයිතගරස් ප්‍රමේයය ගත්තොත් එහි භාවිතය භාරතයේ, චීනයේ, ලංකාවේ, මිසරයේ මිනිස්සු දැනගෙන ඉඳලා තියනවා. නමුත් ඒ අපි ජ්‍යාමිතියේදී ඉගෙනගන්න පයිතගරස් ප්‍රමේයය නෙවෙයි. ජ්‍යාමිතියේදී උගන්වන පයිතගරස් ප්‍රමේයය වලංගුවන්නේ යුක්ලීඩීය අවකාශයකයි. එනම් ඔය කියන සෘජුකෝනී ත්‍රිකොණයේ කෝණ තුනේ එකතුව සෘජුකෝන 2 යි කියන අවකාශයක. තවත් සිතන්නේ නම් සමාන්තර ස්වසිද්ධිය වලංගුවන අවකාශයක, ස.රේ.ම.පි.බා.කො 180 කියන අවකාශයක, දිගක් පමණක් ඇති පළලක් නොමැති සරල රේඛාවක් ගැන කථා කරන අවකාශයක පමණයි. නමුත් භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසර්යේ මිනිසුන් ඉහත සම්බන්ධය යොදා ගත්තේ මහපොළව මත කරන නිර්මාණ සඳහායි. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන බැවින් ජ්‍යාමිතියේ උගන්වන පයිතගරස්ගේ ප්‍රමේයය භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසරයේ මිනිසුන්ට පොදු නැත. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන්නේ මන්ද යත් මහපොළව මත “සරල රේඛා” ඇඳිය නොහැකි බැවින්ය.
විද්‍යාව, ගණිතය නිර්මාණ නොව සොයාගැනීම බවත් සමහරුන් කියනවා නේද? ඒකටත් ජ්‍යාමිතියේම තියන දෙයක්, සමාන්තර ස්වසිද්ධිය වෙන්ස්කරලා ඒ ඇසුරින් යුක්ලීඩීය නොවන් ජ්‍යාමිතියක් නිර්මාණය කරලා තියනවා. එම ජ්‍යාමිතිය රිමානීය ජ්‍යාමිතිය කියලා කියනවා. මේක නිර්මාණ සඳහා සරල පිළිතුරක් විතරයි. ලෝකයේ එකම ගණිතයක්, විද්‍යාවක් නෑ. මම ඒක නැවත මතක් කරන්නේ…..මට මෙහෙම දෙයක් මතක් වුණා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නා බටහිර ගණිතයේ “කලනය” “සීමාවන්” පැනවුමෙන් පසුයි සෛද්ධාන්තිකව ඉදිරියට යන්නේ. නමුත් භාරතීය ගණිතයේදී සීමාවන් නිර්ණයෙන් තොරව කලනය අර්ථදක්වා ඉදිරිපත් කරනවා
උදාහරණ ලෙස සමහරුන් කියනවා විදුලිය කියන්නේ සොයා ගැනීමක් කියලා. නමුත් විදුලිය කියන්නේත් මිනිසාගේ නිර්මාණයක්. ඔම් නියමය, කර්චොෆ් නියම, ෆ්ලේමින්ග් නියම ඔක්කොම නිර්මාණ. විදුලියේ මුල් ව්‍යුත්පන්න විද්‍යුත් ක්ෂේත්‍ර හා චුම්බක ක්ෂේත්‍ර හා බැඳී ඇත. මේවා නොවන්නට විදුලියක් ද නැත. නමුත් මේවාද නිර්මාණ බැවින් විදුලිය සොයාගැනීමක් වන්නේ කෙසේද?
දෑලත් ළහිරු රුවංක

[Continue reading...]

Friday, April 20, 2012

මන්දාකිණියක්‌ මනසෙන් කෙතරම් ඈත පිහිටියේ ද?

- 0 comments

අතීතයට බලපාන පරි සංකල්ප නිර්මාණය යන්න තවදුරටත් පැහැ ලි කළ යුතු වෙයි. බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කර තවම අවුරුදු සියයක්‌ නැත. එහෙත් බෞද්ධයනට සක්‌වළ දස දහස්‌ ගණනක්‌ අවුරුදු දෙ දහස්‌ පන්සියයකට පෙර ද තිබී ඇත. සක්‌වළක්‌ හෙවත් චක්‍රාවාටයක්‌ යනු මන්දාකිණියක්‌ යෑයි අපි කිසිසේත් නො කියමු. මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයන්නට උත්සාහ ගත් අවස්‌ථාවෙහි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වළකනු ලැබූ හ. බෞද්ධයන් එවැනි විශ්වයක්‌ ගැන හුදු ආධ්‍යාත්මික ශක්‌තියෙන් පමණක්‌ දැන සිටි අවධියක බටහිරයන් ගේ විශ්වය සෞර්ය ග්‍රහ මණ්‌ඩලයටත් කුඩා විය
.
මා මෙයින් පෙන්නුම් කිරීමට තැත් කරන්නේ අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයන් ගේ විශ්වවේදී දැනුම බටහිරයන් ගේ දැනුමට වඩා ඉතා උසස්‌ මට්‌ටමක තිබූ බව නො වේ. අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක්‌ හෝ නො තිබුණු බව ය. එවැනි තත්වයක ඊනියා මහා පිපිරුමක්‌ ගැන කතා කිරීම පවා අනවශ්‍ය ය. එහෙත් අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයනට අති විශාල විශ්වයක්‌ තිබුණා පමණක්‌ නො ව ඒ විශ්වය කලක දී ප්‍රසාරණය වන තවත් කලක දී සංකෝචනය වන විශ්වයක්‌ ද විය.

ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නො ව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ ගින් ගට ම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාස ය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහි ව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.
බටහිරයන් කැලණිය විශ්වවිද්‍යාලයයේ විශ්වය නො පිළිගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් ඒ ආකෘතියෙන් අපට බොහෝ කලකට පෙර ඇති විණි යෑයි කියන උද්ධමනය ද, පසුව ඇති වූ මන්දනයක්‌ සහිත ප්‍රසාරණය ද දැන් ඇතැයි කියන ත්වරණයක්‌ සහිත ප්‍රසාරණය ද තේරුම් ගත හැකි ය. එපමණක්‌ නො ව, තව ටික කලකින් නැවතත් මන්දනයක්‌ සහිත ප්‍රසාරණයක්‌ වන බව ද ඉන් පසු ප්‍රසාරණය සංකෝචනයකට පෙරළෙන බව ද අපට අනාවැකියක්‌ පළ කළ හැකි ය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැනගැනීමට අපි පුල පුලා බලා සිටිමු.

එහෙත් අපට මෙහි දී අදාළ වන්නේ එය නො වේ. බටහිරයන් අවුරුදු සියයකට පෙර මන්දාකිණි ගැන දැනගැනීමට පෙර ඔවුන්ට මන්දාකිණි වී ද? මන්දාකිණි යනු විදුලි බල්බ නො වේ. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය නිර්මාණය කිරීමට පෙර ලොවෙහි විදුලි බල්බ නො වී ය. ඔහු විදුලි බල්බය නිපදවා ඒ ගැන දැනගැනීමට පෙර ලොවෙහි කිසිවකුටත් විදුලි බල්බ නො වී ය. එහෙත් මන්දාකිණි ගැන එසේ කීමට හැකි දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අපි පැහැ ලි පිළිතුරක්‌ දෙමු. දැනට අවුරුදු සියයකට පෙර බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඔවුන්ට මන්දාකිණි නො වී ය. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය හා අදාළ සංකල්පය නිර්මාණය කිරීමට පෙර බටහිරයන්ට විදුලි බල්බ නො වී ය. එමෙන්ම බටහිරයන් මන්දාකිණි යන සංකල්පය සහිතව ප්‍රථම වරට මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කරන තුරු ඔවුන්ට මන්දාකිණි නො වී ය.
මෙහි දී පැහැ ලි කරගත යුතු කරුණ නම් වෙනත් කිසිවකුට නො ව බටහිරයන්ට ඉන් පෙර මන්දාකිණි නො වූ බව ය. එහෙත් ඔවුන් ඒ ප්‍රථම මන්දාකිණිය නිරීක්‍ෂණයට කිරීමට පෙර විශ්වයේ මන්දාකිණි නො වී දැයි පඬිවරු අසනු ඇත. අප කියා සිටින්නේ නිරීක්‍ෂකයන් නොමැති ව කිසිවකුට සාපේක්‍ෂ නො වී මන්දාකිණි නො පවතින බව ය. එසේ නම් ඉන් පසුව නිරීක්‍ෂණය කරන ලද මන්දාකිණි ඒ ඒ මන්දාකිණිවලින් ආලෝකය නිකුත් කරන අවස්‌ථාවල හෝ එයට පෙර හෝ නො පැවතියේ ද යනුවෙන් නැවතත් බටහිරයන් ගෙන් ඉගෙන ගත් පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයට ද බලපාන පරි ය. එබැවින් ඔවුන්ට සාපේක්‍ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක්‌ පළමුවෙන් නිර්මාණය වූයේ කෙ නක ද එ න සිට ම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගැනීමෙන් පසුව ය.

වෙනත් වචනවලින් කියන්නේ නම් අවුරුදු සියයකට එහා ජීවත් වු බටහිරයන්ට මන්දාකිණි තිබී නැත. එහෙත් අවුරුදු සියයකින් පමණ මෑතක සිටින බටහිරයන්ට (ඈත්තට ම මන්දාකිණි ගැන අසා ඇති බටහිරයන්ට) ඉතා ඈත අතීතයේ සිට ම මන්දාකිණි ඇත. එමෙන් ම අවුරුදු සියයකට පමණ පෙර සිටි බටහිරයන්ට මෙන් ම ඉන් පසුව සිටින අති විශාල බටහිරයන් පිරිසකට ද බෞද්ධයන් දන්නා සක්‌වළ නැත. ඒ සක්‌වල ඇත්තේ බෞද්ධ පොතපත කියවා ඇති බටහිරයන් අතළොස්‌සකට පමණය ය.

අප නැවතත් අවධාරණය කරන්නේ බටහිරයන් ගේ මන්දාකිණියක්‌ හා බෞද්ධයන් ගේ චක්‍රාවාටයක්‌ යනු එකක්‌ ම නො වන බව ය. එබැවින් බෞද්ධයනට ද චක්‍රාවාට තිබී ඇති නමුත් මන්දාකිණි තිබී නැත. එයින් කියෑවෙන්නේ අවුරුදු සියයකට පමණ පෙර ලෝකයේ කිසිවකුට මන්දාකිණි නො තිබුණු බව ය එහෙත් පඬියන් නැවතත් අසනු ඇත්තේ ඉන් පෙර විශ්වයේ මන්දාකිණි නො තිබිණි ද යන්න ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී නිරපේක්‍ෂව විශ්වයේ අසවල් එක තිබිණි ද නැත් ද යන ප්‍රශ්නය ම අර්ථ ශූන්‍ය ප්‍රශ්නයකි. මෙහි විහිළුවක්‌ ද වෙයි. නිරපේක්‍ෂ යන්න නිරපේක්‍ෂ ව යෙ ය හැකි නො වේ. නිරපේක්‍ෂ වන්නේ ද නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව යෘ නිරපේක්‍ෂව නිරපේක්‍ෂ වීමක්‌ ගැන කතා කළ හැකි ද?

විශ්වයේ යමක්‌ තිබෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී පවත්නා යමක්‌ ගැන කතා කිරීම ම විහිළුවකි. එසේ නම් අවුරුදු සියයකට පමණ පෙර බටහිරයන්ට සාපේක්‍ෂව මන්දාකිණි පැවතීමට පෙර ඒ මන්දාකිණි විශ්වයේ නො තිබිණි ද යන ප්‍රශ්නය කිසිවකු අසනු ඇත. අවුරුදු සියයකට පෙර සිටි බටහිරයන්ට කිසි නෙක මන්දාකිණි නො පවතින්නටත් අවුරුදු සියයකින් මෙහා සිටින බටහිරයන්ට ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි පැවතීමටත් හේතුව ඒ අවස්‌ථාවේ දී බටහිරයන්ට සියලු මන්දාකිණි පහළ වීම දැයි පඬියකු අසනු ඇත.

පඬියා නො දන්නවාට ඔහු අසන්නේ පිළිතුරක්‌ ඇති ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්න ය. එහෙත් එහි තේරුම විශ්වයේ සියලු මන්දාකිණි ඒ අවස්‌ථාවේ දී, එනම් අවුරුදු සියයකට පමණ පෙර, විශ්වයේ භෞතිකව (ද්‍රව්‍යමයව) නිර්මාණය වූ බව හෝ ප්‍රාදුර්භූත වූ බව හෝ නො වේ. ඒ අවස්‌ථාවේ දී බටහිරයෝ විශ්වයේ මන්දාකිණි සංකල්පීය ව අතීතයට බලපාන පරි නිර්මාණය කළ හ. අපට වැදගත් වන්නේ මේ සංකල්පීය නිර්මාණය ය.

සංකල්පය නිර්මාණය වන්නේ සිතෙහි ය. එහි දී සිත අනෙක්‌ ඉන්ද්‍රිය ද, එනම් බටහිරයන් පංචෙන්ද්‍රිය ලෙස ගන්නා ඉන්ද්‍රිය ද, ආධාරයට ගනියි. දුරේක්‍ෂයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඈත මන්දාකිණියක්‌ දෙස ඇසෙන් බලන්නේ මනසෙහි නිර්මාණය වන්නා වූ සංකල්පය ද සමගින් ය. සංකල්පය ද සංජානනය ද එකට ඇති වෙයි. සංකල්පයකින් තොර ව සංජානනයක්‌ හෝ සංජානනයකින් තොර ව සංකල්පයක්‌ හෝ ඇති නො වෙයි.

වචනයෙන් හෝ චින්ත රූපයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්මාණය කෙරෙන සංකල්පයකින් තොර ව සංජානනයක්‌ නැත. සංජානනයක්‌ නොමැති ව ඊනියා බාහිර වස්‌තු නැත. ඒවා බාහිර වස්‌තු ලෙස ගත්ත ද ඒවා අපේ මනස විසින් අනෙක්‌ ඉන්ද්‍රියයන් ආධාර කරගනිමින් ග්‍රහණය කරගනු ලැබුව ද ඒවාහි සංකල්ප ඇති වන්නේ මනසෙහි ය. අප බාහිර වස්‌තුවක්‌ යනුවෙන් හඳුන්වන්නේ අපේ භෞතික ශරීරයෙන් බාහිර ව අවකාශයෙහි පවතින්නේ යෑයි අප විසින් සැලකෙන වස්‌තුවකි.

මේ බාහිර වස්‌තු අවකාශයෙහි අපේ සිරුරෙන් ඈත් වී පවත්නා වස්‌තු ලෙස අප සලකන්නේ ද සිතෙනි. අවකාශය, සිරුර, වස්‌තුව ආදී මේ සියල්ල සංකල්ප නොමැති ව අපට සාපේක්‍ෂව නො පවතියි. අපට ප්‍රශ්නය වී ඇත්තේ මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො ගැනීමට අපට බටහිරයන් පුරුදු කර තිබී ය. මනස ද ඉන්ද්‍රියයක්‌ ලෙස ගත හොත් ඊනියා බාහිර වස්‌තු ද මනසෙහි නිර්මාණ බව පෙනී යනු ඇත. මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති වන්නේ මනසෙහි ය. අපට මනසෙන් තොර ව මන්දාකිණියක්‌ නැත. මනසක්‌ නැති හබල් දුරේක්‍ෂයට මන්දාකිණි තිබේ ද?

එපමණක්‌ නො ව මනසෙන් තොර ව මනසක්‌ ද නැත. මනස නම් සංකල්පය ද මනසෙහි නිර්මාණයකි. මනස යනු කුමක්‌ දැයි බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්‌ස්‌වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට කිසි නෙක තේරුම් ගත නොහැකි සංකල්පයක්‌ බවට පත් වී ඇත්තේ ඔවුන්ට බාහිරව මිස වෙනත් ආකාරයකට ඊනියා වස්‌තු දෙස නො බැලිය හැකි බැවිනි. මනස යනු මනසෙහි ම ඇති වන සංකල්පයක්‌ බව බටහිරයන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ සුසමාදර්ශී විප්ලවයකින් නො ව චින්තන විප්ලවයකින් පසුව ය.

ඊනියා අවකාශයෙහි මන්දාකිණි ඇත්තේ අපේ සිරුරට බොහෝ ඈතින් ය. ඒ දුර මැනෙන්නේ ආලෝක වර්ෂවලිනි. එහෙත් මන්දාකිණියකට මනසෙන් ඇති දුර කොපමණ ද? සංකල්පයක්‌ ලෙස ගත් කල මන්දාකිණිය ඇත්තේ ද මනසෙහි බැවින් මන්දාකිණියකට මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. මෙහි දුර යනු ඊනියා අවකාශයෙහි ඇති දුරක්‌ නො වන බව පැහැ ලි විය යුතු ය. මුළු ලොව ම ඇත්තේ බඹයක්‌ පමණ වූ මිනිස්‌ සිරුර තුළ යෑයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි දැයි අපට සිතාගත හැකි ය. එය ද මනස විසින් කෙරෙන සිතාගැනීමක්‌ බව අමතක නො කළ යුතු ය.

අපට දැන් ප්‍රශ්න නැතිවා නො වේ. එක්‌ පැත්තකින් මනස ද නිර්මාණයක්‌ පමණකි. මනස යනුවෙන් යම් කිසිවක්‌ පවතින බව හා සියල්ල මනසෙහි නිර්මාණ යනුවෙන් පවසන්නේ විඥානවා යෝ වෙති. අපි විඥානවාදීහු නො වෙමු. අපට සදාකාලික ව හෝ යථාර්ථයක්‌ ලෙස හෝ පවතින මනසක්‌ නැත. මනසක්‌ ඇතැයි ගන්නා අය නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත්තේ ද නැත්තේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ නො දෙති. එවැනි ප්‍රශ්නවලට මනස ඇත්තේ ද නැත, නැත්තේ ද නැත ආදී පිළිතුරු වලංගු නො වේ.

//මහාචාර්ය නලින් ද සිල්වා – kalaya.org

[Continue reading...]

Thursday, April 5, 2012

නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම

- 0 comments

බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේබුදුදහම ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය සුවහසක් සිංහල පාඨකයන් සඳහා පරිවර්ථනයකොට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයයි මේ…සියල්ලෝ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහිම සිත පහදවා ගනිත්වා!!

එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී(Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.

ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු “විද්‍යාව” අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. “විද්‍යාව” තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, “යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත”යන්නයි

සැබෑ විද්‍යාව යනු කුමක්දැයි හන්දුනා ගැනීමට, විද්‍යාවෙ පීතෘවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික දර්ශනික ෆ්‍රැන්සිස් බේකන්ගේ(1561 – 1628) අදහස් විමසා බලන්න. විද්‍යාව ප්‍රගමනය විය යුත්තේ කුමක් මතද යන්න සඳහා රාමුවක් ඔහු විසින් ස්ථපිත කලේය. එනම් “යමක නිෂේධාත්මකබව පිළිබඳ වැඩි බලයක් යෙදවීම” මෙහි අදහස නම්, යම් ස්වභාවික සංසිද්ධියක් පැහදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයක් (Theory) විසාධනය(Disprove) කිරීමට යමෙක් තම හැකි උපරිමයෙන් උත්සහ ගතයුතුයි, එය අභියෝගයට ලක් කිරීමට පරීක්ෂණ පැවැත්විය යුතුයි  යන්නයි. යම් සිද්ධාන්තයක් පිළිබඳව තාර්කිකව දැඩි පරීක්ෂණයකට ලක් කොට, එහි දෝෂ සොයාගත යුතුය. විද්‍යාව ප්‍රගමනය වන්නේ එවිටයි. නව සොයගැනීමකට අනුව, යම් සිද්ධාන්තයක් වෙනස්කර පිරිසිඳු කිරීමට හැක. විද්‍යාවේ මෙම මූලික ක්‍රමවේදයට අනුව පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් ඔප්පු කිරීමට නොහැකියි. කල හැක්කේ, පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් විසාධනය කිරීම පමණි.

මංමුලාවූ සමහර විද්‍යාඥයන්ට අනුව පුනරුප්පත්තියක් නොමැත.එනම් සංතතික විඤ්ඤාණයක ආගමනයෙන් නැවත අනුක්‍රමිකව මිනිසත්බවක්(හෝ කිසියම් උපතක්) ලැබිය නොහැක යන්නයි. එසේනම්, විද්‍යානුකූලව පුනරුප්පත්තිය සත්‍යබව ඔප්පු කිරීමට යමෙකුට කලයුතු වන්නේ, නැවත උපදින බවට එකම එක අවස්ථාවක් පෙන්වීම පමණි. නමුත් ඔබ සැම දන්නා පරිදි, මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්, පුනර්භවය පිළිබඳ බොහෝ ආදර්ශනයන් මේවනවිටත්  සපයා ඇත. පුනර්භවයක් නැත යන සිද්ධන්තය මේවන විටත් විසාධනය කර ඇත. දන් එය විද්‍යාත්මක සත්‍යකි!!

සාමාන්‍ය ජනතාවට ඇති විද්‍යාත්මක දැනුම අල්පවේ. තවද, ඔවුන් පුවත්පත් සඟරා ආදියෙහි දැක්වෙන පරිදි “විද්‍යාඥයන් විසින් ප්‍රකශ කරන ලදී” ආදී වශයෙන් දුටුවිට එය නිතැතින්ම සත්ය වශයෙන් අදහීමට යොමුවේ. දැන් මෙය “දේශපාලඥයෙක් විසින් කියන ලදී?” යනුවෙන් යම් තැනකදී කියෙව්වොත්, අපගේ ප්‍රතිචරය කුමක් වේවිදැයි සසඳන්න. විද්‍යාඥයන්ට මෙතරම් අවිවාදිත විශ්වසනීයත්වයක් ලැබුනේ ඇයි? සමහරවිට විද්‍යාඥයන්ට අද ලෝකයේ ඇති ගුප්ත පූජ්‍යත්වය නිසා විද්‍යාවේ භාෂාව සහ පිළිවෙත් සාමන්‍ය ජනතාව කෙරෙන් ඈත්වීමට පටන්ගෙන ඇත. දැකුම්කලු සුදු විද්‍යාගාර ලෝගු ඇඳ, බහු-මාන සමාන්තර විශ්වයන්(Multi-dimensional fractal parallel universes) ආදී නානාප්‍රකාර නොතේරෙන අන්ඩර දෙමළ දේශනාකරන නූතන අල්කෙමිවරුන් පුදුමාකාරයි, ඔවුන් කියන ඕනෑම දෙයක් අප පිළිගනියි. යමෙක් පාප් වහන්සේ බවට පත්වුනාසේ, විද්‍යාව දැන් උත්කෘෂ්ථයි.වෙනස් කිරීමට අපහසුයි.

සමහරු මෙය හොඳින් දනිති. අවුරුදු 30කට පෙර මා උගත් දෙයින් වැඩි ප්‍රමානය දැන් වැරදිබව ඔප්පු කොට හමාරය.විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි. විද්‍යාවට කලහැක්කේ සත්‍ය යොජනා කිරීම හැර සත්‍යට හිමිකම් කීමට කිසිදිනක නොහැකි බව ඔවුන් දනිති. බෞද්ධ වෛද්‍යවරයෙකු වරක් මා සමඟ කියාසිටියේ, ඔහු ඉගෙනගත් සිඩ්නි වෙද විදුහලේ ප්‍රධානී, පුප්‍රසිද්ධ මහාචාර්යතුමා සිය පලමු දින දේශනය අරඹමින් කියාසිටියේ, “අප ඉගන්වීමට යන දෙයින් අඩක් ලබන වසර කිහිපයෙදී වැරදිවේ,ගැටලුව වන්නේ ඒ කුමන අඩද යන්න අප නොදැනීමයි” අන්න නියම විද්‍යාඥයන්.

බුදුදහම, නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. විද්‍යාව මෙන්ම, බුදුදහම පදනම්වී ඇත්තේ හරි වැරදි බැලිය හැකි හේතු-ඵල සබඳතාවයකිනි. නමුත් විද්‍යාව මෙන් නොව බුදුදහම සියලු ඇදහිලි වල පූර්ණත්වය අභියෝගයට ලක් කරයි. සුප්‍රකට කාලාම සූත්‍රයේ සඳහන් පරිදි,යමෙක් උගත්දේ, ඇසූදේ, සම්ප්‍රදායෙන් පැමිණිදේ, අනුමානය,වෙනත් ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්, තර්කයට හසුවූ පමණින්,බාහිර පෙනුමෙන්, සම්මත අදහස් සමඟ එකඟ වූ පමණින් හෝ ගුරුවරයා එකඟ වූ පමණින් කිසිදෙයක් පිළිනොගත යුතු බවයි. විද්‍යාඥයන් කීදෙනෙක් මෙතරම් බරපතල ලෙසෙ තම චින්තනය මෙහෙයවයිද? බුදුදහම සියලුදේට අභියෝග කරයි. එය තර්කයද අතික්‍රමණයකරයි.

මහා විද්‍යාඥ අයින්ස්ටයින්ට පවා, ක්වන්ටම් සිද්ධන්තය ඉදිරිපත්කල මුල් කාලයෙදී එය තරමක් අතාර්කික බව පෙනීයාම පුදුමයට කරුණක් නොවේ. එය තවමත් විසාධනය කොට නැත.තර්කය, එය පාදක වූ උපකල්පනය තරම්ම පමනක් විශවසනීයවේ. බුදුදහම පදනම් වන්නේ පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය මත පමණි.

සුපැහැදිලි ප්‍රත්‍යක්ෂය ඇතිවන්නේ යමෙකුගේ මිනුම් උපකරන වන ‘ඉන්ද්‍රියන්(Senses)’ ප්‍රභාමත් සහ නිරවුල් වූ විට පමණි. බුදුදහමට අනුව මෙය සිදුවන්නේ නීවරණ වන ථිනමිද්ධ හා උද්දච්ඡ කුක්කුච්ඡය යටපත් වූ විටයි. සියලු අගතීන්ගෙන් නිදහස් වූ දෙය පරමාර්ථ ප්‍රත්‍යක්ෂයයි. බුදුදහමට අනුව තුන් ආකාර අගතීන් වන්නේ, ලෝභය, ද්වේශය හා මෝහයයි.තන්හාව නිසා යමෙකුට බැලීමට අවශ්‍ය දේ පමණක් බැලීමට සලස්වයි. එමෙන්ම තන්හාව නිසා සත්‍ය, විමසන්නාගේ කැමැත්තට ලඝුවේ. යමෙකුගේ මතවාදයන්ට බාධාකරන හෝ අවුල්කරන ඕනෑම දෙයක් මගින් ඇතිවන ද්වේෂය නිසා අන්ධ බවට හා සත්‍ය විකෘති බවට පත්කරයි. පුනර්භවය වැනි සම්පූරණයෙන් වලංගු එහෙත් බැලූ බල්මට යමෙකුට පහසුවෙන් නොවටහෙන සත්‍යයන්, විචිකිච්ඡාව හේතුවෙන් හිතුමනාපේ ප්‍රතික්ෂේප කෙරේ.කෙටියෙන් කිවහොත්, පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය  සිදුවනේ, බොදුමගෙහි සඳහන් ‘පංච නීවරණ’ යටපත් වූ විටයි. ඉන්ද්‍රියන් හරහා යමෙකුට ලැබෙන දත්ත විශ්වාස කලහැක්කේ එවිට පමණි.

මක්නිසද යත් විද්‍යාඥයන් සිටින්නේ පංච නීවරණ යටපත්කරගෙන නොවේ. ඔවුන් සිටින්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂයෙන් බොහෝ මෙපිටයි. උදාහරණයක් ලෙස තම සිද්ධාන්ත සමඟ නොපෑහෙන කරදරකාරී පරීක්ෂණ දත්තයන් නොසලකා හරින එසේත් නැත්නම් එය යම් විෂමතාවයක් ලෙස සලකා ඉවත් කරන විද්‍යාඥයන්ට මෙය සාමන්‍ය දෙයකි. බොහෝ බෞද්ධයන්ද මෙසේමයි. යමෙක් මෙම පංච නීවරණයන්(නලකපාන සූත්‍රය, මජ්ජිම නිකාය 68 ට අනුව ) ප්‍රබල ලෙස යටපත් කර ලබන ධ්‍යාන අත්දැකීමක් ලැබිය යුතුයි. ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්ෂය මගින් සැබෑ විද්‍යාඥයන් ලෙස හැඳින්විය හැක්කේ භාවනාවෙන් ප්‍රවීනත්වයට පත්වූවන්ට පමණයි.

විද්‍යාව වාස්තවික නිරීක්ෂණයන් මත පමනක් නොව, මිනුම්(Measurement) මත ද රඳා පවතින්නකි. නමුත් විද්‍යාවට අනුව ‘මිනුම’ යනු කුමක්ද? ක්වන්ටම් සෛධාන්තික විද්‍යාවට අනුව, යමක් මැනීම සඳහා සිදුවිය යුත්තේ නිරීක්ෂනයක් මගින් ශ්‍රොඩිංගර් තරංග සමීකරණය බිඳහෙලීමයි(Collapse the Schroedinger Wave Equation). වැඩිදුර පැහැදිලි කරන්නේනම්, යම් නිරීක්ෂනයක් කිරීමට ප්‍රථම මෙම “නොබිඳුනු” ස්වභාවයේ ඇති ශ්‍රොඩිංගර් තරංග සමීකරණය (“Un-collapsed” form of the Schroedinger Wave Equation), විද්‍යාව සතු ලෝකය පිළිබඳ වඩාත්ම පරිපූර්ණ පැහැදිලි කිරීම වියහැක. එම විග්‍රහය විකෘතියකි. ශුද්ධ විද්‍යාවට අනුව යථාර්තය යනු; පදාර්ථ, ශක්තීන් හා අවකාශය තුල පිහිටීම් යන දේ වලින් සැදුම් ලද්දක් නොව, මැනීමක් වනතුරු පවතින දේය.මේ අනුව, යථර්තය යනු එකකට වඩා අනෙක සිදුවීමට ඇති යම් සම්භාවිතාවක් සහිත, සියලු දෙය වසාගත් අපැහැදිලි යමකි.මූලික මිණිය හැකි ගුණාංගයන් වන ‘පණ ඇතිබව’ හෝ ‘මරණය’ පවා විද්‍යාවට අනුව සිදු නොවිය හැකි ස්වභාවයන් ලෙස පෙන්වාදී ඇත.උදාහරණයක් ලෙස, කුප්‍රකට ‘Schroedinger’s Cat’ thought පරීක්ෂයණයට අනුව, මහාචාර්ය ෂ්‍රෝඩිංගර් තම බලළා පණ ඇත්තේත් නැති නැත්තේත් නැති සැබෑ තත්වයකට පත්කලේය.පසුව මෙවැනිදේ අරුත්සුන් ප්‍රයත්න බවට පත්වින.ක්වන්ටම් සිද්ධාන්තයට අනුව යතාර්ථය මිනුම් ඉක්මවා යන්නකි. මැනීම සත්‍ය තත්වය දකීමට ඇති බාධාවක් මිස එමගින් ඇතිතතු පරිපූර්ණව පැහැදිලි නොකරයි. සැබෑ ක්වන්ටම් ලෝකයත් මැණුම් සහිත බොරු විද්‍යා ලෝකයත් අතර පවතින නියත දෝෂය පෙන්වන ලද්දේ හයිසෙන්බර්ගෙ සුප්‍රකට ‘අවිනිෂ්චිතතා මූලධර්මය’ (Uncertainty Principle) මගිනි.

කෙසේ වෙතත්,මෙම මනින්නා වන සිත මනින්නේ කෙසේද? මෑතකදී මා සහභාගීවු විද්‍යාව හා ආගම පිළිබඳ සම්මන්ත්‍රණයකදී, සභාගැබේ සිටි කතොලිකයකු උජාරුවෙන් කියා සිටියේ, දුරදක්නයකින් තරු නිරීක්ෂණය කරනවිට ඇයට තම ආගම එමගින් තර්ජනයකට ලක්වෙතැයි තමන් අපහසුතාවයට පත්වන බවයි.එවිට මා කියා සිටියේ,යම්විටක නිරික්සන්නා නිරීක්ෂනණය කිරීමට විද්‍යාඥයකු දුරදක්නයේ අනෙක් කෙලවරෙන් බැලුවහොත්, ඇසින් දැකීම යන ක්‍රියාව සිදුකරන්නෙ කුමක් විසින්දැයි සිතාගත නොහැකිව ඔවුන් අපහසුතාවට පත්වේ යන්නයි. මක්නිසාද යත්, ඔවුන්ගෙ විද්‍යාව, එමගින් තර්ජනයට ලක්වඇති හෙයිනි. ඉතින් මෙම දැකීම සිදුකරන්නෙ කුමකින්ද? නූතන විද්‍යාව ඉක්මවායන මේ සිත කුමක්ද?
පලමු වසරේ ගුරුවරියක් වරක් තම පංතියෙන් අසා සිටියෙ, “ලෝකයේ ඇති ලොකුම දේ කුමක්ද?” යන්නයි. “මගේ තාත්තා” යැයි එවිට කුඩා දැරියක් පිලිතුරු දුන්නාය. “අලියා” තවත් කුඩා දරුවෙකු පිලිතුරු දුන්නේ ඔහු මෑතකදි සත්තු වත්ත නරඹා ඇති නිසාවෙනි. තවත් දැරියක් යොජනා කලේ “කන්දක්” ලෙසයි. අවු. 6ක් වයසැති මගේ මිතුරාගේ දියනිය පිලිතුරු දුන්නේ, ලොව ඇති විශාලමදේ “මගේ ඇස” ලෙසයි. මුලු පංතියම පුදුමයට පත්විය. ගුරුවරියට පවා මෙම පිළිතුර නොතේරිනි. එවිට මෙම දැරිය පැහැදිලි කලේ,” මගේ ඇහෙන් අරයගෙ තාත්තයි,අලියයි, කන්දයි, තව ගොඩක් දේ බලන්න පුලුවනි; එහෙනම් මගේ ඇහැ තමයි ලොකුමදේ…” අපූරුයි!!

ඇත්තෙන්ම ඇය එතරම්ම නිවැරදි නැහැ.කෙනෙකුගෙ ඇසින් දැකිය හැකි සියල්ල සිතින් දැකිය හැක, එමෙන්ම සිතින් බොහෝදේ මනෝමයවශයෙන් ගොඩනැගියහැක. එමගින්, ඇසීම, ගඳ සුවඳ දනීම, රස දැනීම, පහස දනීම මෙනම සිතීමද කල හැක. ඇත්තෙන්ම, දන්න සියල්ල සිත නැමති දෙය තුලට එබ්බවිය හැක.එමනිසා, ලෝකයේ ඇති විශාලම දෙය වියයුත්තේ සිතයි.විද්‍යාවට සිදුවූ අත්වැරැද්ද දැන් පැහැදිලියි. සිත යනු මොළයවත් ශරීරයවත් නොවේ.මොළය, ශරීරය ඇතුලු ලොව ඇති අන්සියලුදේ ඇත්තේ සිතේ..!!

බුදුදහම ඇදහීම් පද්ධතියක් නොවේ. එය සමථ විදර්ශනා භාවනාව නම් වාස්තවික නිරීක්ෂණයන් මත ගොඩනැගුනු සැබෑ විද්‍යාවකි. කෘතීම මිනුම් මගින් ඇතිතතු වැසීයාමට නොදීමට භාවනාවට හැක. එය නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැක්කකි.

ශතවර්ෂ 26ක් කාලයක් පුරා බොහෝ මිනිසුන් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග නම් පරීක්ෂණ තත්වයන් තම ජීවිත තුල නැවත් නැවතත් ප්‍රතිනිර්මණය කරමින් සිටිති. එය ඊනියා විද්‍යාවට වඩා බොහෝ කාලයකි. සමථ විදර්ශනා භාවනාව පිළිබඳ උත්කෘෂ්ට මහාචාර්‍යවරුන් වන අරහත් භික්ෂු භික්ෂුනීන්වහන්සේලා, එදා බුදුරජානණන්වහන්සේ ලද අත්දැකීම ඒ අයුරින්ම ලැබූසේක.උන්වහන්සේලා ඒ අකාලික අමා දහම් නියමය එනම් බුදුදහම ඔප්පු කරන ලදී.ඉතින් එකම සැබෑ විද්‍යාව වන්නේ බුදුදහමයි. ප්‍රකාශ කිරීමට  සතුටුයි, අදත් මා හදවතින් විද්‍යාඥයෙක්. කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම් මා කිසිදා නොවියහැකි තරම් විශිෂ්ට විද්‍යඥයෙක්!!


ඉංග්‍රීසි ලිපිය කියවීමට ක්ලික් කරන්න
- Pathum Denipitiya / sanskhara
[Continue reading...]

Thursday, March 1, 2012

අයන ගෝලය පාලනයෙන් රටවල් සුණු විසුණු කළ හැකි අති බිහිසුණු යුද අවියක් ඇමරිකාවේ

- 0 comments

නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු උපත ලබන විට පරිසරය පරිසරයම බිහිසුණු විදුලි ගර්ජනා වලින් දෙදරා ගිය විට විට මෙන්ම ඔහු අවසන් ගමන් යන විටද ඔහුගේ ම විදුලියෙන් දිලියෙන නගරයක් ඔහු වට කර ගෙන සිටියේය.පසු කලෙක අමෙරිකාවේ පුරවැසියකු බවට පත්වූ ටෙස්ලා, ප්‍රේරණ මෝටරය, ප්‍රත්‍යාවර්තක විදුලිය. ටෙස්ලා දගරය, වයර් නොමැති තොරතුරු හුවමාරුව ඇතුළු සොයා ගැනීම් විශාල ගණනකට හිමිකම් කියයි. අද අප භාවිතා කරන ජංගම දුරකථන රූපවාහිනී ගුවන් විදුලි යන්ත්‍ර පරිගණක, විදුලි පංකා විදුලි මෝටර් රථ, අපගේ නිවෙස් ආලෝකමත් කෙරෙන විදුලිය , විදුලි ට්‍රාන්ස් පෝමරය, විදුලි දුම්රිය, විදුලි මීටරය, අකුණු සන්නායක එක්ස් රේ කිරණ, දුරස්ථ පාලකය, යාන්ත්‍රික මිනිසුන් ආදී සොයා ගැනීම් සිය ගණනක පුරෝගාමියා වන්නේ හෝ හිමි කරුවා වන්නේ මේ නිකොලා ටෙස්ලායි. ඔහු නොසිටියේනම් මේ කිසිවක් අද දින වන විට අප භාවිතා කරයි යැයි නිසැකව පැවසිය නොහැක. ඔහු සතුවුනු පේටන්ට් සංඛ්‍යාව දැන ගනීමට ඇවැසි නම් මෙම යොමුවෙන් දැක ගත හැකි වන නමුත් මීට අමතරව පේටන්ට් නොදෙන ලද සොයා ගැනීම් හා නිර්මාණ සංඛ්‍යාවද අතිමහත්ය.

පෘථිවියේ සිට අනෙක් ග්‍රහලෝක වෙත විදුලි පණිවුඩ නිකුත් කිරීමේ සිහිනය මුලින්ම දුටුවේද නිකොලා ටෙස්ලාය. එසේම තාරකා යුද වැඩ පිළිවෙළ මෙන්ම තරංග මගින් කාලගුණය පාලනය කිරීමට හැකි වන බවද මුලින්ම දන්වා සිටියේ ටෙස්ලායි. සෑම විටම තමන් සිටි කාලයට වඩා ඉදිරියෙන් සිටි ටෙස්ලාගේ සිතිවිලි නිවැරදිව වටහා ගැනීමට හැකි වූයේ එවකට සිටි කිහිප දෙනෙකුට පමණි. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවකු වුණු නිකොලා ටෙස්ලාගේ සාර්ථකත්වයට හේතුව පිළිඹද සමහර කෙනෙක් පවසන්නේ ඔහු සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමයෙන් පිට සිතීමට පුරුදු වීම නිසා බව පැවසේ. 1890 ගණන් වලදී නිව්යෝර්ක් නගරයට පැමිණි යෝගී ස්වාමී විවේකානන්දන් ටෙස්ලා තුළ ඇති කළේ චිත්ත විප්ලවයකි. පුරාණ වෛදික ග්‍රන්ථ හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සාහා ගත් ඔහු පසු කලෙක ලියන ලද බොහෝ ලිපි වල දක්වා තිබුණේ තමුන්ට ආගමක් පිළිගැනීමට සිදුවේ නම් තමුන් පිළිගන්නේ බුදු සමය බවයි. එසේම සමහර නිර්මාණ ඔහු දැක තිබුණේ සිහිනෙනි.

කම්බි නොමැතිව සංඥා යැවිය හැකි බවද ඒ අනුව ලොව පුරා විහිදුවා හැරිය හැකි රේඩියෝ සංඥා පද්ධතියක් ඉදි කල හැකි බව මුලින්ම පෙන්වූ ටෙස්ලා ඒ සදහා ජේ පී මෝර්ගන් නැමති ආයෝජකයකුගේ සහාය ලබා ගත්තේය. නමුත් ඒ සදහා ප්‍රථම කුලුණ ඉදි වත්ම ගුග්ලිමෝ මාර්කෝනි නැමැත්තකු විසින් එවැනි කුළුණක් මුලින්ම නිර්මාණය කල බව ටෙස්ලාට දැන ගනීඹට ලැබුණි. තමුන්ගේම නිර්මාණය වුවත් රේඩියෝව සොයා ගනීමේ ගෞරවය ටෙස්ලා අතින් ගිලිහෙන්නේ එලෙසිනි. ‍එසේම එක්ස් කිරණ මුලින්ම යොදා ගැනීමේ ගෞරවයත් ටෙස්ලාට හිමිවිය යුතු බව පැවසේ.
නමුත් නිකොලා ටෙස්ලාගේ ශ්‍රේෂ්ඨතම සිහිනය වූයේ රැහැන් නොමැති විදුලි මගින් මුලු ලොවටම නොමිලේ විදුලිය ලබා දීමයි. පෘථිවියෙන් පිටත සිටද පෘථිවිය තුලද සැරි සරණ දහස් ගණනක් විද්‍යුත් චුම්බක තරංග පිළිඹදවද අධ්‍යයනය කල ටෙස්ලා එම තරංග යොදා ගනිමින් නොමිලේ විදුලිය ලබා ගැනීමේ උත්සායක් දැරුවේය.ලොව පුරා දුප්පතුන් හා ධනවතුන් වෙනසක් නොබලා බලය බෙදා දීම ඔහුගේ සිහිනය විය. එසේම ටෙස්ලාගේ මෙම සිහිනය සැබෑ වුවහොත් සාගර තරණය කරන නෞකාවේ සිට මෝටර් රථ නිවෙස් හා අහසේ ගමන් කරන ගුවන් යානාද මෙහි ප්‍රයෝජනය නොමිලේ ලබනු ඇත. විද්‍යුත් චුම්බක තරංග විකාශනය කරන ලෙසම මෙසේ කල හැකි බව පෙන්වූ ටෙස්ලා ඔහුගේ විද්‍යාගාරයේ සිට සැතපුම් ගණන් දුර ස්ථාන වල සිට රැහැන් නොමැතිව විදුලි බුබුළු දල්වා පෙන්වීය. ලොව පුරා පිහිටුවන කුලුණු මගින් ලබා පරිසරයේ ඇති ස්වාභාවිත තරංග ශක්තිය ට්‍රාන්ස් පෝමර භාවිතයෙන් වැඩි දියුණු කර අනතුරැව ලොව පුරා බෙදා හැරීමට ඔහුට හැකි වනු ඇත. ඔහුගේ විද්‍යාගාරයට ඉහළින් එසවුණු කුලුණෙන් අහසට සිට නිල්වන් විදුලි ධාරා ඇදී ගිය අතර සැතපුම් ගණන් දුර ප්‍රදේශ වල අහස ගුගුරවමින් කලු වලා වන්ගෙන් වැසී යන්නට විය.
ගුවන් විදුලි සිහිනය බිද වැීමෙන් අමනාපයට පත් මොර්ගන් ටෙස්ලා තනිකර යාම උත්සහ දරන විට එය වළක්වා ගැනීමට ටෙස්ලා තම සිහිනය වුණු රැහැන් නොමැති විදුලිය ලොව පුරා බෙදා හැරීම පිළිඹදව මොර්ගන්ට දන්වා සිටියේය. ඔවුන් ඉදිකළ කුලුණ පළමුවෙන්ම මේ සදහායාදා ගැනෙනු ඇත.
නමුත් කථාන්තර වලට අනුව ජේ පී මෝර්ගන් විමසා සිට ඇත්තේ එකම පැනයකි.
මීටර් සවි කරන්නේ කොහේද?

මෝර්ගන් ඉවත්ව යාමත් සමග ටෙස්ලාගේ මෙම නොමිලේ විදුලිය ලබා දීමේ සිහිනය බිද වැටුණි. පසු කලක හමුදා අතින් ‍මෙම කුලුණ විනාශ වුණු අතර ටෙස්ලා ගේ සාමාණාත්වතාවය නැවතත් ලොවට ලබා දීමට කිසිවකු උත්සාකලේ දැයි හෝ කිසිවකු ටෙස්ලා කල පරිදි එය කිරීමට හැකියාවක් ලබා ගත්තේදැයි දැන ගනීමට නොමැත. නමුත් ඒ බිද වැටුණේ ලෝකය වෙනතක හැරවීමට තිබුණු මහා පාලමකි. නමුත් තවත් කතාවකට අනුව තම නිර්මාණයේ ඇති බිහිසුණු පැත්ත ටෙස්ලාම දුටු නිසා එය නවතා දැමූ බවද කියවේ. මන්ද යත් ඕනෑම අවස්ථාවකදී අයන ගෝලයේ සිට ‍වොල්ට් බිලියන දෙකක පමණ විදුලි ධාරවක් පොළවට ඇද දැමීමට එයට හැකියාව තිබුණු බැවිනි. අහස් යානා නෞකා මහා නගර සැණෙකින් අලුවී යනු ඇත. පරමාණු බෝම්බය ඉක්මවා යන බලයක් ඉන් ජනිත වනු ඇත.

කෙසේ වුවත් 1936 වසරේ ටෙස්ලා වෙතින් ලැබුණේ අමුතුම ආරංචියකි. එනම් ඔහු මාරාන්තික අවියක් නිපදවා ඇති බවයි. “Particle Beam Weapon” ලෙස හැදිණුවුණු මේ මගින් ටෙස්ලා බලාපොරාත්තුව වී ඇත්තේ ලෝක සාමයයි. ඔහු එහි සටහන් වෙන් කර තම රටට සීමා නොකර තවත් රට වලට ලබා දුන්නේ එබැවිනි. එවිට කිසිදු රටකට තවත් රටකින් අනවසරයෙන් ලගා වීමට නොහැකි වනු ඇත. එසේ වුවත් එය වරදවා තේරුම් ගැනීම ටෙස්ලාට ඉතිහාසයේ නියමිත ස්ථානය හිමි නොවීමට හේතුව බවද පැවසේ. මුලින්ම තාරකා යුද වැඩ පිළිවෙළ පිළඹදව මෙසේ සිහින දුටුවේ ටෙස්ලායි.

ටෙස්ලා විසින් සිදු කරන ලද නිර්මාණ හා සිත්ගන්නා සුලු පර්යේෂණ නිමැවුම් සිය ගණනක් අන්තර් ජාලය තුළින් සොයා ගනීමට හැක. වරක් ටෙස්ලාගේ පර්යේෂණ වලට සහභාගී වුණු ලේඛකයකු වුණු රොබර්ට් අන්ඩර්වුඩ් නැමැත්තා පවසා තිබුණේ මිනිසකු ක්ෂණයකින් මරා දැමීමට සමත් වොල්ට් දහස් ගණනක විදුලිය ඔහුගේ පර්යේෂණා ගාරය තුළදී තම සිරුර හරහා ගිය බවත්, මෙම විදුලිය කිසිදු හානියකින් සිදු නොකරන බවත් ඔහු පවසා තිබුණි.

අතිශයින් නිර්මාණශීලී වෙනස් ලෙස සිතන්නකු වූ ටෙස්ලාගේ ‍සමහර පර්යේෂණ අද දක්වාත් ලොව පුරා සිදු වනු ඇත. නොබෙල් ත්‍යාග දහසක් ලබා දිය යුතු වුවත් එකදු නොබෙල් ත්‍යාගයවත් නොලබා අවසන් කාලයේ වැඩි මුදලකටවත් හිමි කම් නොකිවූ ටෙස්ලාගේ කතාව එසේ අවසන් වුවත් 1979 වර්ෂයේ ටෙස්ලාගේ පර්යේෂණ ප්‍රතිනිර්මාණය කරමින් සිදු කල ජෝන් හචිසන් නැමැත්තාට අත් දකින්නට වූයේ අමුතුම සිදු වීමකටයි. ටෙස්ලා දගර ගණනාවක්, ස්ථිති විද්‍යුත් යන්ත්‍රයක්, වැන් ඩී ග්‍රාප් ජනකයක් සමග පර්යේෂණ කල හචිසන් අක්‍රමවත් විද්‍යුත් චුම්බක ශක්තිය නිසා තම පර්යේෂණා ගාරය තුළදී ප්‍රතිගුරුත්වය, ලෝහ ජෙලි මෙන් මෘදු වීම. ලෝහ හා ලී වැනි ප්‍රති විරුද්ධ මාධ්‍ය එකිනෙක හා කිරීම වැනි අද්භූත කරුණු ගණනවාක් විටින් විට යම් යම් අවස්ථාවල සිදුවනු අධ්‍යයන කළේය. නමුත් මෙය නැවත නැවත සිදු කිරීමට අපොහොසත් වුණු ඔහු අවසානයේ මෙවැනි සිදුවීම් වීඩියෝ පටි ගත කර අමෙරිකානු ආරක්ෂණ අංශ වලටද පෙන්වා ඇති මුත් නැවතත් සිදු කිරීමට අපහසු වීම නිසා ඒ පිළිඹදව කිසිදු අවධානයක් ලබා ගැනීමට සමත් වී නොමැත.

හචිසන් විසින් සිදු කරන සම්මුඛ සාකච්ඡා බොහෝමයක් අන්තර් ජාලය තුළ දැක ගනීමට හැකි අතර ඔහු විසින් වීඩියෝ ගත කල බව පැවසෙන අද්භූත වීඩියෝ දර්ශන කිහිපයක් ඉහත වීඩියෝ තුළින් දැක ගනීමට හැක. නමුත් හචිසන් බොරු කාරයකු බවට කෙරෙන චෝදනා ප්‍රමාණය වැඩිය. මෙය වැඩි දියුණු වීමට ප්‍රධාන හේතුවක් වූයේ වරක් ඔහු විසින් ඉදිරිපත් කල වීඩියෝවක ඉහළින් එල්ලන ලද කම්බි කැබැල්ලක් දැක ගනීමට ලැබීමයි. පසුව එය පිළිගත් ඔහු විසින් පවසා තිබුණේ එය සත්‍යයක් බවත් හදිස්සියේ සිදුවන එම සිදුවීම් නැවත ප්‍රති නිර්මාණය කිරීමට නොහැකි නිසා එවැනි දෙයක් සිදු කල බවත්ය ඒ හැරුණු කොට තමුත් අත්දුටු දේ සත්‍ය බව ඔහු පවසයි. මෙම සිදුවීම් හචිසන් සිදුවීම (HUTCHISON EFFECT) ලෙස ප්‍රචලිතය. ඔහු නිවැරදි නම් සමහර විට නිකොලා ටෙස්ලා වැනි වෙනස් චින්තකයකුට එවැන්නක් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනු ඇත. සමහර විට විද්‍යුතය කාන්දම් බලය ආදිය පිළිඹද අද විද්‍යාවේ නිර්වචන නිවැරදි නොවනවා වන්නටද ඇත.
හාර්ප්

පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් අනූවක් පමණ දුරින් පෘථිවිය ආරක්ෂා කෙරෙන පවුරක් වැනි වූ ආරෝපිත අංශු හා පරමාණු වලින් සැදි ගෝලය අයන ගෝලය “Ionosphere” නමින් හැදින්වේ. ස්වභාවික විදුලිය ලබා ගැනීමේ ටෙස්ලාගේ සිහිනයට සැබෑකර දීමට සැදී පැහදී සිටියේ මේ ගෝලය හා ඒ මගින් නිකුත් වන අංශුයි. අයන ගෝලය නොමැති නම් හිරුගේ සිට පැමිණෙන ජීවීන්ට අහිතකර නොයෙකුත් විකිරණ වලට ලක්වී පෘථිවිය මතින් ජීවය අතුගෑ වී බොහෝ කල් වනු ඇත. එසේම අයන ගෝලයේ සිදුවන කැළඹීම් නිසා නිරතුරුව පෘථිවිය මත කාලගුණික විපර්යාස ඇති වේ. අකුණු ගැසීම් සුළි සුළං වර්ෂා ආදිය මෙයට උදාහරණ වේ.
ටෙස්ලා දුටු සිහින දැන් වෙනස් ආකාරයෙන් එම තාක්ෂණයම උපයෝගී කර ගනිමින් දැන් කරළියට පමිණ ඇති අතර එය හාප් (HAARP – High Frequency Active Auroral Research Project) ලෙස හැදින්වේ. හාර්ප් යනු අහසට යොමු වුණු දැවැන්ත ඇන්ටෙනා පෙළකි. 1990 ගණන් වල අමෙරිකානු නාවික හා ගුවන් හමුදා පාලනය යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට මූලික වූයේ අයන ගෝලය පිළිඹද හැදෑරීම, සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම, පොළව මත සැගවුණු ගෑස් නිධි සොයා ගැනීම ආදිය බව පැවසේ. අයන ගෝලයේ කැලඹීම් සිදු වන විට චන්ද්‍රිකා මගින් තොරතුරු හුවමාරු කර ගැනීමට අපහසු වේ. මෙම හාර්ප් ඇන්ටෙනා මගින් වෝල්ට් බිලියන ගණනක, අධි තරංග සංඛ්‍යාතයකින් යුත් රේඩියෝ තරංග පෙළක් මෙම අයන ගෝලය වෙත මුදා හරී. අයන ගෝලය වෙත පතිත කෙරෙන මෙම තරංග ධාරාවෙන් හිරු මගින් කෙරෙන ලෙසම අංශුවෙත ශක්තිය ලබා දෙමින් අයන ‍ගෝලයේ උෂ්ණත්වය වැඩි කරන අතර එම නිසාම එම වන කොටස පෘථිවි තලයෙන් මදක් ඈත් කිරීමටද මෙමගින් හැක.

සාමාන්‍යයෙන් අයන ගෝලය මගින් සිදු කෙරෙන විද්‍යුත් චුම්බක පරාවර්තනය මෙම නිසා වැඩි දුරකට සිදු කිරීමට හැකි වීම නිසා සන්නිවේදනය වැඩි පරාසයක් තුළ සිදු කිරීමටද වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග මෙම අයන ගෝලය උපයෝගී කරගෙන නිර්මාණය කරගෙන ලොවපුරා යැවීමටත් හැක. නමුත් මෙම ක්‍රියාවලිය හා අයගෝලයේ සිදුවන වෙනස් කම් තවත් භයානක ක්‍රියාවන් රැසකට මුල පාදා දෙයි. ටෙස්ලා පැවසූ ලෙසම කාලගුණ පාලනය මින් එක් අවස්ථාවකි. ඇවැසි ලෙස සුළි සුළං, ගංවතුර ඇති කිරීම හෝ අයන ගෝලයේ සිට ඇවැසි ස්ථානයකට බිලියන ගණනක විදුලියක් පොළව වෙත පතිත කිරීම මෙමගින් සිදු කල හැක. සංඥා හුවමාරු කිරීමට නොහැකි කිරීමටද මෙමගින් හැක. එසේම එය උපයෝගී කර ගෙන පොළව වෙත පතිත කෙරෙන අඩු සංඛ්‍යාත තරංග ධාරා (VLF) මගින් භූමි කම්පා ගිනිකදු ක්‍රියාකාරීත්වය ආදිය ඇති කිරීම, අයන ගෝලය හරහා පරාවර්තය කෙරෙන තරංග මගින් මිසයිල හෝ අහස් යානා විනාශ කිරීම , කිසිවකට ගමන් කල නොහැකි ප්ලස්මා ඇති කිරීම, අයන ගෝලය තවත් ශක්තිය යොදා සිදුරු කිරීමෙන් පෘථිවියේ ඕනෑම නගරයක් හිරුගේ සිට පැමිණෙන අහිත කර විකිරණ වලට කෙළින්ම මුදා හැර සැණෙකින් ජීවයෙන් පහ කිරීම ආදී බොහෝ දේ කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ. මේ සියල්ල විද්‍යා ප්‍රබන්ධ නොව අයන ගෝලය පාලනය කිරීමෙන් සිදු කල හැකි දේය.

නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන අමෙරිකානු නිලාධාරීන් පවසා සිටින්නේ මෙම කිසිදු හානිකර ක්‍රියාවක් කිරීම මෙමගින් සිදු නොකරන බවයි. නමුත් මෑතකදී ජපානයට හා හයිටියට ඇතිවුණු භූමි කම්පා ආදියට හාර්ප් වග යුතු බව සමහරුන් ඉගි කරති. හාර්ප් වැඩසටහනේ නිශ්චිත අරමුණ තවමත් අපැහැදිලි වුවත් තවත් අය පවසන්නේ පෘථිවියේ ජීවය රැදී ඇති මෙම අයන ගෝලය සමග සෙල්ලම් කිරීමම අතිශයින් භායානක දෙයක් බවයි. දැනට ප්‍රවේශමින් තෝරාගත් ලොව පුරා ස්ථාන දොළොසක පමණ මෙම හාර්ප් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. කෙසේ වුවත් නිකොලා ටෙස්ලා ලෝකයේ යහපත උදෙසා කල නිර්මාණ වලින් වැඩි කොටසක් අද වන විට ලෝකයේ විනාශය සදහාම යොදා ගෙන ඇති බව නම් ඉතාමත් නිවැරදි කරුණකි.

- රංග නානායක්කාර/sinhalabuddhist.com
[Continue reading...]
 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger